Friday, April 19, 2024

‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා

( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි)

‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) දා සිට දිස්ත්‍රික්ක ගණනාවක විශාල මහජන සහභාගීත්වයකින්  පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එවිසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

දුර්දාන්ත රාජපක්ෂ පාලනය හෙළා දකිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් සදහා අවශ්‍ය සමාජ දේශපාලන ප්‍රතිසංස්කරන පිලිබඳ සංවාදය සමාජ ගත කිරීම  ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ උද්ගෝෂණයේ අරමුණ වේ.

එම උද්ඝෝෂන පැවැත්වෙන දින, ස්තානය/දිස්ත්‍රික්කය සහ වේලාවන් මෙසේ ය.

දෙසැම්බර්  5(අද)  උදේ 10.00  එප්පාවල, මහජන පොළ..
දෙසැම්බර්  5(අද)  සවස 02.00  අනුරාධපුර, ඔරලෝසු කනුව අසල සහ නව බස්නැවතුම්පොල අසල..
දෙසැම්බර්  6  උදේ 10.00 දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථානය අසල..
දෙසැම්බර්  6  සවස 02.00  කුරුණෑගල, ඔරලෝසු කනුව අසල..
දෙසැම්බර්  7  උදේ 10.00  හලාවත නගරයේ දී..

ප්‍රාදේශීය විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති,  සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජිතයින් ට ආරාධනය කර ඇති මෙම වීදියේ විරෝධයට, ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක පුරවැසියන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත බව ද නිවේදනයේ දැක්වේ.

Archive

Latest news

Related news