Saturday, April 20, 2024

ඔක්තෝබර් මාසයේ දී විසම්මුතිය මර්දනයේ සිදුවීම් 26ක්

දීර්ඝ කාලයක්පුරා ශ්‍රි ලංකාවේ මාකව හිමිකම් කොළසීම් වාර්තාකරණයේ යෙදෙන කොළඹ ඉන්ෆෝම් ආයතනය පසුගිය ඹක්තෝබරයේදී සිදුවූ විසම්මුතිය මර්දනය කිරිමේ සිදුවීම් 26ක් මෙවර සිය වාරතාවේ දක්වයි. එම වාර්තාවේ සාරංශ්‍ය පහත පළ වන අතර සම්පූර්ණ වාර්තාව අවසානයේ ඇති දිගුව මගින් කියවිය හැකි ය.

ඉන්ෆෝම් වාර්තාව: ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය : සාරාංශය
කරන ලදැයි කියන මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් පිළිබද පරීක්ෂණයක් පැවැත්වීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායම වෙත තොරතුරු ඉදිරිපත් කිරීම සදහා ලබා දී තිබුණු කාලය අවසන් වනවාත් සමගම එම පරීක්ෂණය සදහා සහය දීමට උත්සහ කිරීම හේතුවෙන් උතුරේ දෙමළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම කිහිපදෙනෙක්ව පරීක්ෂාවට ලක් කරන ලද අතර ඒ පුද්ගලයන්ට සැගවී සිටීමට සිදු විය. රජය විවේචනය කරන කරන උතුරු පළාත් සභාවේ නියෝජිතයෙකු විසින් එ.ජා පරීක්ෂණ සදහා තොරතුරු ලබා දීමට ලබා දී ඇති කාලය දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටීම පිළිබදව ජනාධිපති බලතල යටතේ පත් කර සිටින උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පැහැදිළි කිරීමක් අවශ්‍ය බව කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති තොරතුරු ඉදිරිපත් කිරීමට කුමන්ත්‍රනයක් ඇති බවට චෝදනා කරමින් ඒ පිළිබදව රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සහ පරීක්ෂණ කණ්ඩායම වෙත යවන ලද ඉ මේල් පණිවුඩ නිරීක්ෂණය කෙරෙනු ඇති බව මාධ්‍ය වාර්තා කළේය. සිංහල පුවත්පතක් විසින් ප්‍රකට මානව හිමිකම් ආරක්ෂකයින්ව ත්‍රස්තවාදීන්ට අනුකම්පාව දක්වන්නන් ලෙස ලේබල් කරමින් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වලට තොරතුරු යවන බවට සහ එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත නැගී සිටීමට සහය දක්වන බවට චෝදනා කළේය. වවුනියාව පුරවැසි කමිටුවේ සභාපතිවරයා පහර දීමක් හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදු විය. මෙම පහර දීමට හේතුව වූයේ චෝදනා ගොනු නොකොට 2014 මාර්තු මාසයේ සිට රදවා ගෙන සිටින දෙමල කාන්තාවක් මුදා හැරීම සදහා බල කරමින් පැවති විරෝධතාවයකට සම්බන්ධ වීමයි.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක පුහුණු ආයතනයේ තොරතුරු සොයා බැලීමේ චාරිකාවන නිරත වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට මැර කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී. ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ ජනමාධ්‍ය වැඩසටහනකට හිරිහැර සහ බාධා එල්ල විය. එහි ජ්‍යෙෂ්ට නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට, සම්පත් දායකයින්ට සහ තර්ජනතාමක දුරකතන ඇමතුම් සහ එස්එම්එස් පණිවුඩ ලැබී තිබුණි. ස්වයං නීර්ණ අයිතිය පිළිබද පෙනී සිටින මාසික දෙමළ පුවත්පතකට ආරක්ෂක හමුදා විසින් හිරිහැර සිදු කළ අතර පුවත් පත මුද්‍රණයට සදහා යාමට පෙර ඔවුන්ව දැනුවත් කරන ලෙස මුදුණකරුවන්ට බල කරන ලදී. ආරක්ෂ හමුදා කදවුරක් තුළ දී අදාල පුවත් පත් බෙදාහරින්නා ව ප්‍රශ්ණ කර, පසුව පහර දෙන ලදී. යාපනයේ ජ්‍යෙෂ්ට දෙමළ ජනමාධ්‍යවේදියෙක් සහ මාධ්‍ය නිදහස පිළිබද ක්‍රියාකාරිකයෙකුද ප්‍රශ්න කිරීම් වලට ලක් විය. දුම්රිය සේවකයන් විසින් දියත් කිරීමට සූදානවම් වූ වැඩ වර්ජනය සදහා තහනම් නියෝගයක් නිකුත් කරන ලද අතර විරෝධතාවයේ නිරත වූ ධීවර ප්‍රජාව වෙත ප්‍රහාර එල්ල විය. අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් වූ වාර්ෂිත සැමරුම සංවිධානය කිරීමේ නිරත වූ මානව හිමිකම් ආරක්ෂකයින් අපකිරීතියට පත් කිරීම සදහා පෝස්ටර් ප්‍රදර්ශණය කර තිබුණි. තවද, සැමරුමට පෙර දින රාත්‍රියේදී ඔවුන්ගේ එක් පුද්ගලයෙකුගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල විය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විශාල පිරිසකට තුවාල සිදු කරමින් ඔවුන් සම්බන්ධ වූ විරෝධතා ව්‍යාපාර අවම වශයෙන් තුනකටවත් විවිධ ස්ථාන වලදී ප්‍රහාර එල්ල විය. ශිෂ්‍යයන්ව මැස්සන් ලෙස හදුන්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නැවත වතාවක් ශිෂ්‍යයන්ව අපකීර්තියට පත් පත් කළේය. අමාත්‍යවරයාගේ විශ්ව විද්‍යාල චාරිකාවට සමගාමීව ශිෂ්‍යයන් 12 දෙනෙක් අත්අඩංගුවට පත් විය.

රජය විවේචනය කිරීමේ ප්‍රවණතාවයක් ඇති පුද්ගලයන්ගේ ඔබ මොබ යාමේ නිදහසට බාධා ඇති විය. එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත නැගී සිටීමට සහය දෙන බවට චෝදනා එල්ල කරමින් ඝාතනය කරන ලද දෙමළ පුද්ගලයෙකුගේ බිරිද සහ මවගේ වලංගු වීසා සහිත විදේශ ගමන් අවස්ථා දෙකකදී වළක්වා ලන ලද්දේ විදේශගත වීම අවහිර කරමින් කිසිදු අධිකරණ නියෝගයක්ද නොතිබුණු තත්වයක් යටතේය. ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය නොමැතිව උතුරු පළාතේ යුද්ධයෙන් විනාශ වූ බොහෝ ප්‍රදේශ වලට ගමන් කිරීම විදේශ ගමන් බලපත් හිමි පුද්ගලයන්ට තහනම් විය. ලෝක ආහාර දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් සදහා ගිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට ආපසු හැරී ඒමට සිදු විය.

මෙම සිදුවීම් බොහොමයකට පොලීසිය, ආරක්ෂක හමුදා සහ රජය ඍජුවම සම්බන්ධ වූ අතර සෙසු සිදුවීම් වලට ආරක්ෂක හමුදාවන් සමග සම්බන්ධතා ඇති බව පෙනෙන හදුනා නොගත් පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධ විය. මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් අත්තඩංගුවට ගැනීමට රජය හෝ පොලීසිය කිසිදු ඍජු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි.

Archive

Latest news

Related news