Friday, April 26, 2024

‘වන්ද්‍රිකා විරෝධය‘ ආන්ඩුවේ ඇමක්

විපක්ෂ පොදු සන්ධනය තුළ චන්ද්‍රිකා කුමාරතුංග විසින් තීරණාත්මක භූමිකාවක් ඉටු  කිරීම වැළැක්වීමේ අරමුනින් අතේ රොල් ප්‍රවාත්ති සයිබර් අවකාශයට මුදා හැරීම දැන් ආරම්භ වී තිබේ.

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කැරෙන වක්‍ර ප්‍රහාරයක් ලෙස මෙම අතේ රෝල් නිර්මාණය කරනු ලබන්නේ කොළඹ  කැසිනෝකරුවකුට අයත් පුවත් පත් කාර්‍යාලයක දී බව ද වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂයා ලෙස ඉදිරියට ගෙන ඒමේ තීරණාත්මක කාර්‍යය ඉටු කරනු ලැබුවේ වන්ද්‍රිකා කුමාරතුංග විසින් බව රහසක් නොවේ. එමෙන්ම එයට පෙර එජාප නයක රනිල් වික්‍රමසිංහ විසින් පොදු අපේක්ෂිකාව වන ලෙස ඇයට ආරාධනා කළ බව ද එතරමටම ප්‍රසිද්ධය.

මෙම අතේ රොල්කරුවන් නිර්මාණය කර ඇති තවත් කතාවක් නම් ජාතික හෙළ උරුමය චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධ බවය. නමුත් ඇත්ත කතාව නම් මෙයට දෙමසකට තරම් පෙර තමන් ආන්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බව හෙළ උරුම ප්‍රධානින් ප්‍රථමයෙන්ම දැනුම් දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංගට බව ය. එම අවස්ථාවෙහි ඔවුන්ගේ ඉල්ලීම වූයේ රනිල් හැර අන් යෝග්‍ය දේශපාලනඥයෙක් පොදු අපේක්ෂකයා බවට ඉදිරිපත් කරන  ලෙස ය‍.

විපක්ෂ පොදු අපේක්ෂක ජය තහවුරු කිරීම පිනිස ලබා ගත යුතු ශ්‍රීලනිප ජන්ද පදනම කෙරෙහි වන්ද්‍රිකා කුමාරතුංග සතු බලපෑම වැළැක්වීම මෙම අතේ රොල් මාධ්‍ය මෙහෙයුමේ අර්ථය බව කොළඹින් වාර්තා වේ.

Archive

Latest news

Related news