Friday, March 29, 2024

‘කට වහගං; තොගේ බඩු මං ලඟ’

සුනන්ද දේශප්‍රිය –

බෝහෝ කළකට පෙර දකුනු පළාතේ සැර වැර මිනිසුන්ට නම ගිය ගමක නෑ ගමන් ගොස් සිටින අතර තුර මහා ඝෝෂාවක් ඇසුනි. බලමු බලමු යැයි කව්රුත් උනන්දු විය. අසළ නිවෙස් දෙකක ආරවුලකි. වැටෙන් මෙහා කන්ඩයෙමක් ද වැටන් එහා කන්ඩායමක් ද වූහ. වැටෙන් එහා සිටියේ චන්ඩි ගැන්සිය යි. එය මෙහෙය වූයේ තරබාරැ ස්ත්‍රියකි. මෙහා පැත්තේ සිටියේ පිරිමි ගැහැණු පිරිසකි. තරබාරැ ස්ත්‍රිය මහ හඩින් හොදවායින් කියා ගෙන යයි. ඇය කියන්නේ ම ‘තොපේ ඉළව් ඔක්කොම මං දන්නවා. කට වහගෙන ඉදපල්ලා නැත්නම් රෙදි ගැලවෙන්න දෙනවා’ කියා ය. ඒ අතර වාරයේ ඇය තිත්ත කුණු හරුප ද ඇතුල් කරයි. ඇය සිය ඝෝෂාව අවසන් වූ වහාම පසු පසට හැරී කැ ගහපල්ලා යැයි විධානයක් දෙයි. එවිට කොල්ලො කුරුල්ලන්ගේ සිටි මදාවි වයසේ සිටින රංචුවක් කෑ බෙලෙක්ක වලට ගසමින් මහා ශබ්ද පූජාවක් පවත්වති. ඇඟිළි වලින් කල යුතු දේ පෙන්වයි. ඒ අනෙක් පාර්ශවයේ හඩ බිය ගැන්වීමට සහ යටපත් කිරීම ට ය‍. විනාඩි කිහිපයකින් පසු තරබාරු ගැහැණිය යළි සුද්ද සිංහලයෙන් දෙන්න පටන් ගනී.

පසුව දැන ගන්නට ලැබුනේ ඇය කසිප්පු ජාවාරම්කාරියක බවත් ඇගේ අතවැසි පිරිස කසිප්පු කල්දේරම් වටා කැරකෙන ආතක් පාතක් නැති රංචුවක් බව ය.

මේ අපූරු සිදුවීම යළි මැවුනේ ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන මහින්ද රාජපක්ෂ කී, දැන් ජනවහරක් බවට පත්ව ඇති ෆයිල් කතාව නිසා ය. ඔහු අර තරබාරු ස්ත්‍රිය මෙන් නොව රටේ රාජ්‍ය නායකයා ය.

ඔහු කියා තිබූ කතාව දේශපාලන සමාජයට ගැලපූ විට ඇසෙන්නේ මෙසේ ය: ‘හලෝ මේ මෛත්‍රී, රාජිත, ගුණවර්ධන, තමුසෙලාගේ පයිල් මං ලඟ තියෙනවා. ඒත් මං ඒවා එලියට දාන්නේ නෑ, එත් දන්නවනේ මගේ හැටි’

රාජපක්ෂගේ කතාවත් අනතුරුව ඔහුගේ ඝෝෂක හොරණෑකැවන්ගේ කැ කොස්සන් ගැසීමත් අර තරබාරු ස්ත්‍රිය සහ මදාවි රංචුව අතරත් ඇති වෙනස කාලය, ස්ථානය සහ භාෂාව අතර පමණි. හරයෙන් කතා දෙකම සමානය.

ජනාධිපති රාජපක්ෂගේ එම තර්ජනයේ අර්ථය නම් ‘ මං ඊළඟ පාර ජනාධිපති වූ විට මේ ලිපි ගොනු එලියට ගෙන රාජපක්ෂ ආන්ඩුවෙන් එළියට යන මැති ඇමැතිවරුන් හිරේ යවන බව ය. ලිපිගොනු එළියට ගෙන ඒවා අල්ලස් කොමිසමට බාර නොදෙන්නේ මන්දැයි ඇසු ප්‍රශ්ණයට පළමු පුරවැසියාගෙන් උත්තරයක් නැත.

බොරු නඩු පටලවා සිය සේනාධිනායකයා හිරේ යවා ඔහු සතු සියළු තනතුරු ගලවා දැමූ රාජපක්ෂට හැකියාවක් ඇතොත් වසර 40 ශ්‍රීලනිපයේ සිටි එහි මහ ලේකම්වරයා හිරේ යැවීම මහ කජ්ජක් නොවන බව කව්රුත් දනී. අගවිනිසුරුවරිය බොරු චෝදනා මත පළවා හැරි රාජපක්ෂට ශ්‍රීලනිපය තැල සිටින අවිශ්වාශ පිරිස් එළවා දැමීම ද බලය ඇත්නම් එතරම් දෙයක් නොවේ.

ජනාධිපති රාජපක්ෂ මේ ගැහුවේ හාරත ආසියා වැනි ලොකුම තුරුම්පුවකි. ඔහු එම තුරුම්පුව ඇද පෙන්වූයේ ආන්ඩුවෙන් එළියට ආ පිරිසට ම නොව යම්දෝ නොයම්දෝ යැයි දෙගිඩියාවෙන් පසුවන ආන්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ය.

රාජපක්ෂ පසුපස් පාදයේ ක්‍රීඩාකිරීමට

ඒ කෙසේ වෙතත් සෙල්ලම පටන් ගත් හැටියේම වාගේ සිය ලොකුම තුරුම්පුවක් ඇද දැමීමට සිදුවීමෙන් පෙනෙන්නේ රාජපක්ෂ දැනටමත් ක්‍රීඩා කරන්නේ පසු පස පාදයේ බවය. හරියට මුරලි පන්දු යවන විට නුහුරු පිතිකරුවන් කර කියා ගන්නට දෙයක් නැතිව පාද පසු පසට ගෙන බේරෙන්නට හදන පරිදි ය.

පසුපස පාදයේ ක්‍රීඩා කිරීම ආරක්ෂන පියවරකි. ප්‍රහාරක විලාසිතාවක් නොවේ. රුවටෙන්න එපා, එදා සහ අද සංසන්දනය කරලා බලන්න, යනාදි ලාමක ටිං ටිං කතා ඇසෙන්නේ ආරක්ෂක පියවරකට මාරැ වී සිටින නිසා ය.

මා ගැන ලිපි ගොනුවක් තියෙනවා නම් කරැනාකර එය එලියට දාන්න යැයි ආන්ඩුවෙන් ඉවත්ව ආ ඇමැති නවින් දිසානායක කල අභියෝගය කට නිසා නැහෙන කෙහෙළිය රඹුක්වරල්ලවත් බාර ගත්තේ නැත. ඊටත් වඩා භයානක කතාවක් නවින් දිසානායක කීවේ ය. එනම් තමාට ආන්ඩුවේම ඉන්නැයි කියා රුපියල් ලක්ෂ දහසක අල්ලසක් දෙන්නට මහා ව්‍යාපාරිකයින් ඉදිරිපත් වූ බවයි. ඔහු මේ මහා ජාවාරම්කාරයින් කව්රුන්දැයි නම් නොකළ නමුත් එම ව්‍යාපාරිකයින් කව්දැයි අනුමාන කිරීම අමාරු නැත. මේ වනාහි රාජපක්ෂ ආන්ඩුවෙන් ඇදහිය නොහැකි තරම් ධනස්කන්දයක් ගරාගත් කැසිනෝ සහ ඉදි කිරිම් ජාවාරම්කරුවන් ය.

රුපියල් මිලියන දෙකකින් ගොඩනැගිය හැකි මහා මාර්ග කිලෝමීටරයකට මිලියන 16ක් වැය කරන්නේ ඇයිදැයි ද ඔහු අසා තිබුණි. ඊට ද කට නිසා නහින කෙහෙළිය ඇමැති පිළිතුරක් දුන්නේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් සහ කුඩුකාරයින්ට යටවී ඇතැයි ඇමැති ජනක තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ කී කතාව ගැන අසන විට ඇමැති නිමල් සිරිපාල කියන්නේ ඒ ගැන ජනක ඇමැතිතුමාගෙන්ම අසා ගන්න කියා ය.
ඔක්කොම දැන් ක්‍රීඩා කරන්නේ පසු පස පාදයේ ය.

අනේ මං ගෙනාවෙ ගෝටා විතරයි නෙ!

‘ මං ගෙනාවේ ගෝඨාභය විතරයි, චමල් සහ බැසිල් ගෙනාවේ බන්ඩානායකලා’ යැයි ජනාධිපති රාජපක්ෂ පවුලේ පාලනය ගැන කියන්නේත් ආරක්ෂාකාරී පසුපස පාදයේ ක්‍රීඩා කරන විලාසයෙනි. එනමුත් නාමල් බේබි ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. ශෂින්ද්‍ර රාජපක්ෂ මහ ඇමැතිකමටත් කතරගම බස්නායක නිලමේ කමටත් ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. රාජපක්ෂ මහරජානෙනි යැයි සිය දියණිය ලවා ගීයක් ගැයවූ ඒ.එස්.පී ලියනගේට තානාපතිකමක් දුන්නේ ඇයිදැයි ඔහු කියා නැත. කෝටි ගණනින් මහජන මුදල් ගිලින එයාර් ලංකා ගුවන සේවයේ ප්‍රධානියා ලෙස සිය ආර්යාවගේ මළන්ඩි පත්කළේ තමා බව ඔහු කියා නැත.

අද රාජපක්ෂ පවුල් ගසට උඩින් කුරුල්ලකුටවත් පියාඹා යෑම තහනම් ය. බලයේ කේන්ද්‍රය සහ දූෂණයේ ද කේන්ද්‍රය බවට පත්ව තිබේ.
රාජපක්ෂ ආන්ඩුව සහ පාලනය යනු තනිකරම ජාවාරමකි. හම්බු කර ගැනීම රාජපක්ෂ පාලනයේ සෑම කටයුත්තකම මූලික අරමුණයි. ෆයිල් කතාව විසින් සංකේතවත් කරන්නේ මෙකී ජාවාරම්කාර සංස්කෘතියේ දුර්ගන්ධය යි. රාජපක්ෂ පාලනය සිය අනුගාමකයිනට හොරා කෑමට ඉඩ හරී. නමුත් ඒ හොරා කෑමේ සවිස්තරාත්මක ලිපි ගොනුවක් සිය සේප්පුවේ ඉබි යතුරු ලා සුරකියි. මේ වනාහී දාමරික මාෆියා ලොක්කකුගේ වර්යාව මිස ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ වර්යාව නොවේ.

අර කසිප්පු ජාවාරම්කාර තරබාරු ස්ත්‍රිය යළි සිය මනෝකායයෙන් හෝ පැමිණ සිය සුද්ද සිංහල දේශනය යළි ආරම්භ කළ හොත් මෙසේ කියන්නට ඉඩ තිබේ. ‘ බැල්ලගෙ පුතෝ තොගේ ෆයිල්එක මං ගාව තියෙනවා. එක් එළියට දාන්න ඉස්සෙල්ලා යටත් වෙයල්ලා, කොල්ලනේ බල්ලනේ පටන් ගනියව් ජන්ද ඝෝෂාව’
හුහ් හු හූහූහූ …………

[ image: Witches’ Sabbath or Aquelarre is one of 14 from the Black Paintings series of Goya]

Archive

Latest news

Related news