Saturday, January 17, 2026

මාධ්‍ය මර්දනයේ “කලු ජනවාරිය” කුමක්ද කෙසේද යත්? – සුනන්ද දේශප්‍රිය 2013 ජනවාරි.

පහත පළවන ලිපිය මවිසින් ලියන ලද්දේ 2013 වර්ශයේ ජනවාරි මාසයේදී රාවය පුවත්පතටයඑහි මැය වූයේ “කලු ජනවාරිය 2013 වන තෙක්ම කලුය” යනුය. 2013න් පසු ජනවාරී මාසයන්හි සිදුවූ මාධ්‍ය මර්දනයේ සිදුවීම් මෙහි අඩංඟු නොවේ. මෙහි සිදුවීම් 51ක් ඇතුළත් වන අතර සමහර සිදුවීම් මගහැරී තිබීමට ඉඩ නැතුවා නොවේ. කාලීන වැදගත්කම සළකා එම ලිපිය යළි පල කැරේ.

මාධ්‍ය මර්දනයේ කලු ජනවාරිය යන යෙදුම ඇරඹුණේ එළෙසයදැන් අප 2021 ජනවාරි මාසය දෙස බැලුවහොත් මේ මාසය ජනමාධ්‍ය නිදහසට කොතරම් හානිකරවීදැයි දැකිය හැකිය. ( ඒ් ගැන පසුව ලියමි)

 

ඉන් අනතුරුව එකකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරුවූ සුනිල් ජයසෛ්කරනිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිත්‍ය ක්‍රියාකාරිකයකු වන උදය කළුපතිරණ සමග එක්ව මෙම යෙදුම සමාජගත කරමින් කලු ජනවාරිය නමින් විරෝධතා වාර්ශික විරෝධතා ව්‍යාපරයක් සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේය.

පහත සඳහන් කරුණු සඳහන් කර ඇත්තේ ජනවාරි මාසයේ දින පිළිවෙළට මිස වර්ශ අනුව නොවේ.

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයිඑම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ සිට ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ තොරතුරු නිදහස මුහුණ දුන් මර්ධනකාරී සිදුවීම් පෙළ කෙටියෙන් මෙසේ .

01සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම (2006 ජනවාරි 01)

02. පාර්ලිමේන්තු මංත්‍රී ටීමහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීමඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු . (2008 ජනවාරි 01)

03. සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම. (2010 ජනවාරි 01)

04. සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය. (2009 ජනවාරි 02)

05. වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පසුගිය සභාපතිවරයාට ජීවිත ආරක්ෂාව පතා යුරෝපා රටකට පලා ඒමට සිදුවීම. (2013 ජනවාරි 02)

06. යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම. (2008 ජනවාරි 03)

07. යාපනයේ විද්යුත් ජනමාධ්‍යවේදියකු වන ඒඩැනියෙල් අත් අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් පැය 3ක් ප්‍රශ්න කළේ යඊට හේතුව වූයේ යාපන ආණඩුකාරයා විසින් යාපනයට පැමිණි බ්‍රිතාන්‍ය මංත්‍රීවරයකුට පනවන ලද වාරණයක් සම්බන්ධයෙන් ඔහු පළ කර තිබූ පුවතකි. (2012 ජනවාරි 04)

08. වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම. (2006 ජනවාරි 05)

09. යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම. (2006 ජනවාරි 05)

10. හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම.

එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත. (2008 ජනවාරි 05)

11. යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනයඅනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය. (2008 ජනවාරි 06)

12. සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ආරක්ෂක හමුදා පන්නයේ සන්නද්ධ ප්‍රහාරයමෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී. (2009 ජනවාරි 06)

13. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීමඅනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය. (2008 ජනවාරි 07)

14. ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීමමෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර . (2008 ජනවාරි 08)

15රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් දිගින් දිගටම අධිකරණයට සහ අගවිනිසුරැවරියට එරෙහිව කරගෙන යන අපහාසාත්මක ප්‍රචාරයන් පිළිබදව අධිකරණ සේවා කොමිසම සිය කනස්සල්ල පළ කලේ යඑසේ නමුත් අපහාස ව්‍යාපාරය නොනැවතුනි. (2013 ජනවාරි 07)

16. යතුරැ පැදි හතරකින් පසුපස එළවා පැමිණි නාදුනන තුවක්කුකාර කණ්ඩායම සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලදී. (2009 ජනවාරි 08)

17විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට ඉංග්‍රීසි පුවත්පත් ගැරහීමට ලක් කරමින් ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවිය යුතු යැයි කියා සිටියේ යඔහු කියා සිටියේ එම පුවත් පත් තමාගේ කතා විකෘති කරන බවයි. (2013 ජනවාරි 08)

18. එස්.බීදිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දෙන ලදී. (2007 ජනවාරි 09)

19. ශ්‍රී ලංකාණ්ඩුව වෙබ් අඩවි ලියා පදිංචිය ආරම්භ කලේ ප්‍රථම වරට ලැබුණූ ඉල්ලුම් පත්‍ර 81කින් අනුමත කරන ලද්දේ 21ක් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගනේගල මහතා පැවසීය. (2012 ජනවාරි 10)

20. නීතිවේදී එකමුතුව විසින් අලුත් කඩේ අධිකරන සංකීර්නය අසළ සිට ආරම්භ කළ සාමකාමී පා ගමනට ආණ්ඩුවේ මැරපිරිස් විසින් පහර දුන් අතර පොලීසිය මැරවරයින්ගේ ආරක්ෂාව සහතික කළේය. (2013 ජනවාරි 10)

10. යාපනයේ ජනප්‍රියම දෙමළ පුවත්පත වන උදයන් පුවත් පත බෙදා හරිමින් සිටි සේවකයකුට පහර දුන් යතුරැපැදි කණ්ඩායමක් ඔහුගේ යතුරැ පැදිය සහ බෙදා හැරීමට ගෙන යමින් සිටි පුවත්පත් තොගය ද ගිනි තැබුවේ ය. (2013 ජනවාරි 10)

21. අධිකරණයට විරැද්ධව පෙළපාලියක් මෙහෙය වූ ඇමැති රිෂාර්ද් බදුර්දීන් විවේචනය කරන වාර්තා පළ කළ මන්නාරමේ ජනමාධ්‍ය වාර්තාකරුවන් තිදෙනෙකුට මරණ තර්ජන සහිත ලිපි එවා තිබුණි.ටී.මාර්ක්එස්.ආර්ලැම්බර්ට් සහ එන්.ජේබෙලෙස්තුස් එම ජනමාධ්‍ය වේදීන් තිදෙනාය. (2013 ජනවාරි 10)

22අම්පාර දිසාවෙහි ජේෂ්ඨතම ජනමාධ්‍ය වේදියකු වන පී.එම්.එම්.කාඩර් මහතාට පාලක පක්ෂයේ දේශපාලනඥයකු විසින් දරැණු ලෙස පහර දෙනු ලදුව රෝහල් ගත කිරීමට සිදු වියමෙම ප්‍රහාරය එල්ල වූයේ සරණාගත පිරිස් පිළිබදව තොරතුරැ රැස් කිරීමට ගොස් සිටි අවස්ථාවකදී . (2011 ජනවාරි 11)

23. ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීමඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි. (2006 ජනවාරි 12)

24. ජනප්‍රිය සහ විපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා නිවිස් වෙබ් අඩවියට දිගින් දිගටම හැකර ප්‍රහායන් එල්ල වෙමින් පවතින බව එම වෙබ් අඩවිය වාර්තා කලේ එම අඩවිය ශ්‍රී ලංකාන්ඩුව විසින් තහනම් කොට ඇති එකකි. (2012 ජනවාරි 12)

25. සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම (2010ජනවාරි 13)

26. ජනමාධ්‍ය සංවිධානයන්හි ඉල්ලීම නොසළකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද පුවත්පත් කොමිසම වාඩ අරඹන ලද අතර ජනමාධ්‍ය සංවිධාන 08ක් ඊට විරුද්ධත්වය පල කරමින් නිවේදනයක් නිකුත් කරන ලදී. (2011 ජනවාරි 14)

27. අතුරැදහන් කරන ලද ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදෙස් රටක වාසය කරන බවය අතේ පැලවෙන මුසාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයට කියූ සහ නීතිපති වශයෙන් ජනමාධ්‍ය වේදීන් ඝාතනය කිරීම සම්බන්ධ කිසිදු පරික්ෂනයක් අවසන් නොකළ මොහාන් පීරිස් අගවිනිසුරැ ධුරයට පත් වීම (2013 ජනවාරි 15)

28. අගවිනිසුරවරිය වූ ශිරානි බණ්ඩාරනායක නිල නිවෙසින් පිටවී යෑම වාර්තා කිරීමට ගිය බොහෝ වූ ජායාරැප ශිල්පීනට පොලීසිය තහංචි පැන වූ අතර එම ජනමාධ්‍ය වේදීන්ට සිය අදහස් දැක්වීමට ඇය දැරෑ ප්‍රයත්නයට පොලීසිය ඉඩ දුන්නේ නැත. (2013 ජනවාරි 15)

29. යාපනය නගරයේ විරෝධතා බැනරයක් අත්සන් කිරීමේ යෙදී සිටි සම අයිතිය ව්‍යාපාරයේ සාමාජිකයන්ටත් ජනමාධ්‍යවේදීන් ඇතුළු රැස්ව සිටි පුරවැසියන්ටත් යුද හමුදා ඇඳුම් හා සමාන ඇදුම් හැද සිටි පිරිසක් පැමිණ කළුතෙල් ප‍්‍රහාරයක් එල්ල කරන ලදීඑදින සම අයිතිය ව්‍යාපාරයේ නියෝජිතවන් යාපනය බලා ගිය වාහනයේ විදුරු කුඩුපට්ටම් කල පිරිසද ආරක්ෂක රැකවල් මැදින් පලා ගියේ . (2013 ජනවාරි 15)

30. ශ්‍රී ලංකාවෙහි පවත්වා ගැනෙන පුවත් වෙබ් අඩවි සියල්ල ජනවාර් 15 දිනට පෙර ගාස්තු වශයෙන් රු.35,000ක් ගෙවියයුතු බවට ජනමාදය අමාත්‍යාංශය නිවේදනය කලේ ය. (2013 ජනවාරි 15)

31. රාජ්‍ය පාලිත සිළුමිණ නම් පුවත්පතෙහි කතුවරයා විපාක්ෂික අදහස් පතුරවන වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා විය. (2011ජනවාරි 16)

32. මව්බිම පුවත්පතෙහි කතරගම වාර්තාකරුවන චන්දිම අල්විස් මහතාට රජයේ දේහපාලනඥයකු වන අත්තනායක නම් ප්‍රාසභා මංත්‍රීවරයකු විසින් ඔහු කරන ලද වාර්තාකරනයක් හේතු කොට පහර දෙන ලදී. (2012 ජනවාරි 16)

33යාපනයේ තිනක්කූරල් පුවත්පත්ට අයත් තිනකුකූරල් නවාතැනට නාදුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බරපතල හානි සිදුවියමෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ උතුරෙහි සිදුවන අතුරැදහන්වීම්වලට එරෙහිව පැවැත්වීමට තිබූ පුවත්පත් සාකච්ජාවක් නතර කිරීමට බව වාර්තා විය. (2012 ජනවාරි 17)

34ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ  සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට  එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට  හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාමපසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය. (2007 ජනවාරි 18)

35. අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ අනිසි දෝශාභියෝගයට එරෙහිව පැනු නැගුනු පුළුල් විරෝධතාවයේ නායක වැඩ කොටසක් ඉටු කළ ජේෂ්ඨ නිතිවේදීන් හතර දෙනෙකුට මරණ තර්ජන සහිත ලිපි එවා තිබුණි. (2013 ජනවාරි 18)

36. ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීමඑල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ  සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැතඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ඔහුට සිදු වූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත. (2009 ජනවාරි 22)

37. ත්‍රිමලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම. (2007 ජනවාරි 24)

38. රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයසැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය (2009 ජනවාරි 24)

39. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට . (2010 ජනවාරි 24)

40. ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීමඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය. (2008 ජනවාරි 25)

41. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, . මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට  භාජනය කරන ලදීමෙම සිදුවීම අමාත්‍ය මර්වින්  සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ (2008 ජනවාරි 25)

42. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සඳහා කටුයතු කරන ජනමාධය සංවිධාන සහ ජනමාධ්‍යවේදීන් එල්ටීටීඊ සංවිධානයේ අරමුදලින් යැපෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ . (2012 ජනවාරි 26)

43. තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරයමෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ. (2008 ජනවාරි 28)

44. ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගන්නා ලදීකිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී. (2010 ජනවාරි 28)

45. නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම (2010 ජනවාරි 28)

46. රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීමඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි. (2010 ජනවාරි 28)

47. ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීමමෙම සිදුවීම අමාත්‍ය මර්වින්  සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ. (2008 ජනවාරි 29)

48. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීමනමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී. (2010 ජනවාරි 29)

49. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා  නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම (2010 ජනවාරි 29)

50. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට මුද්‍රා තැබීම” පසුව කිසිදු චෝදනාවක් නැතිව එම මුද්‍රා ඉවත් කරන ලදී. ( 2010 ජනවාරි 29)

51ජනප්‍රිය ත්‍රෙ භාෂා වෙබ් අඩවියක් වන ලංකා  නිව්ස් හි කාර්‍යාලයට නාදුනන මැරවරයින් විසින් ගිනි තබන ලදීගින්නෙන් කාර්‍යාලයේ පරිගණක සමඟ මිල කළ නොහැකි පුස්තකාලය සහමුලින්ම දැවී ගියේ . (2011 ජනවාරි 31)

Archive

Latest news

Related news