Friday, February 13, 2026

ජාතිවාදය වපුරන කාස්සප හිමි පිටුපස සිටි කණ්ඩායම හෙළිවේ

ත්‍රිකුණාමලය වෙරළ ආරක්ෂක කලාපයේ අනවසරයෙන් බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10 දෙනාට ත්‍රිකුණාමලය මහාධිකරණය 2026 පෙබරවාරි 11 වනදා ඇප ලබා ගැනීමට සහාය වූ පිරිස ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කල අනුරාධා යහම්පත් විසින් ප්‍රකාශයට පත්  කර තිබේ

ඇප කොන්දේසි වශයෙන් එක් සැකකරුවෙකුට රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන ලදී.

එමෙන්ම  සාක්ෂිකරුවන්ට බාධා නොකිරීම සහ නඩු වාරවලට අනිවාර්යයෙන් පෙනී සිටීම තවත්කොන්දේසියක් විය.

මෙම ඇප ලබා ගැනීමට සහය වූ කණ්ඩායම අතර බෞද්ධ සම්මේලනයේවත්මන් සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නිමල් වන්ද්‍ර වාකිශ්ඨ (මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කරන ලද ඔහු ගෝඨාභය රාජපක්ෂ විසින් අල්ලස් කොමිසමේ සාමාජිකයකු ලෙස පත් කරන ලදී), ගෝඨාභය ආණ්ඩුවේ පොලිස් ඇමති වූ  රියර් අදමිරාල් සරත් වීරසේකර, දිලිත් ජයවීර යනාදීන් අනුරාධා  යහම්පත් විසින් සඳහන් කර තිබේ.

 

තවත් වර්ගවාදී ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන ලද නමුත් වැරදි ගිය බුදුපිළිම සිදුවීම පිටුපසද එම පිරිස් සිටියේ ද යන්න දේශපාලන අංශ අතර කතා බහට හේතු වී තිබේ.

Archive

Latest news

Related news