Friday, April 19, 2024

දෙමළ ජනයාගේ රන් භාන්ඩ රාජපක්ෂ විසින් ආපසු: ප්‍රශ්ණ කිහිපයක්

එල්ටීටීඊ ය දෙමළ ජනතාවගෙන් බලයෙන් ලබා ගන්නා ලද හො එල්ටීටීඊ බැංකුවල තැන්පත් කරන ලද හෝ රන්භාන්ඩ දැන් ජනාධිපති රාජපක්ෂ විසින් ජන්ද ගුන්ඩුවක් ලෙස බෙදා දෙමින් තිබේ.

මෙම ක්‍රියාවට කිසිදු නීතිමය පනමක් නැති අතර ඇත්තේ කිසිදු නීතයකට යටත් නැති විධායක ජනාධිපති ධුරයේ බලය පමනය.

විධායක ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවැරිය නොහැකි බැවින් මෙම ක්‍රියාවේ අනීතික ස්වභාවය ගැන අධිකරණයේ පිහිට පැතිය නොහැක.

LTTE සන්තකයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදැයි කියන උතුරේ ජනතාවගේ රන් ආභරණ අරලියගහ මන්ධිරයේදී බෙදා දීම බරපතල නීතිමය ගැටලු මතුකර ඇති බව දෙසැ 05 දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පෙන්වා දුන් බව ලංකා ටරුත් අඩවිය වාර්තා කර තිබුණි. ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙම රන් ආභරණ අධිකරණ කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බවද එහිදී ඒවා නඩු භාණ්ඩ වශයෙන් තබා ගත යුතු යැයිද නීතිමය පදනම පැහැදිලි කළ ඒ මහතා එවැනි නඩු භාණ්ඩ අධිකරණමය ක්‍රියාමාර්ගයකින් මිස දේශපාලන අවශ්‍යතාවය මත ආපසු ලබා දිය නොහැකි බව කියා සිට තිබේ.

එමෙන්ම මෙම ජන්ද ගුණ්ඩුව සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්ණ ගණනාවක් මතු වේ.

යුද්ධාවසනයේ දී අල්ලා ගන්නා ලද මෙම රන්භාන්ඩ මෙතෙක් කාලයක් තිබුණේ කොහිද? කුමණ ආයතනයක් යටතේ ද?

අල්ලා ගන්නා ලද රන්භාන්ඩ ප්‍රමාණය පිලිබඳව සියළු තොරතුරු දෙමළ ජනයාට දැන ගැනීට හැකි වන පරිදි ප්‍රසිද්ධ කර නැත්තේ ඇයි?

වසර පහක් යන තුරු මෙම රන් භාන්ඩ ආපසු එම ජනයාට නොදුන්නේ මන්ද? ඒවා තබා ගෙන සිටියේ ජනාධිපතිවරණයක දී බෙදා දීම පිනිස ද?

එම ආයතනය බැංකුවක් නම් මෙම ආපසු දීම කළ යුත්තේ බැංකුව හරහා නොවේද?

© SLB

Archive

Latest news

Related news