2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදුවූ අතිවිශාල පාඩුව පාඩුව පියවීම සඳහා රුපියල් කෝටි 184 කට අධික මුදලක් වන්දියක් ලෙස ගෙවීමට කොන්දේසියක් පැනවීමෙන් පසුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස් කරගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්දයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරුද්ධව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ද මෙවැනිම ක්‍රියමාර්ගයක් ගැනීමට ඉඩ ඇතයි නීති අංශ පෙන්වා දෙති. එසේ විය හැක්කේ නඩුව තමන්ට අවාසිදායක බව ැනිල් රාජපක්ෂගේ නීතිවේදීන් තීරණය කළ හොත් පමණය. රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට නඩු පවරා ඇති බොහෝ දෙනෙකුට ද එම මුදල් ගෙවා නිදිහස් ළවී යාමේ අවස්තාවක් මෙමගින් ලැබීමට ඉඩ තිබේ.
නීතිඥ අචලා සෙනවිරත්න කියන්නේ මෙයනරක පූර්වාදර්ශයක් බවයි
මාධයවේදී ලසන්ත ද සිල්වා මෙසේ ප්‍රශන කරයි:
කබ්රාල් නඩුව පිලිබඳ සටහන් වෙබ් අඩවිය තබා ඇති සටහන මෙසේය.
2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදුවූ අතිවිශාල පාඩුව සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් චූදිතයන් “නිදොස් කොට නිදහස් කර ඇති” බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව අල්ලස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙය කොන්දේසි සහිතව නඩුව ඉල්ලා අස්කර ගැනීමක් බවත්, අදාළ වන්දි මුදල ගෙවීම අනිවාර්ය බවත් කොමිසම අවධාරණය කර සිටී.
2011 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට සිදුවූ අතිවිශාල පාඩුව සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.
ඒ, අදාළ පාඩුව පියවීම සඳහා රුපියල් කෝටි 184 කට අධික මුදලක් වන්දියක් ලෙස ගෙවීමට කොන්දේසියක් පැනවීමෙන් පසුව නඩුව ඉල්ලා අස් කරගත් බව අල්ලස් කොමිසම පෙන්වා දී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනයට අනුව, මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ සරලව චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස නොව, දැඩි කොන්දේසියක් මතය.
දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම එකඟතාවයට පැමිණ ඇත.
මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.
ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.
මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරනවා.
මෙහිදී විශේෂත්වය වන්නේ වසර ගණනාවක් තිස්සේ මෙම ගනුදෙනුව සාධාරණීකරණය කළ කබ්රාල් මහතා, අවසානයේ සිදුවූ අලාභය පියවීම සඳහා පෞද්ගලිකව වගකීම භාරගෙන මුදල් ගෙවීමට එකඟ වීමයි.