Wednesday, December 31, 2025

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකායට දිලිත් ජයවීරගේ ඉංග්‍රිසි පුවත්පතේ කතුවරිය සහ පැෆ්රල් ප්‍රධානියාත්!

කොළඹ, 2025 දෙසැම්බර් 31 — පසුගිය කාලය තුළ දිවයින පුරා සිදුවූ ස්වභාවික ආපදා හේතුවෙන් මිනිස් ජීවිත, පුද්ගලික හා පොදු දේපළවලට සිදුවූ විශාල හානි පුනරුත්ථාපනය කිරීම සඳහා “Rebuilding Sri Lanka” නාමයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත.

මෙම කාර්ය මණ්ඩලයට ජෙෂ්‍යඨ මාධ්‍යවේදිනයක වන දිලිත් ජයවීරට අයත් ද මොර්නිං නම් ඉංග්‍රිසි පුවත්පතෙහි කතුවරියද පක් කර තිබේ. මාධ්‍ය සංවිධාන විසින් හෙළා දකින ලද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටුවෙහි සාමාජිකාව ලෙසද ඇය කටයුතු කරයි. ඇය ලසන්ත වික්‍රමතුංග සංස්කරණය කළ සන්ඩේ ලීඩර් පුවත්පතෙහිද සේවය කර තිබේ.

මිට අමතරව මැතිවරණ නිරීක්ෂන සංවිධානයක් වන පැපරල් සංවිධානයේ ප්‍රධානී රෝහණ හෙට්ට්ආරච්චි ද එහි සාමාජිකයකු ලෙස පත් වී තිබේ. ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතනයක ප්‍රධානියා පළාත් සභා සැතිවරණයද කල් දමමින් සිටින ආණ්ඩුවක මෙවැනි තනතුරක් බාර ගැනීම පැහැදිළි ලැදියන් අතර ගැටුමක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත.

මෙම කාර්ය බලකාය පාර්ලිමේන්තුවට වග කියන්නේ නැත. ජනාධිපති දිසානායක ද හිටපු ජනාධිපතිවරු අනුව යමින් ඒකාධිපති විධායක බලතල පාවිච්චි කරමින් සිටී.

මෙයට පෙර ව්‍යාපාරික ප්‍රජාව ඇතුලත් කරමින් ජනාධිපති දිසානායක පිහිට වූ රි බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල සමඟ මෙම කාර්ය බලකායට සම්බන්ධයක් ඇති බවක් නොපෙනේ.

මෙම බලකායේ සභාපතිනිය ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු හරිනි අමරසූරිය මහත්මිය පත් කර ඇති අතර, අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව, මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන වගකීම් ලෙස මූලික අවශ්‍යතා සහ සෞඛ්‍ය සේවා නැවත ස්ථාපිත කිරීම, පොදු යටිතල පහසුකම් පුනරුත්ථාපනය, පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපායන් නැවත ගොඩනැගීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ දත්ත හා තොරතුරු පද්ධති මත පදනම් වූ තීරණ ගැනීම ඇතුළත් වේ.

එමෙන්ම, පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයීම, පොදු යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය, නිවාස ප්‍රතිසංස්කරණය, දේශීය ආර්ථිකයන් සහ ජීවනෝපායන් පුනර්ජීවනය, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය, මූල්‍ය හා අරමුදල් කළමනාකරණය, දත්ත පද්ධති සහ මහජන සන්නිවේදනය සඳහා උප කමිටු කිහිපයක්ද ස්ථාපිත කිරීමට බලකායට බලය පවරා ඇත.

“Rebuilding Sri Lanka” වැඩසටහන යටතේ, පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයක්, සාක්ෂි මත පදනම් වූ ප්‍රමුඛතා සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රියාත්මක කිරීමක් සහතික කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම කාර්ය සාධක බලකාය තම කටයුතු පිළිබඳව කලින් කලට ජනාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කළ යුතු බවද එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය

සභාපතිනිය

  1. ගරු හරිනි අමරසූරිය මැතිතුමිය
    – අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

සාමාජිකයින්

  1. ගරු එච්.එම්. විජිත හේරත් මැතිතුමා
    – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

  2. ගරු ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා
    – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

  3. ගරු ලාල් කාන්ත මැතිතුමා
    – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

  4. ගරු උපාාලි පන්නිලගේ මැතිතුමා
    – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය

  5. ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා
    – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

  6. ගරු බිමල් රත්නායක මැතිතුමා
    – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය

  7. ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා
    – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

  8. ගරු අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා
    – කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

  9. ගරු පටබැඳිගේ දම්මික මැතිතුමා
    – පරිසර අමාත්‍ය

  10. ගරු සුසිල් රණසිංහ මැතිතුමා
    – නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය

  11. ගරු හනීෆ් යූසුෆ් මැතිතුමා
    – ආණ්ඩුකාර, බස්නාහිර පළාත

  12. ගරු අරුණ ජයසේකර මැතිතුමා
    – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

  13. ආචාර්ය එන්. එස්. කුමානායක මැතිතුමා
    – ජනාධිපති ලේකම්

  14. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මැතිතුමා
    – ලේකම්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

  15. එච්.එස්.එස්. තුයියකොන්ත මැතිතුමා
    – ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය

  16. බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමා
    – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ
    ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

  17. ආචාර්ය හාන්ස් විජේසූරිය මැතිතුමා
    – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

  18. එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මැතිතුමා
    – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

  19. රෝහණ හෙට්ටිආරච්චි මැතිතුමා

  20. මලර්මති ගංගාදරන් මැතිතුමිය

  21. ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මැතිතුමා

  22. සමන්තා ද සිල්වා මැතිතුමිය

  23. මන්දනා ඉස්මයිල් මැතිතුමිය

  24. පරක්‍රම දිසානායක මැතිතුමා

ලේකම්

  • ජී.එම්.ආර්.ඩී. අපොන්සු මැතිතුමා
    – ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම්

Archive

Latest news

Related news