Tuesday, July 16, 2024

විපක්ෂ පොදු එකඟතාවයට අත්සන් කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ – සිවිල් සංවිධාන

(අවස්ථාව අහිමි වූ නිදහසේ වේදිකාව දිර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කළේ ය)

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විවිද දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අත්සන් කළ  ගිවිසුමට අත්සන් කිරීමට එකඟවී සිටි සංවිධාන ගනනිවකට එම අවස්ථාව නොලැබුන බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැන ගන්නට ලැබී තිබේ.

මෙම අත්සන් කිරීමේ අවස්ථාව සංවිධානය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසින් බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරියකු වන සුනිල් ජයසේකර මේ පිලිබඳව විමසා සිටි අවස්ථාවෙහි දි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවැසී ය.

මෙසේ අවස්ථාව නොලැබුන සංවිධාන සහ පුද්ගලයින් වන්නේ  නිදහසේ වේදිකාව වෙනුවෙන් නිමල්කා ප්‍රනාන්දු, රයිට ටු ලයිෆ් සංවිධානය වෙනුවෙන් පිලිප් දිසානායක, වෘත්තීය වෙබ් මාධ්‍ය වේදින්ගේ සංගමය වෙනුවෙන් ප්‍රෙඩී ගමගේ යන ක්‍රියාකාරීන්ටය.

එසේ නමුත් එම කන්ඩායමේ ඉල්ලීම පරිදි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් හර්මන් කුමාර සහ අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දුට ද පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට අවස්ථාව සළසන ලද බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැනගන්නට තිබේ.

අවබෝධතා ගිවිසුමෙහි කොටස්කරුවන් විම පසෙක ලා එකී සංවිධාන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක දායකත්වය සපයන බව ප්‍රෙඩී ගමගේ මහතා අප වෙත පැවැසී ය.

© SLB

Archive

Latest news

Related news