(Sri Lanka Brief) 2010 දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවෙහි සැකකරුවකු වන යුද්ධ නිලධාරියකුට ජනාධිපති අනුර කුමාර දිසානායක උසස්වීමක් ලබා දී තිබේ. මෙහි අරුමය වන්නේ ප්‍රගීත් පැහැර ගත් ජනවාරි මාසයේ මෙම උසස්වීම ලබා දීමයි. පැහැර ගැනීමට දැන් වසර 16කි.
ජනවාරිය යනු මෙරට මාධ්‍ය මර්දනයේ කැපි පෙනන මාසයකි.
මෙවැනි නඩුවක සැකකරුවකුට උසස්වීම් ලබා දීම මෙරට පවත්නා සම්ප්‍රදාය අනුව උසස්වීම් ලබා දෙන්නේ නැත. රජයේ සේවකයකු විභාග වන නඩුවක එවැනි සැකකරුවකු වුවහොත් වැඩ තහනම් කරනු ලැබේ.
අනුර කුමාර දිසානායක යනු ප්‍රගීත් එක්නැළිගොඩ ඇතුළු මෙරට ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වී බලයට පත් දෙවන ජනාධිපතිවරයාය.
එලෙස පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව නඩු පවරණ ලද නමුත් ජනාධිපති සිරිසේන එම පරීක්ෂන අඩාල කළේ රණවිරුවන් සිරගත කිරීමට ඉඩ නොදෙන බව කියමිනි.
දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවෙ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රගීත් පැහැර ගැනීමේ නඩුවෙහි තෙවැනි විත්තිකරු වන ලුතිනන් කර්නල් ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස් කර්නල් තනතුරට උසස් කර තිබේ. මෙම උසස්වීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බව දැක්වෙන වාර්තාවක් ශ්‍රී ලංකා බ්‍රීෆ් සතුව තිබේ. ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන තුරු මෙම උසස්වීම් ක්‍රියාත්මක වන්නේ නැත. එම ලේඛනයේ දාතම ජනවාරි හය වනදා වන අතර එයට අතසන් කර ඇත්තේ යුද හමුදා ලේකම් මේජර ජෙනරල් බී.ජී.එන්. ප්‍රනාන්දු විසිනි.
ජනමාධ්‍යවේදියකු පැහැරගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකට උසස්වීමක් ලබා දීමට ජනාධිපති දිසානායකට සිදුවීමෙන් පෙනී යන්නේ ඔහුම පුන පුනා කියන කලු රාජ්‍යය නොහොත් පාර රාජ්‍යයේ දඩු අඩුවට ඔහුද අසුවී සිටීම නිසාදැයි ප්‍රශණයක් මතු වී තිබේ.
දිසානායක ආණ්ඩුව රාජ්‍ය පාලනය මිලිටරිකරණය කිරීම අතින් රාජපක්ෂ රිජජීමයනට දෙවැනි නැත.
මෙම නඩුව විභාගවන්නේ ත්‍රි පුද්ගල මහාධිකරණයක් හමුවේය. එවැනි නඩුවක සැකකරුවකුට උසස්විම් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ වැනි පාලන කාලයන්හිදී පමණය.
පැහැර ගැනීම සිදු වූ 2010 ජනවාරි 24 දා වන විට ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස් මේජර්වරයෙකි.
2026 දී සිදුවෙමින් පවතින
ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ චෝදනා ලබා ඇති සැකකරුවන් මෙසේය:
බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න – ප්‍රධාන චූදිතයා; කලින් ලුතිනන් කර්නල්වරයෙකු සහ ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාය.
ලුතිනන් කර්නල් ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස් – සිද්ධිය වන අවස්ථාවේ හිටපු මේජර්වරයෙකි.
ඩබ්ලිව්.ඩී. උපසේන (නොහොත් සුරේෂ්) – හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකි.
ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නොහොත් නාඩන්) – හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකි.
එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (නොහොත් රංජි) – හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකි.
චමින්ද කුමාර අබේරත්න – හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකි.
කණිෂ්ක ගුණරත්න – හමුදා බුද්ධි ඒකකයේ සාමාජිකයෙක්.
අයියසාමි බාලසුබ්‍රමනියම් – හමුදා බුද්ධි ඒකකයේ සාමාජිකයෙක්.
තරංග ප්‍රසාද් ගමගේ – හමුදා බුද්ධි ඒකකයේ සාමාජිකයෙක්.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩු හේතුවෙන් නඩු විභාගය ප්‍රමාදයන්ට මුහුණ දී ඇති අතර, එය 2025 අගභාගයේදී මෑත දක්වා කල් දැමීමට හේතු විය. 2025 ජුනි මාසයේදී, ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සුරේෂ් කුමාර්ට තර්ජනය කිරීමේ චෝදනාව මත විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න කෙටි කලකට රිමාන්ඩ් කරනු ලැබීය.
පැහැර ගැනීමේ සහ නඩු විභාගයේ කාල රාමුව:
2010 ජනවාරි 24 – පැහැර ගැනීම
2010 ජනවාරි 24 – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ හෝමාගමදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම.
2015 – විමර්ශනය නැවත ආරම්භ කිරීම
2015 අගෝස්තු – හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර පැහැර ගැනීමෙන් පසු එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරට ගෙන ගොස් ඇති බවට සාක්ෂි මතු වීම..
2018 – අධිකරණ සංවිධාන පනතට කරන ලද සංශෝධන මගින් නඩුව සඳහා ස්ථිර මහාධිකරණ ත්‍රි පුද්ගල අධිකරණයක් පිහිටුවීම.
2019 — අධිචෝදනා ගොනු කිරිම.
2019 නොවැම්බර් 27 — පැහැර ගැනීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හමුදා නිලධාරීන් නව දෙනෙකුට විධිමත් ලෙස අධිචෝදනා ගොනු කිරීම.
2019 අගභාගය – නඩු විභාගය ආරම්භ වීම.
2019 දෙසැම්බර් – ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවෙහි අධිචෝදනා භාර දී සාක්ෂි විභාග කිරීම සහ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීම ආරම්භ විම.
2020 – අධිකරණ ක්‍රියාකාරිත්වය සීමා කරන COVID-19 ඇඳිරි නීතිය හේතුවෙන් අධිකරණ දින 2020 ඔක්තෝබර්-නොවැම්බර් දක්වා කල් දැමීම.
2022 ජුනි 17 – බුද්ධි නිලධාරීන් නව දෙනෙකු ඇප මත නිදහස් කිරීම සහ සංචාරක තහනම් පැනවීම.
2025 ජූනි 11 — නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා මත විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න (ප්‍රධාන විත්තිකරුවෙකු) මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් රිමාන්ඩ් කරනු ලැබීම.
2025 ජූලි 16 — විමර්ශන කරුණු පිළිබඳව සාක්ෂි දීම සඳහා CID අධ්‍යක්ෂ ශානි අබේසේකර දැනට පවතින නඩු විභාගයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරිම.
2025 ඔක්තෝබර් 30 – අධිකරණ විනිසුරු මඩුල්ලේ පුරප්පාඩු හේතුවෙන් ත්‍රිපුද්ගල නඩු විභාගය 2025 දෙසැම්බර් 5 දක්වා කල් තැබිම.
2025 දෙසැම්බර් 6 නඩු විභාගය දිගටම සිදුවීම.