ලංඩන් සංචාරය: රනිල් වික්‍රමසිංහට නිල ආරාධනයක් නොඑවූ බවත් ඔහු පැමිණියේ දවල් කෑමට බවත් වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය තහවුරු කරයි!

ජායාරූපය: බායි කියන්න කාලය ඇවිත්!

සමාජ ක්‍රියාකාරී ඹ්ෂල හේරත් විසින් එවකට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ සිය ඇඹේනිය වන මෛත්‍රී වික්‍රමසිංහට ගෙෘරව පශ්චාත් උපාදියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභිගි වනු පිනිස ලංඩන්  සහ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට කරන ලද සංචාරය පිළිබඳ තොරතුරු එම විශ්වවිද්‍යලයෙන් විමසා තිබේ. ඒ  බ්‍රිතන්‍ය තොරතුරු පනත යටතේය.

එම ඉල්ලීමට  වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් ලබා දෙන ලද පිළිතුරු ඉතා පැහැදිළිවම පෙන්වන්නේ එම ආරාධනය කර ඇත්තේ මෛත්‍රී වික්‍රමසිංහට පමණක් බවය. වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් රනිල් වික්‍රමසිංහට ලබා දී ඇත්තේ දවල් ආහාරය පමණක් බවද එහි දැක්වේ. ඔහු එහිදී වෙනත් කිසිදු නිල කාර්යයකට සහභාගි වී නැත.
වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාල විසින් ඕෂළ හේරත් වෙක ලබා දෙන ලද ආවරණ ලිපියේ  සිංහල පරිවර්ථනය මෙසේය:
FOIA හි 1(1)(a) වගන්තියට අනුව, ඉල්ලා සිටින තොරතුරු වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් සම්පූර්ණයෙන්ම පවත්වා ගෙන ඇති බව මට තහවුරු කළ හැකිය.
ඉල්ලා සිටින තොරතුරු සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට මම තීරණය කර ඇත්තෙමි.
කරුණාකර පහත උපලේඛන 1 තුළ අඩංගු ඉල්ලා සිටින තොරතුරු සොයා ගන්න.
සොපී එසෙන්
තොරතුරු අයිතිය පිළිබද කළමනාකාරිය
2026 පෙබරවාරි 27 දා.

එම උලලේඛනයේ සංහල පරිවර්ථනය මෙසේය:

උපලේඛනය 1

2023 සැප්තැම්බර් මාසයේදී ඔබගේ විශ්ව විද්‍යාලයට කළ ඉහළ පෙළේ සංචාරයක් සම්බන්ධයෙන්, විශේෂයෙන් එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කරුණු සත්‍යාපනයක් මම සිදු කරමින් සිටිමි. ජේඩ් ටයිම්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය වාර්තාවක් (පිටපත අමුණා ඇත/පහත සබැඳි කර ඇත) මම යොමු කරමි, එහි සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ සංචාරයට විශ්ව විද්‍යාල නායකත්වය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ වූ බවයි.

ප්‍රසිද්ධියට පත්ව ඇති එම වාර්තාවේ නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා, පහත තොරතුරු සපයන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

1. “නිල කාර්යයක යෙදීම” සත්‍යාපනය

අමුණා ඇති ලිපියේ සඳහන් වන්නේ ජනාධිපති වික්‍රමසිංහ “අධ්‍යයන සහයෝගීතාව, ශිෂ්‍ය හුවමාරු සහ පර්යේෂණ හවුල්කාරිත්වයන් සාකච්ඡා කිරීම සඳහා උපකුලපති, නියෝජ්‍ය උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ” බවයි.

ප්‍රශ්නය: 2023 සැප්තැම්බර් 22 හෝ ඊට ආසන්න දිනකදී එවැනි රැස්වීම් සඳහා නිල මිනිත්තු, න්‍යාය පත්‍ර හෝ අවබෝධතා ගිවිසුම් (MoU) තිබේදැයි විශ්ව විද්‍යාලයට තහවුරු කළ හැකිද?

වෙනත් ලියකියවිලි විශ්ව විද්‍යාලය සතුව නොමැත. ( ඉන් අදහස් වන්නේ එම ප්‍රවෘත්ති වාර්තාව කූට ලෙස සකස් කර පළ කරන ලද එකක් බවයි. ජෙඩ් ටයිම්ස් යනු අනතර් ජාල ප්‍රකාශනයකි.- ශ්‍රී ලංකා බ්‍රීෆ්)

ප්‍රශ්නය: මෙම රැස්වීම විශ්වවිද්‍යාලය විසින් විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් ලෙස වර්ගීකරණය කර තිබේද, නැතහොත් එය සමාජ/උත්සව උත්සවයකට ඔහු සහභාගී වීමේදී අහඹු ලෙස ලැබුණු ආචාරශීලී හමුවීමක්ද?

අදාළ නොවේ. ( ඉන් කියවෙන්නේ එසේ නොවූ බවයි – ශ්‍රී ලංකා බ්‍රීෆ් )

ආරාධනය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයක් සඳහා විය. ( රනිල් වික්‍රමසංහට කිසිදු සම්බන්ධයක් නැත – ශ්‍රී ලංකා බ්‍රීෆ්)

2. ආරාධනාවේ ස්වභාවය

ප්‍රශ්නය: රාජ්‍ය නායකයා ලෙස ඔහු වෙත කරන ලද ආරාධනය ද්විපාර්ශ්වික අධ්‍යාපන සාකච්ඡා සඳහා ඉදිරිපත් කරන ලද්දේද, නැතහොත් ගෞරවනීය සම්මානලාභී (මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ) ගේ කලත්‍රයා ලෙස ප්‍රධාන වශයෙන් ඔහුගේ පෞද්ගලික ධාරිතාවයෙන් ඔහුට ආරාධනා කරන ලදවාද?

ආරාධනය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයක් සඳහා විය. ( රනිල් වික්‍රමසිංහ ගියේ දවල් කෑමට පමණය – ශ්‍රී ලංකා බ්‍රීෆ්)

3. මූල්‍ය සහ ප්‍රොටෝකෝල විධිවිධාන

ප්‍රශ්නය: වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය වික්‍රමසිංහ මහතාගේ පැමිණීමට අදාළ  කවර හෝ වියදම් (උදා: ආරක්ෂාව, ප්‍රවාහනය, නවාතැන්) ආවරණය කළේද, නැතහොත් මෙම වියදම් ආගන්තුකයා විසින් දරනු ලැබුවේද?

විශ්වවිද්‍යාලය දිවා භෝජනයක් ලබා දුන්නේය.

ප්‍රශ්නය: නිල රාජ්‍ය සංචාර සඳහා සම්මත ප්‍රොටෝකෝලය මෙන්, ආරාධනය සහ පසුව ගමන් විස්තරය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා සම්බන්ධීකරණය කර තිබේද?

දිවා භෝජන සංග්‍රහයක් සඳහා වන ආරාධනා පත්‍රය සෘජුවම සහභාගිවන්නන් වෙත යවන ලදී. ( ආරාධනය එවන ලද්දේ මෛත්‍රී වික්‍රමසිංහගේ කොළඹ ලිපනයටය – ශ්‍රී ලංකා බ්‍රීෆ්)

4. සහභාගිවන්නන්ගේ තහවුරු කිරීම

ප්‍රශ්නය: (ජේඩ් ටයිම්ස්) ලිපියෙන් විධිමත් නියෝජිත පිරිසක් අදහස් කෙරේ. එවැනි විධිමත් රැස්වීමක් සිදු වූයේ නම්, ලිපියේ සඳහන් කර ඇති නිශ්චිත රැස්වීමට සහභාගී වූ විශ්වවිද්‍යාල නිලධාරීන්ගේ ලැයිස්තුවක් සපයන්න.

අදාළ නොවේ.  (ජේඩ්ටයිම්ස් ලිපිය ව්‍යාජ පුවතකි- ශ්‍රී ලංකා බ්‍රීෆ්)

ලිපිය අවසන්ය.

මෙම පිළිතුර මෙයට මාස ගණනාවකට පෙර ‘ලංඩන් ටෝක්ස්’ නම් යූ ටියුබ් නාලිකාවද ලබා ගෙන තිබුණි.

දැන් රනිල් වික්‍රමසිංහගේ තනි ධමනිය යළි වැඩ කරන්නට පටන් ගෙන බේරීමට මඟක් සොයනු ඇත.

 

Archive

Latest news

Related news