Wednesday, December 17, 2025

මිහින්තලේ දී තුවාල ලැබූ වන අලියෙකු පණපිටින් පුළුස්සා මරයි!

මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ ගෙවත්තක වැටී සිටි වන අලියෙකු ඊයේ පස්වරුවේ දැවෙන පන්දම්වලින් ගිනි තබා මරා දමා ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.

වනජීවී නිලධාරීන් පැවසා ඇත්තේ ඇතාගේ ඉදිරි පාදයකට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති අතර එමඟින් ඇවිදීමට වීමට නොහැකි වී ඇති බවයි. වනජීවී පශු වෛද්‍යවරුන් එම ස්ථානයට වහා ප්‍රතිකාර ලබා දුන්නද, අලියා මිය ගියේය.

වනජීවී නිලධාරීන් පවසා ඇත්තේ අලියාට දරුණු පිළිස්සුම් තුවාල සිදුවී ඇති බවත්, එය මරණයට හේතු වූ බවට විශ්වාස කරන බවත්ය. පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව නිශ්චිත හේතුව තීරණය කරනු ඇති බවයි.

ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසින් පටිගත කිරීමෙන් පසු සමාජ මාධ්‍යවල මෙම කුරිරු ක්‍රියාව පෙන්වන වීඩියෝවක් ප්‍රචාරය විය. මහජනතාවගෙන් තොරතුරු ලැබුණු වහාම ප්‍රතිචාර දක්වමින් ප්‍රතිකාර ආරම්භ කළ නමුත් වන  අලියා බේරා ගැනීමට නොහැකි වූ බව නිලධාරීන් පවසයි

තුවාල ලැබූ අලියාට ගිනි තැබීම සම්බන්ධයෙන් වගකිව යුතු අය හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ අතර ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අපරාධයට වග කියයුතු පුද්ගලයින්ට තරාතිරම නෙබලා දඩුවම් කරන ලෙස ඉල්ලා තිබේ.

Archive

Latest news

Related news