Thursday, March 28, 2024

.වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.-

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව අද දින (05) එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකතවය දෙන ලද එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී. ඒ අතරම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවැනි අවස්ථාවක ජනතාගේ සාමකාමී මහ නීත්‍යනුකූල විරෝධතා නිහඩ කිරීම සදහා ආන්ඩුවේ දේශපාලන කන්ඩායම් විසින් ගෙන යන මැර ප්‍රහාර, තර්ජන සහ බිය වැද්දවීම වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ ව්‍යාපාරය වත්මන් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව ප්‍රජතන්ත්‍රවාදී ප්‍රතිස්ස්කරණයන් වෙනුවෙන් මහජන මතය ගොඩ නැගීම අරමුණු කරගත් වැඩ සටහනකි.

මෙම ප්‍රහාරය මෙරට මහජනයා සතු ප්‍රකාශණයේ අයිතිය කෙළෙසීමක් වන අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක නිදහස් සහ සාධාරණ මැතිවරණයකට මඟ අහිරිමක් ද වේ.

දෙසැම්බර් 5 වන දින උදෑසන සිට එප්පාවලදී පැවති මෙම සාමකාමී විරෝධතාවයට කඩා වැදි තලාව ප්‍රදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාර ලේකම් උදිත ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මැර පිරිසක් විසින් විරෝධතාවයේ නියැලි පිරිසට පහර දී ඇත.

මෙම වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරු නාලිකාවේ සහ ‘අද’ පුවත්පතෙහි මාධ්‍යවේදී තිසර සමන් මහතා මැර පිරිස විසින් පහර දී ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇති අතර ප්‍රහාරයෙන් ප්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු තවත් පිරිසක් තුවාල ලබා ඇත.

දෙසැ. 06 දින පෙ.ව. 10 ට පමණ එප්පාවල රෝහලට පැමිණි මැර පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින තිසර සමල් ට ‘උඔට ඊයේ වැඩේ දෙන්න හිටියේ. පිරිස්සමට හුස්ම ගනින්. උඹේ දෑස් ඉදිරිපිට දෙමාපියන් ද මරා දමනවා.‘ යැයි තර්ජනය කොට ඇති බව ද වාර්තා වේ.

මෙම ප්‍රහාරය හෙළි දකිමින් ‘රජරට මාධ්‍යෙව්දියෝ’ සංවිධානය ද ප්‍රකාශ කර ඇති පරිදි පැය 36ත් ගතවීත් තවම කිසිවකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගෙන නැත.

රජයට පක්ෂපාත නොයෙකුත් කණ්ඩායම් විසින් රජයට පිළිබද විවේචනාත්මක මත දරන ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව පැහැදිළි කරුණකි. මෙසේ නීති විරෝධීව, ජනතා ව්‍යපාරයන් කඩාකප්පල් කිරීමට උත්සහ දරන රජයේ දේශපාලඥයන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ ජනතාවගේ සාමකාමී රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන ලෙස අපි රජයට සහ විශේෂයෙන්ම පොලීසියට බල කර සිටිමු

Archive

Latest news

Related news