ගාසා තීරයේ සිදු කරන ලද යුද අපරාධවලට ඊශ්‍රායල-ඇමරිකානු සොල්දාදුවෙකු වන ජේක් බර්කොන්ස් සම්බන්ධ බවට සාක්ෂි මත පදනම්ව, හින්ද් රාජාබ් පදනම (HRF) ශ්‍රී ලංකාවේ නිසි බලධාරීන් වෙත විධිමත් ලෙස ඔහුගේ ලංකා සවාරිය පිළිබඳ හෙලාදැකීමක් ගොනු කර ඇත.
හින්ද් රාජාබ් පදනම (Hind Rajab Foundation) යනු බ්‍රසල්ස් නගරය මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයකි. ගාසා තීරයේදී ඊශ්රායල හමුදා විසින් ඝාතනය කරන ලද අවුරුදු 5ක් වූ පලස්තීන දැරියක් වන හින්ද් රාජාබ් ගේ නම මෙම සංවිධානයට යොදා ඇත. මෙම පදනමේ මූලික අරමුණ වන්නේ ගාසා තීරයේ සිදුවන යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා සාමාජිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමයි
ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ (ටෙක්සාස්) ද්විත්ව පුරවැසියකු වන ජේක් බර්කොන්ස්, ඊශ්‍රායල හමුදාවේ 7 වන සන්නද්ධ බලසේනාවේ කොටසක් වන 603 වන සටන් ඉංජිනේරු බලඇණියේ D අංශයේ සේවය කළේය. 2023 ඔක්තෝබර් 7 වන දින සිදුවීම් වලින් පසුව ඔහු ස්වේච්ඡාවෙන් බැදුණි. පසුව ඔහු ගාසාවට යොමු කරන ලද අතර එහිදී ඔහු HRF විමර්ශකයින් විසින් පුළුල් ලෙස ලේඛනගත කරන ලද හමුදා මෙහෙයුම්වලට සහභාගී විය.

ක්‍රමානුකූල විනාශයේ බලඇණියක්
603 වන සටන් ඉංජිනේරු බලඇණිය, ගාසා තීරය පුරා සිවිල් යටිතල පහසුකම් පුළුල් ලෙස විනාශ කිරීමේ මධ්‍යම මෙහෙයුම් ඒකකයක් ලෙස පුළුල් ලියකියවිලි මගින් සනාථ වී තිබේ. නාමිකව බිම්බෝම්බ ඉවත් කිරීම සහ බලකොටු කිරීම වැනි ඉංජිනේරු කාර්යයන් සඳහා පැවරී තිබුණද, ප්‍රායෝගිකව එහි ක්‍රියාකාරකම් සිවිල් ප්‍රදේශ ක්‍රමානුකූලව විනාශ කර දැමීම බවට පත් විය.
2023 ඔක්තෝබර් සිට 2025 මැද භාගය දක්වා බලඇණිය විසින් සිදු කරන ලද ගොඩ නැගිලි විනාශ කිරීම් අවම වශයෙන් 65 ක් HRF විසින් ලේඛනගත කර ඇත. මෙම මෙහෙයුම් නේවාසික ගොඩනැගිලි, මුස්ලිම් දේවස්ථාන, කෘෂිකාර්මික ඉඩම් සහ කාර්මික පහසුකම් ඉලක්ක කර ගත්තේය. රෝහල්වලට එල්ල කරන ප්‍රහාර සහ සිවිල් වැසියන්ට නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා ලබා දීඹ සම්බන්ධයෙන් ද මෙම ඒකකය සම්බන්ධ වී ඇත.
මෙම ක්‍රියාවන් ගාසා තීරයේ විශාල කොටස් වාසය කිරීමට නුසුදුසු බවට පත් කිරීම සහ දකුණු ගාසා තීරයේ “මොරාග් අක්ෂය” ලෙස හැඳින්වෙන හමුදා කොරිඩෝ නිර්මාණය කිරීම ඇතුළුව භෞමික ඛණ්ඩනයට පහසුකම් සැලසීම අරමුණු කරගත් පුළුල් හැසිරීම් රටාවක කොටසකි. මේ සියල්ල සැලකෙන්නේ යුද අපරාධ ලෙසය.
ජේක් බර්කොන්ස්ගේ සෘජු මැදිහත්වීම
HRF හි විමර්ශනය මගින් 2025 ඔක්තෝබර්-නොවැම්බර් මාසවල ඛාන් යුනිස් හි අවම වශයෙන් එක් නීති විරෝධී විනාශකාරී සිදුවීමකට ජේක් බර්කොන්ස්ගේ සෘජු සම්බන්ධතාවය තහවුරු කර ඇත.
ඛාන් යුනිස් සහ රෆා ඇතුළු ගාසා තීරය තුළ ඔහු සිටි බව පෙන්වන දෘශ්‍ය සාක්ෂි බර්කොන්ස් විසින්ම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රකාශයට පත් කරන ලදී. එක් අවස්ථාවකදී, ඔහු සෙසු සොල්දාදුවන් සමඟ විනාශ වූ සිවිල් ගොඩනැගිල්ලක් තුළ පුපුරණ ද්‍රව්‍ය කේබලයක් අල්ලාගෙන සිටිනු දක්නට ලැබෙන අතර, එය සුදානම් කළ එනම් පාලිත විනාශ කිරීමකට ක්‍රියාකාරී සහභාගීත්වයක් පෙන්නුම් කරයි. තවත් අවස්ථාවක, ඔහු එවැනි කඩා දැමීමේ මෙහෙයුමක දර්ශන බෙදා ගත්තේය, ඛාන් යුනිස් වෙත භූ-ටැග් කර ඔහුගේ සමාගමේ ලාංඡන සමඟ සලකුණු කර ඇත.
පාලිත කඩා දැමීම් යනු ගොඩනැගිලිවලට පෙර ඇතුළුවීම, පුපුරණ ද්‍රව්‍ය ස්ථානගත කිරීම සහ ආරක්ෂිත තත්වයන් යටතේ ජනයාට ඉවත් වීම අවශ්‍ය වන ඉතා ක්‍රමානුකූල මෙහෙයුම් වේ. එබැවින්, ඒවා ක්‍රියාකාරී සටන් අවස්ථා සමඟ නොගැලපෙන අතර ක්ෂණික මිලිටරි අවශ්‍යතාවයක් නොමැති බව දැඩි ලෙස පෙන්නුම් කරයි. ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ, සංයුක්ත සහ සෘජු මිලිටරි වාසියකින් යුක්ති සහගත නොකළ විට සිවිල් දේපළ විනාශ කිරීම නීති විරෝධී වේ.
නීතිමය අපරාධ
ජේක් බර්කොන්ස් සහ ඔහුගේ ඒකකය සම්බන්ධයෙන් ලේඛනගත කර ඇති ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය යටතේ බහුවිධ යුද අපරාධ ලෙස සැලකිය හැකිය, ඒවා අතර:
හමුදාමය අවශ්‍යතාවයකින් යුක්ති සහගත නොවන දේපළ පුළුල් ලෙස විනාශ කිරීම;
සිවිල් දේපලවලට එරෙහිව හිතාමතා ප්‍රහාර එල්ල කිරීම;
ආරක්ෂිත නොවන ගොඩනැගිලි සහ සිවිල් ප්‍රදේශවලට පහර දීම හෝ බෝම්බ හෙලීම.
ශ්‍රී ලංකාවේ සිටීම සහ නීතිමය ක්‍රියාමාර්ග
ජේක් බර්කොන්ස් දැනට ශ්‍රී ලංකාවේ සිටින බවත්, ඔහු තම හමුදා සේවයෙන් පසු එහි සංචාරය කරමින් සිටින බවත් හින්මදි හිජාබ් පදනම තහවුරු කර ඇත.
ගාසා ජන සංහාරයට සහභාගී වීමෙන් පසු බර්කොන්ස් ශ්‍රී ලංකාවෙහි සංචාරයක් භුක්ති විඳින බවත් චෝදනාවල බරපතලකම සහ ඔහු යුද අපරාධවලට සම්බන්ධ කරන විශ්වාසදායක සාක්ෂි පැවතීම සැලකිල්ලට ගනිමින්, හින්ද් රාජාබ් පදනම ශ්‍රී ලංකා බලධාරීන්ට විධිමත් හෙලාදැකීමක් ඉදිරිපත් කර ඇති අතර, ජාත්‍යන්තර නීතිය යටතේ රාජ්‍යන්ගේ බැඳීම්වලට අනුකූලව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී.
ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් විමර්ශනය කිරීමට සහ සුදුසු අවස්ථාවලදී නඩු පැවරීමට රාජ්‍යයන්ට යුතුකමක් තිබේ. එවැනි පුද්ගලයින් තම භූමියේ සිටින විට අවශ්‍ය පියවර ගැනිම ක්‍රියා කිරීමට රාජ්‍යයන්හි වගකීමකි.
වගවීම දෙසට
ජේක් බර්කොන්ස්ගේ නඩුව හුදකලා සිදුවීමක් නොව ගාසා තීරයේ ක්‍රියාත්මක වන 603 වන සටන් ඉංජිනේරු බලඇණියේ සහ අනෙකුත් ඒකකවල සාමාජිකයින්ගේ පුළුල් හැසිරීම් රටාවක කොටසකි. යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව HRF නිරීක්ෂණය කිරීම, ලේඛනගත කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දිගටම කරගෙන යයි.
වගවීම විකල්පයක් නොවේ. එය නීතිමය බැඳීමකි.
ජාත්‍යන්තර අපරාධවල වැරදිකරුවන් හඳුනා ගැනීම, හෙළිදරව් කිරීම සහ ඉදිරියට ගෙන ඒම සහතික කිරීම සඳහා හින්ද් රාජාබ් පදනම ජාතික සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ දිගටම කටයුතු කරනු ඇත.
The Hind Rajab Foundation හි ප්‍රකාශයකින් සංහලට සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

