Thursday, February 12, 2026

අමරකීර්ති ඝාතන නඩුවේ දඩුවම් වැඩි කරන ලෙස නීතිපති ඉල්ලන්න යයි!

2022 වසරේදී ඝාතනය කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිව, නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇති බව ස ලීඩර් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර ජාතක ජන බලවේගයේ ප්‍රකට සහායකයකු වන මහාචාර්ය නිරිමාල් රංජිත් කියා සිටින්නේ මෙම නඩුවෙහි දඩුවම් ලද පුද්ගලයින් නිදහස් කිරීමට ජනාධිපති පියවර ගත යුතු බවයි. ඔහු  ප්‍රකාශ කරන්නේ  මෙම සිදුවීමට අරගලයට සම්බන්ධ වූ සෑම දෙනාම වගකිවයුතු බැවින් දඩුවම් ලද පිරිස් නිද්හස් කළ යුතු බවය.

ද ලීඩර් වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කරයි.

ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුවට අනුව, මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වී ඇති පිරිස මෙයට වඩා වැඩි විය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ.

නිදහස් වූ පිරිස අතරින් තවත් පිරිසකට දඬුවම් හිමි විය යුතු බවත්, යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම සඳහා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බවත් නඩුව මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රමුඛ නීති විශාරදයන් පෙන්වා දී ඇත.

ඒ අනුව, අදාළ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයා විසින් අවශ්‍ය අවසරය ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Archive

Latest news

Related news