Tuesday, July 16, 2024

ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන

(ප්‍රධාන දේශපාලන මැරවරයින්  දෙදෙනා)

‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට සහ මාධ්‍යවේදීන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කැරෙන විරෝධතාවයක් 07 වන ඉරිදා උදෑසන එප්පාවල නගරයේ දී පැවැත්වේ.

මෙම විරෝදතාවය පැවැත්වෙන්නේ ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කල එප්පාවල උද්ඝෝෂනයේ දී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට සහ හිරු මාධ්‍ය ජාලයේ තිසර සමන් මහතාට පහර දී ඔහුගේ කැමරාවට බරපතල හානි සිදු කිරීමට විරුද්ධව  එම මැරයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරීම පිනිස ය.  මෙම විරෝධතාවය  එප්පාවල නගරයේ මැරවරයින් පහරදුන් ස්ථානයේ දී මපැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර එයට ප්‍රාදේශීය මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධාන ඇතුලු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.

විශේෂයෙන් මැර පිරිසක් සමග පැමිණි තලාව ප්‍රදේශීය සභා, සභාපති වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකවරයෙක් යැයි කියා ගන්නා උදිත ප්‍රනාන්දු ඇතුලු මැර පිරිසක් විසින් මෙම පහරදීමට සිදු කර ඇති බැවින් එම මැරයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම විරෝධතාවය පැවැත්වේ.

මේ අතර එකී ප්‍රහාරයට  හෙළා දකිමින් නීතිය ඉටු කරන සේ ඉල්ලා මාධ්‍ය සාකච්ඡාවක් 07 වන ඉරිදා  සවස 3.30ට මරදාන, ඩීන්ස් පාරේ, සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වෙන බව ද එම එකතුව නිවේදනය කරයි.

– ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ එකතුව නිකුත් කළ නිවේදන අසුරෙනි.  ජයාරූප කැෆේ ආයතනයෙනි

අත් අඩංඟුවට නොගත් තවත් දේශපාලන මැරයෙක්
අත් අඩංඟුවට නොගත් තවත් දේශපාලන මැරයෙක්

Archive

Latest news

Related news