“ඩග්ලස් දේවාන්නදා රජයේ ගිනි අවි යළි බාර දුන් බවට වාර්තා නැහැ; තවත් ගිනි අවි 19ක් ගැන පරීක්ෂණ කරනවා” – සීඅයිඩිය අධිකරණයට වාර්තා කරයි
හිටපු ඇමතිවරයකු, සමාන්තර හමුදා නායකයකු සහ ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා තවදුරටත් රැදවූම් භාරයේ තබා ගැනීමට අවශ්‍ය බවට පසුගිය දෙසැම්බර් 28 දා අධිකරණයට වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවෙහි මිනී මැරැම් අංශයේ ස්ථානාධිපති එස්. එම්.පී.එ. පොල්වත්ත අධිකරණයට වාර්තා කර ඇත්තේ දෙවාන්නදා විසින් ප්‍රශ්න ගත පිස්තෝලය ආපසු බාර දුන් බවට කිසිදු වාර්තාවක් නැති බවයි. ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ වරදක් කර නැති බැවින් ත්‍රස්ත පනත යටතේ රඳවා ගැනීම වෙනුවට රැදවුම්භාරයට පත් කරන ලෙස ඔහු ඉල්ලා සිට තිබේ.
මාකදුරේ මදූශ් ලග තිබී, ආරක්ෂක අංශ විසින් ඩග්ලස් දොවානන්දාට නිකුත් කරන ලද පිසතෝලය ආපසු බාර දුන් බවටත් එය මධූශ්ට ලැබෙන්නට ඇත්තේ ආරක්ෂක අංශ විසින් යැයි ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ඩේලි මිරර් හි පළ කරන ලද ලිපිය ව්‍යාජ තොරතුරු හත පදනම් වී ඇතයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එපමණක් නොව ඔහු වෙත ලබා දෙන ලද රයිෆල් ඇතුලු ගිනි අවි 19ක් පිළිබඳ තොරතරු ලබා දීමට දේවාන්නදා අසමත් වී ඇතයි එම වාර්තාව සඳහන් කරයි. ඔහු පාර්ලිමෙන්තු මංත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලයේ දී දෙවරක් එම තොරතුරු ලබා දීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුව කරන ලද ඉල්ලිමට ඔහු අවනත වි නැත.
මෙම වාර්තාව සදහන් කරනනේ එකී ආයුධ ද අපරාධකාරී කණ්ඩායම් සතුව ඇත්ද යන්න සෙවීමට ගවේශණ ක්‍රියාත්මක බැවින් ඔහුට ඇප ලබා දීම එම ගවේශණ වලට බාධාවක් විය හැකි බවයි.

අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි මෙසේ සඳහන් වේ,
“2019.05.05 වන දින කොළඹ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයක් මගින් මෙම විශේෂ නඩුවට අදාළව සැකකරු එනම් මධූශ් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබූ ගිනිඅවි හා උණ්ඩ ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇත. ඒ අනුව සැකකරු විසින් නීති විරෝධී ලෙස ගිනිඅවි තබාගෙන සිටි බවට කරුණු අනාවරණය වී ඇත.
එම විමර්ශනයේ කටයුතු වලදී නීති විරෝධී ආයුධ තබාගෙන සිටීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවරඛණ ලද අතර, එම ආයුධ හා උණ්ඩ පොලිස් භාරයට ගෙන විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොමු කර ඇත. ඒ අනුව මෝටර් රථයක් තුළ සඟවා තබා තිබූ පහත සඳහන් ආයුධ හා උණ්ඩ සොයාගෙන ගන්නා ලදී.
මෙම ආයුධ සම්බන්ධයෙන් නීතිවිරෝධී බව තහවුරු කර ගැනීමට යොමු කළ විමර්ශනය අංක 146/2019 යටතේ පවත්වා ඇති අතර එම විමර්ශනයේදී පහත දේවල් හඳුනාගෙන ඇත.
-
අංක 245PT50941 දරණ ගිනිඅවිය.
BROWNI MOD P4 වර්ගයේ කළ ගිනිඅවිය.
උණ්ඩ 02 ක්.
ඉහත සඳහන් විමර්ශනයට අදාළව විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී අංක 245PT50941 ගිනිඅවිය පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී එම ගිනිඅවිය 2000.07.10 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගබඩාවකින් නිකුත් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. එම ආයුධයට අදාළව උණ්ඩ වර්ගයන් ලෙස 8.7.62 මි.මී. උණ්ඩ 13 ක්, 919 මි.මී. උණ්ඩ 11 ක්, 8.919 මි.මී. උණ්ඩ 06 ක්, 8.7.6239 මි.මී. උණ්ඩ 1560 ක්, 8.919 මි.මී. උණ්ඩ හිස් පැකට් 100 ක් යනාදිය සොයාගෙන ඇති අතර ඒවා නීති විරෝධී ලෙස භාවිතයට තබාගෙන තිබූ බව තහවුරු වී ඇත.
එම ආයුධ අදාළව සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ මගින් “මෙම ගිනිඅවි හා උණ්ඩ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බවට / පැරණි ලියාපදිංචි ලේඛන අනුව තහවුරු වන අතර, එම ආයුධ / උණ්ඩ නීතිවිරෝධී ලෙස පුද්ගලික භාවිතයට ලබාගෙන ඇති බව” යන්න තහවුරු කර ඇත. ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත. (අනුලේඛ 1)
මේ නිසි අයුරින් නඩත්තු නොකිරීම හා අදාළ නීතිමය ක්‍රියාවලිය අනුගමනය නොකිරීම හේතුවෙන් ආරක්ෂක අංශවලට අයත් ආයුධ පුද්ගලික භාවිතයට යොමු වී ඇති බවට මෙම විමර්ශනයෙන් කරුණු අනාවරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති අතර, සැකකරු මධූශ්ට එරෙහිව නඩු පවරන ලදී. එම නඩුව විභාග වන තුරු අදාළ ආයුධ හා උණ්ඩ රාජ්‍ය භාරයේ තබා ගැනීමට නියෝග කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදු කළ නීතිමය හා විමර්ශන කටයුතු පිළිබඳ සම්පූර්ණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙයින් දන්වමි.”

පොලිසියට දුන් ප්‍රකාශයෙහි දී ප්‍රශ්ණ ගත ආයුධ යළි බාර දුන් බවට සහතික කළ හැකි කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට ඩග්ලස් දේවානන්දා අසමත් වී තිබේ. ඔහුගේ ආරක්ෂකයින් ගණනවාක් මිය ගොස් ඇති අතර ගණනාවක් රට හැර ගොස් තිබේ.
රාජපක්ෂ සමයෙහි බලවත් දේශපාලනඥයකු වූ ඩග්ලස් දෝවානන්දාට එරෙහිව නඩු පැවරීමට රහස් පොලිසිය අපේක්ෂා කරන බව දැන ගන්නට තිබේ.