Saturday, April 20, 2024

ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්

(චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998)
යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු අප්‍රිකාවේදී නඩු පැවැරීමට වෑයමක් ඇතැයි ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජෙනරල් සිරිලාල් විරසූරිය සම්මන්ත්‍රණයකට සහභාගිවිම සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටී.

චෙන්මනී සමූහ මිනිවළ සොයා ගන්නා ලද්දේ යුක්තිය පුවත් පතට සෝමරත්න රාජපක්ෂ නම් යුද හමුදා සෙබළකු විසින කරන ලද පාපෝච්චාරණයක් අනුව ය. මිනීවළ සොයා ගන්නා ලද්දේ 1998 ජූලි මාසයේ දී ය.

එම මිනීවළෙහි දෙමළ තරුණ තරුණියන්ගේ මළ සිරුරු 300 -400ත් අතර වළ දමා ඇතැයි සිතියමක් ද ඉදිරිපත් කරමින් එම සොලුදාදුවා ප්‍රකාශ කර තිබුණි.

ටැමිල් ගාර්ඩියන් වාර්තා කරන්නේ 1990 දශකය පුරා ජෙනරල් සිරිලාල් වීරසූරිය සම්බන්ධයෙන් කරන ලද විධිමත් සමීක්ෂණයකින් පසු මෙම සමූහ මිනිවළ ඇතළු තවත් එවැනි අපරාධයන් සම්බන්ධයෙන් ජෙනරාල්වරයාගේ සම්බන්ධතාවය තහවුරු කරගෙන ඇති බවයි. ඔහුගේ කාලය තුළ යාපනයහි අතුරුදහන්වීම් 600-800ත් අතර සිදුව ඇති බවට මානව හිමිකම් සංවිධාන වාර්තා කර තිබුණි

‘ අන්තර් ජාතික නිතිය යටතේ පිළිගැනෙන අපරාධයන්ට වගකිය යුතු විදේශිය පුද්ගලයින්ට’ දඩුවම් පැමිනවීමට දකුණු අප්‍රිකානු අධිකරණයට අයිතියක් ඇතැයි යනුවෙන් මෑත දී එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් දෙන ලද තීන්දුව අනුව මෙම නඩුව පැවැරෙනු ඇතැයි විශ්වාශ කෙරේ.

එසේ නමුත් දේශපාලන අංශ කල්පනා කරන්නේ දකුණු අප්‍රිකානු රජය සහ රාජපක්ෂ රජය අතර ඇති සමීප සබඳතාවය උඩ එවැනි නඩුවක් පැවැරීම ඉතා දුෂ්කර වනු ඇති බවයි.

©SLB

Archive

Latest news

Related news