Friday, March 29, 2024

අපි දැනටමත් දිනුම් – අසාද් සාලි

අසාද් සාලි විසිනි

පවතින පවුල්වාදය , දුෂණය , වංචාව තවදුරටත් සිදු නොවිය යුතු බවට ජනතාව මේවන විට තීරණය කර තිඛේ. ජනතාවට නිදහසේ තම කටයුතු කරගෙන යාමට, ජනමාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තියේ නිරතවීමට අවස්ථාව හිමිවිය යුතුය. ඊයේ මහනුවර පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන රැළියට රැස්වු ජන ගංගාව එතුමාගේ ජයග්‍රහණයට ප්‍රබල සාක්ෂියක් බව සඳහන් කල යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට ද ජයග්‍රහණය කර අවසන්ය. ඊයේ මහනුවර රැළියේදී ද ජනතාවගෙන් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට ඉහළ පිලිගැනීමක් තිබුනි.

රජයේ දුෂණ වංචාවලට රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ද සම්බන්ධ වී තිඛේ. රේගුව හරහා අදාළ බදු ගෙවීමකින් තොරව මැතිවරණය වෙනුවෙන් ඛෙදාහැරීමට භාණ්ඩ සහ මුද්‍රණ පති්‍රකා විශාල ප්‍රමාණයක් ගෙන්වා තිඛේ. විවෘත කිරීමකින් තොරව කන්ටේනර් රැසක් ද රේගුවෙන් පිටකරවාගෙන තිඛේ. වසර එක හමාරක කාලයක් තුල රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් 3 දෙනෙකු මාරු කර යවා ඇත. මෙම සියලු සිදුවීම්වලට අදාළ තොරතුරු අප සතුව තිඛේ. එම තොරතුරු අප අවශ්‍ය නියම වේලාවට හෙළිකරන බව සඳහන් කල යුතුය.

මහින්ද රාජපක්ෂ මැතිවරණය පිළිබඳ මේවන විට විශාල බියකට පත්වී සිටී. ඊයේ ඔහු හදිසියේම එක්සත් ජාතික පක්ෂයෙන් එක්වු තිස්ස අත්තනායක සමග ඉන්දියාවේ තිරුපති කෝවිලෙන් ආශීර්වාද ලබාගැනීමට පිටත්ව ගොස් තිඛේ. කෙසේවෙතත් මෙහිදී පෙන්වා දිය යුතු වන්නේ පවු කල පුද්ගලයන් ආරක්ෂා කිරීමට දෙවියන්ට නොහැකි බවයි. මහින්ද රාජපක්ෂ සිය පරාජය දැනටමත් පිළිගෙන තිඛේ. ඔහු මෙලෙස දෙවියන්ගේ පිහිට ලබාගැනීමට තීරණය කර ඇත්තේ එම පරාජය පිළිගැනීම හේතුවෙන් බව සඳහන් කල යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා රජයට එක්වුව ද ඔහු ජාතික ලැයිස්තුවෙන් පත්වු මන්ත්‍රීවරයෙකි. ඔහුගේ ආසනය වන කුණ්ඩසාලේ ආසනය ජයග්‍රහණය කරවා ගැනීමට ද ඔහුට හැකිවුයේ නැත. තිස්ස අත්තනායක පසුගිය මැතිවරණ 29 ක් පරාජයට පත්වු අතර පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ 29 ක් ජයග්‍රහණය කර තිඛේ. එමෙන්ම රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , අතුරලියේ රතන හිමියන් , පාඨලී චම්පික රණවක, ප්‍රසන්න සෝලංගාරච්චි මෙන්ම හුනයිස් ෆාරුක් වැනි පොදු විපක්ෂයට සහය පළ කරන හිටපු මැති ඇමතිවරුන් විශාල ඡන්ද පදනමක් සහිත අය බව සඳහන් කල යුතුය. ඔවුන්ගේ සියලු ඡන්දවල එකතුව අටලක්ෂ තිස් දෙදහසකට අධික වේ. ජනාධීපතිවරයා නාම යෝජනා භාරදුන් දිනයේ ප්‍රකාශ කලේ මහලේකම්වරයකු විපක්ෂයට එක්වන විට තමන්ට ද විපක්ෂයෙන් මහලේකම්වරයකු ලබාගැනීමට හැකි බවයි. එහෙත් තිස්ස අත්තනායකගේ ඡන්ද පදනම සහ රජයෙන්ව විපක්ෂයට එක්වු මැති ඇමතිවරුන්ගේ ඡන්ද පදනම පිළිබඳ මෙහිදී සොයා බැලිය යුතුය. විශේෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා යනු සුපිරිසිදු චරිතයකි.

මෙවර ජනාධිපතිවරණයේදී සහය දෙන පාර්ශවය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජිතයන් ඊයේ දිනයේදී ද රැස්වී සාකච්ඡා කර තිඛේ. එහෙත් එහිදී ඔවුන්ට අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබී නැත. ඊට සහභාගී වු මුස්ලිම් නියොජිතයන් අවධාරණය කර ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රසය තවදුරටත් මෙම තීරණය ගැනීම කල් දමමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ රජයට සහය දැක්වීමට බවයි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය අවසන් කිරීමට සියලු මුස්ලිම් ජනතාව ඒකරාශී වී ඇතැයි ද මුස්ලිම් කොන්ග්‍රස් සාකච්ඡාවට සහභාගී වු මුස්ලිම් නියෝජිතයන් අවධාරණය කර තිඛේ.

රාජ්‍ය රූපවාහිනී නාලිකා මේ දිනවල ගෙන යන වැඩපිළිවෙල හෙළා දැකිය යුතුය. නාම යෝජනා භාරදෙන දිනයේදී ද ඔවුන් පෞද්ගලික නාලිකා සමග ගැටලුකාරි තත්වයක් ඇතිකරගෙන තිබුනි. රජයේ නාලිකා රජයේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යන ආයතන බවට ද පත්ව තිඛේ.

රජය ජනතාවට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදිය යුතුය. රජය තවදුරටත් ජනතාව මර්දනය කිරීමට කටයුතු කලහොත් ඔවුන් විපක්ෂ නායකවරයාගේ නිවසටම පැමිණ ඒකරාශී වන බව අවධාරණය කල යුතුය. මෙවර ජනාධිතිවරණයෙන් පරාජයට පත්වුව ද ජනාධිපතිවරයා තමන් බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරණය පරාජයට පත්වන බව දැන ගැනිම හේතුවෙන් ඔහු එවැනි ප්‍රකාශයක් කර තිඛේ. දුෂණයෙන් තොර සාධාරණ මැතිවරණයක් මෙවර පැවැත්විය යුතුව තිඛේ. අප ජනතාවට අවධාරණය කරන්නේ මෙවර මැතිවරණයේදී කිසිදු තර්ජනයකට බියපත් නොවන ලෙසටයි. ජනතාවට ආධාර ලබාදී ඔවුන්ගේ නිල ඡන්ද දැන්වීම් කාඩ්පත සහ ඉල්ලා සිටින බවට තොරතුරු හෙළිවී ඇත. අප ජනතාවට අවධාරණය කරන්නේ එලෙස ලබාදුනහොත් යළිත් හැඳුනුම්පත ලබාගැනීමට නම් රජය ලබාදුන් ආධාරවලට මුදල් ගෙවීමට ඔබට සිදුවනු ඇති බවයි. එබැවින් මෙම පාලනය ඉවත්කර මෛත්‍රී පාලනයක් ඇති කිරීමට සියලු ජනතාව ඒකරාශී විය යුතුය. මෙවර මැතිවරණයේදී කිසිදු තර්ජනයකට බිය නොවීි දුෂණයෙන් තොර සාධාරණ පාලනයක් ස්ථාපිත කිරීමට මෛත්‍රී පාලනයක් ඇති කිරීමට පියවර ගත යුතුය.

(අසාද් සාලි මහතා පුවත් පත් සාක්ජාවක දී දක්වන ලද අදහස් ඇසුරෙනි)

– මුල් ලිපිය ලන්කා ෆෝකස් නිව්ස්

 

Archive

Latest news

Related news