Saturday, May 11, 2024

‘රාවය‘ අලෙවිකරුවන් පසු පස බුද්ධි අංශය පන්නයි

කොළඹ රාවය පුවත් පත අලෙවි කරන වෙළදුන් ගනනාවක් හමුවට ගොස් ඇති රාජ්‍ය බුද්ධි අංශහ නිලධාරින් පුවත්පත් කොපමණ අලෙවි වන්නේ ද සහ එය මිලදී ගන්නා පුද්ගලයින් කව්රුන්ද යන්න විමසා ඇතැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත වාර්තා වේ.

මෙයට හේතුව වි ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැක්කේ 41%ක ඡන්ද ප‍්‍රතිශතයක් බවටත් වූ රහස්‍ය වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි ‘රාවය’ පුවත්පත අනාවරණය කිරිම ය.

”මෛතී‍්‍රට 59%යි : මහින්දට 41%යි ” යන ප්‍රධාන සිරස්තලයෙන් යුතුව ‘රාවය’ පුවත්පත පසිගිය සති අන්තයේ දී පුවත වාර්තා කළේ ය.

එම බුද්ධි වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් කෝපයට පත්වී ඇති ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ මහතා එම ධුරයෙන් ඉවත්කර ඇතැයි ද ‘රාවය’ වාර්තා කළේ ය.

එමෙන්ම අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් විපක්ෂයට යන බවට වූ තොරතුරු කල්තියා දැන ගැනීමට නොහැකි වීමද රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියා කෙරේ ජනපතිවරයාගේ කෝපය එල්ල වීමට හේතු වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් විය..

මෙම පුවත පළවීමෙන් පසු කවර දිනෙකවත් සිදුව නැති පරිදි රජයේ බුද්ධි අං‍‍‍හ ප්‍රධානියකු රූපවාහිනී නාලිකාවන්ට පැමිණ එම පුවත අසත්‍ය යැයි කියා සිටියේ ය. ඔහු තවදුරටත් කියා සිටියේ රාවය පුවත් පතට නඩු දැමීමට තමන් ඉදිරිසේ දී කටයුතු කරන බවයි.
එසේ නමුත් රාවය ප්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුනගේ ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත එම පුවත සම්බන්දයෙන් සමාව ඉල්ලන්නේ නැති බවත් පුවත සතය බව තමා තහවුරු කරන බවත් ය‍.

මේ අතර සහතික නොකල වාර්තා දක්වන්නේ අරලියගහ මන්දිරයේ දී මේ සම්බන්දයෙන් පහරදීමකට ලක් වූ වාකිෂ්ඨ යුද හමුදා රෝහලින් ප්‍රතිකාර ලබා ගත් බවයි.
(ජයාරෑපය සහ යම් තොරතුරු ශ්‍රී ලංකා මිරර් අඩවියෙනි)
©SLB

Archive

Latest news

Related news