Thursday, December 4, 2025

හදිසි නීතිය යටතේ ‘දුශ් තොරතුරු’ වලට විරුද්ධව නඩු පැවරීමට සූදානම් බවට පොලිසිය තර්ජනය කරයි! දැනටමත් නඩු 57ත් සූදානම්ලු!!

( Sri Lanka Brief/04 December 2025) ශ්‍රී ලංකාව පුරා දැනට ක්‍රියාත්මක වන හදිසි අවස්ථාව අතරතුර අසත්‍ය හෝ නොමඟ යවන තොරතුරු පතුරුවන පුද්ගලයින්ට එරෙහිව තීරණාත්මක නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් නිවේදනය කර තිබේ.

රට මහුණ දී තිබෙන මෙම දුෂ්කර අවස්ථාවෙහි මහජන මහජන සුභසෙත් සහ නීතියේ පාලනය පවත්වා ගැනීමේ භාරදූර කාරියට අමතරව දැන් නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගේ නියෝගය මත පොලිසිය සමාජ මාධ්‍ය මර්දනයකට අර අදින බව මාධ්‍ය ක්‍රියාකාරීහු චෝදනා කරති.

දුශ් තොරතුරුකරුවන්ට විරුද්ධව පියවර ගන්නේ නම් පසුගිය මෙරටට මහා වැසි සහ සුළි සුළගක් පැමිනීමට නියමිතව තිබියදී  ‘ ලංකාවේ කිසිම ප්‍රශ්ණයක් නැහැ. සංචාරකයිනි එන්න’ යැයි භයානක ප්‍රකාශයක් කළ සංචාරක මණ්ංඩලයේ ප්‍රධානියාට විරුද්ධව නඩු පවරණ ලෙස ද එම ක්‍රියාකාරීහු කියා සිටිති.

ජනාධිපතිවරයා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළේ පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බව ඔහුගේ ප්‍රකාශයේ දී, සහකාර පොලිස් අධිකාරී වූට්ලර් කියා සිටී.. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ රජයේ ප්‍රමුඛතාවය මහජන ආරක්ෂාව සහ ස්ථාවරත්වය බව ඔහු අවධාරණය කරන්නේ මාධ්‍ය මර්දනය ද ඊට ඇතුළත් බව අඟවමිනි..

පොලිස් අධීක්ෂණ  ඒකකය විසින් කටකතා, ගොතන ලද ප්‍රකාශ සහ මහජන විශ්වාසය බිඳ දැමීමට සහ හදිසි මෙහෙයුම් කඩාකප්පල් කිරීමට නිර්මාණය කර ඇති ද්වේෂසහගත අන්තර්ගතයන් සම්බන්ධ නඩු 57 ක් දැනටමත් හදුනාගේන ඇති බවට ඔහු තර්ජනය කරයි. “රජයේ උත්සාහයන් ඉලක්ක කර ගනිමින් හානිකර වැරදි තොරතුරු අවස්ථා 57 ක් අපගේ අධීක්ෂණ ඒකකය විසින් හඳුනාගෙන ඇත,” වූට්ලර් සඳහන් කළේය.

අති විශේෂ ගැසට් පත්‍රයේ 20 වන වගන්තිය යටතේ, එවැනි ක්‍රියාවන් බරපතල වැරදි ලෙස සැලකේ. කථන වචනයෙන්, මුද්‍රිත, ඩිජිටල් වේදිකා හෝ AI වැනි නැගී එන තාක්ෂණයන් හරහා වේවා, මහජන අනතුරු ඇඟවීමක් හෝ කැළඹීමක් ඇති කළ හැකි ඕනෑම අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම හෝ බෙදා හැරීම හදිසි නීති යටතේ දඩුවම් කළ හැකි වරදක් ලෙස දක්වා තිබේ.

ගැසට් පත්‍රය උපුටා දක්වමින් වූට්ලර් නැවත අවධාරණය කරන්නේ “මහජන බිය ගැන්වීමට හෝ කැළඹීමට හේතු විය හැකි කිසිදු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කිසිදු ආකාරයකින් සන්නිවේදනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, ප්‍රචාරය කිරීම හෝ ජනනය කිරීම නොකළ යුතුය.” කියාය.

අපරාධකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු  තර්ජනය කළේය. “වගකිව යුතු අයට එරෙහිව අපි තීරණාත්මකව ක්‍රියා කරන්නෙමු,” ඔහු අනතුරු ඇඟවීය.

කෙසේ වෙතත්, මෙම මර්දනය මතු කරන වැදගත් ප්‍රශ්නයක් වන්නේ මාධ්‍ය නිදහසට හානි නොකර මහජන සාමය ආරක්ෂා කරන්නේ කෙසේද? යන්නයි අර්බුදකාරී කාලවලදී, නිවැරදි තොරතුරු අත්‍යවශ්‍ය වේ. නමුත් බලධාරීන් වගකිව යුතු බවට පත් කිරීම ස්වාධීන මාධ්‍යවල කාර්යභාරයකි. රජය හානිකර යැයි කියන වැරදි තොරතුරු මැඩපැවැත්වීමට උත්සාහ කරන අතර, හදිසි බලතල මුවාවෙන් නීත්‍යානුකූල පුවත්පත් කලාව සහ විවේචනාත්මක වාර්තාකරණය යටපත් කිරීමට උත්සාහ කරයි.

තොරතුරු බෙදා ගැනීමේදී ප්‍රවේශම් සහ වගකීම ක්‍රියාත්මක කරන ලෙස සහනාර පොලිස් අධිකාරී වූට්ලර්  ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ සහයෝගීතාවයේ අවශ්‍යතාවය ගැන කියමිනි.. එහෙත්, හදිසි අවස්ථා වලදී  මහජන විශ්වාසය පවත්වා ගැනීමට මාධ්‍ය නිදහසට විනිවිදභාවය සහ ගෞරවය අත්‍යවශ්‍ය බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

(With the inputs from AdaDerana)

අමාත්‍ය වටවලගේ කතාව,

Archive

Latest news

Related news