Friday, April 19, 2024

‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්

(වියරුවට එරෙහිව – ජායාරූපය විකල්ප වෙතිනි)

‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහනට මැර පිරිසක් සමග පැමිණී ප්‍රදේශීය සභා, සභාපති වසන්ත බණ්ඩාර සහ මංත්‍රී උදිත කුමාර ඇතුලු මැර පිරිසක් විසින් මීට සුලු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අද උදෑසන සිට සාමකාමී අයුරැන් පැවති එම විරෝධය අවසාන වනවාත් සමග මැර පිරිසක් සමග පැමිණී එම ප්‍රාදේශීය දේශපාලකයා ඇතුලු පිරිසක් විසින් ප්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු පිරිසට පහර දී තිබේ. පසුව විශාල පිරිසක් එම ස්ථානයට රැස්වීමෙන් පසු මේ වන විට එම මැර පිරිස පලා ගිය බව එහි සමබන්ධිකාරක මන්ඩලය වෙනුවෙන් නිවේදකයක් නිකුත් කරන සම්පත් සමරකෝන් ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news