රංගාලෝක වෙනස්කම් හරහ දර්ශන අපූරුවට විදහාපාමින් ලලිත් අතාවුද, සහාය අධ්‍යක්‍ෂණයෙන් එස්. ජීවරාජ්, සංගීත අධ්‍යක්‍ෂණයෙන් හේමන්ත චන්දිමාල් ලියනපතිරණ, වේදිකා පරිපාලනයෙන් දනුක මාලින්ද බාලසූරිය යන සහෘද ශීල්පීන්, “යකාවැවට නන්දිකඩාල්” සැබෑ කථිකාවේ ප්‍රාණය විනාශ නොවී ප්‍රේක්‍ෂක බුද්ධිය යථාර්තවාදීව විවර කරන්නට හැකිවන සේ, රංගාවේෂයේ පිටපත රචනා කර, අධ්‍යක්‍ෂණය කරන කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව උපාධිධාරියෙකු සහ තරුණ නාට්‍ය නිර්මාණකරුවකු වන ගයාන් රන්දීරගේ උත්සාහය නිර්ලෝභීව ඔසවා තබයි.
එකම අවස්ථාවේ දී දෙමළ සහ සිංහල භාෂා දෙකෙන් ම රංගාවේෂය වේදීකාව මත ජීවමාන වන බැවින් භාෂා අසීරුතාවක් කෙසේවත් පැණනොනගින අතර, රූපනය සහ හඬ දෙකම එකවිට ග්‍රහණය කරගැනීමට පහසු වන සේ අධ්‍යක්‍ෂක විසින් රංගාවේෂය මනාව හසුරුවා ඇති ආකාරය ප්‍රශංසනීය ය- තවද, නළු නිළි සැවොම ගායන වෘන්දයේ නිරතවීම ද මෙම කථාපුවත් හී යථාර්තය තවත් ගැඹුරකර පෙන්වන අරුමැසියකි. ඒ නම්, සංවදයේ දී පමණක් නොව, ගායනයේ දී පවා මතුව එන්නේ ඔවුන්ගේම අර්බුදයේ, වේදනාවේ සහ බලාපොරොත්තුවේ සැබෑ ම ස්වරයයි.
“යකාවැවට නන්දිකඩාල්” කථා පුවත රඟදක්වන චරිත ගොඩනැගෙන්නේ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය
(ONUR) විසින් සිය කාර්යාලයේ වගකීම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් හරහා ගනු ලැබූ සමාජය සුවපත් කිරීමේ එක් පියවරක දී ය. මායම්ගම්මාන වන අනුරාධපුරය, කැබිතිගොල්ලෑව සහ මුලතිව්, නන්දිකඩාල් යන ප්‍රදේශවල ජීවත්වන යුද්ධයෙන් හොඳින් බැට කෑ සිංහල සහ දෙමළ තරුණ බාල මහළු මෙන් ම කාන්තා පිරිමි කණ්ඩායමක් 2025 මැයි මාසේදී පමණ සුවපත් වීමේ මේ ගමනට මුලපුරා ඇත.රංගාවේෂයේ කෙනෙකු හැර අන් සියල්ලෝම නළු නිළියෝ නොවෙති. සැවොම තම තමන් යුද්ධයට මුහුණ දුන් ආකාරය ඒ වේදනාව බෙදාගන්නට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් විවෘත කළ පොදු වේදිකාවකට පැමිණි නාඳුනන භාෂා දෙකක් කථාකළ මිනිසුන් වූහ. කාලයාගේ ඇවැමෙන් සහ පා තැබූ
(ONUR) වේදිකාවේ අපූරුව නිසා, දැන් ඔවුන් එකම කුටුම්භයක් මෙනි. (ONUR) එකෙන් කරන අතීශ්‍ය වැදගත් වැඩක් නිසයි මම මේ නාට්‍යට සම්බන්ධ වෙන්න හිතුවේ- පුරවැසියො විධියට අපිටත් ජාතික වගකීමක් තියෙනවානේ මෙවැනි ජාතික කාර්යයන් වලදී සහයෝගය දෙන්න යැයි පැවසූ “යකාවැවට නන්දිකඩාල්” රංගාවේෂයේ අධ්‍යක්‍ෂක ගයාන් රන්දීර, මෙම දුෂ්කර කාර්යය ඉටුකිරිමේ සිය අත්දැකීම මෙසේ බෙදාගත්තේය.ඔහුට අනුව, ඔහුගේ කාර්ය භාරය තුළ දී ඔහු මුහුණ දූන් දූෂ්කරම කාර්ය වී ඇත්තේ නාට්‍යකරණය සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති පිරිසක් සමග කටයුතු කිරීමට සිදුවීමත් භාෂාව ප්‍රශ්නයක් වීමත් වැඩකිරීමේ දී ගැටලු මතුවීමත් ය.
එමෙන්ම, “මම මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි වෛරය සමනය කරන්නට ගත් උත්සාහය- දෙගොල්ලෝම අනෙකා දිහා බලන්නේ අවිශ්වාසයෙන් සහ සැකයෙන්. දෙපාර්ශවයේම හිත්වල නොකියන වෛරයක් තිබුණා. නමුත් වැඩමුළු කරගෙන ඉදිරියට එනකොට ඒ සේරම හරිගියා. හැමෝම අතර තේරුම් ගැනීමක් , ආදරයක් ඇතිවුණා- අවසානයේදි එකම පවුලක් වගේ සහයෝගයෙන් වැඩකරන්න පටන්ගත්තා- මට සතුටුයි.” යනුවෙන් ගයාන් රන්දීර “යකාවැවට නන්දිකඩාල්” රංගාවේෂයේ සාමුහීක සාර්ථකත්වය ගැන සිය සතුට එසේ ප්‍රකාශ කළේය.
“යකාවැවට නන්දිකඩාල්” රංගාවේෂය අප නෙතු ගැටීම ආරම්භ කරවන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ විහඟ සත්සර නැමති සිංහල තරුණ සිසුවෙකු හා නිත්‍යා නැමති දෙමළ සිසුවියකගේ සංවාදයකිනි. ඔවුහු ආදරවන්තයෝ වෙති- කැබිතිගොල්ලෑව බස් බෝම්බයට ගොඳුරුවී සත්සරගේ දෙමාපියන් මියයෑමෙන් සත්සර ජීවත්වන්නේ තම සීයා සමගය. ඒ හා සමානව ම නිත්‍යා ද රුදුරු යුද්ධයේ වින්දිතයෙකු වන්නේ ඇය අනාථ කඳවුරක උපන් පියා අහිමි දැරියක වීමයි. එපමණක් ද නොව- මායිම් ගම්මානයක ජීවත් වූ නිත්‍යාගේ මව යුදහමුදාව සහ දෙමළ ත්‍රස්තවාදීන් අතර ගැටුමකදී අසීරුවෙන් දිවිබේරාගෙන අනාථ කඳවුරක දිවි ගතකළ තරුණියක විය. ඇගේ ඥාතීන් සවොම එකී යුද්ධයේ ගොඳුරු බවට පත්වීමෙන් ඇයට සිටින එකම ඥාතියා නිත්‍යා පමණි- නිත්‍යාට සිටින්නේ ද සිය මව පමණි.
“යකාවැවට නන්දිකඩාල්” රංගාවේෂයේ මුල මැද අග රූප, සංවාද , නැටුම්, ගැයුම්, සටන්, වැළපීම්, ආලෝකය සහ ශබ්ද්ද සමගින් ඉතා හොඳින් සම්මිශ්‍රණයකර, ප්‍රේකක්‍ෂකයා වෙත ඉදිරිපත් කරන දෙපාර්ශවයකගේ වැලපීමේ සහ අපේක්‍ෂාවේ සැබෑ ජීවිත කථා සමූහයක් ඉදිරිපත් කිරීමෙන් හා නැරඹීමෙන් පමණක් එකී ජීවිතවලට සාධාරණය ඉටුකළ නොහැක “යකාවැවට නන්දිකඩාල්” තුළින් පෙන්වා දෙන සත්‍ය කථා වැනි තවත් කථා දහස් ගණනක් මේ ලක් දෙරණේ විශේෂයෙන් අවි ගැටුණු , බෝම්බ පතිත වූ පොළෝ මත තවමත් යුක්තිය සහ සාධාරණය.
“ඔව්!ඇත්තටම, උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසනීය බව යථාර්තයක් බවට පත්කර ගන්නට අපට කටයුතු කරන්නට වෙනවා. ඒ සඳහා අපේ කාර්යාලය විවිධ මාර්ග වලින් මේක සාක්ශාත් කරගන්න උත්සහා දරනවා. වරින්වර අපි දකිනවා ජාතිවාදි , ආගම්වාදී ප්‍රවනතා රටේ ඇතිවෙනවා ඒ නිසා ජාතික සමගිය හා සංහිඳියාව වෙනුවෙන් නොකඩවා මේ ගමන යායුතු වෙනවා”යැයි සභාපති විජිත් රොහාන් පැවසූවේය.
මතවාදීව පුළුල් කථීකාවකට යායුතු බව පෙන්වා දුන් ඔහු, ඒ සඳහා සිය කාර්යාලය පසුගිය වසරේ සිට සාකච්ඡා කළ බවද, ජාතික සමගිය සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ද කීවේය.
“මම හිතන්නේ අපේ කාර්යාලයේ ලොකුම කාර්යය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සම්බන්ධ කරගෙන මේ සඳහා සංවාධයක් ඇතිකර ජාතික ප්‍රතිපත්තිය ගොඩනංවා ගැනීම-.ඒ ප්‍රතිපත්තිය ඇතුලේ අපිට ලොකු අවකාශයක් ලැබෙනවා, සංහිඳියාව පිළිබඳව පුළුල් කථිකාවකට යන්නට” මෙය බලාපොරොත්තුවේ ප්‍රකාශයකි.
ගැටුම් අවසන් ව ද, මෙවැනි කාර්යාලයක් ආරම්කර වසර ගණනාවක් වුව ද, ජාතික සංහිඳියාවක් වෙනුවෙන් දැනෙන කිසිවක් සිදුවි නොමැති තැන “යකාවැවට නන්දිකඩාල්” හරහා ගත් පියවර ප්‍රශංසනීය ය.