Monday, October 27, 2025

රනිල් රාජපක්ෂගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 645 ක්; සමහර වාහන 17ත් පාරක්!

ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව (2024) මගින් 2024 වර්ෂය තුළ වාහන අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 645 කට වඩා (මුළු රු. 645,336,774) වියදම් කර ඇති බව හෙළි කර තිබේ.

වාර්තාවට අනුව, වසර තුළ අලුත්වැඩියා අවස්ථා 53 ක් නිරීක්ෂණය කරන ලද අතර, සමහර වාහන එම වසර තුළ 10 සිට 17 වතාවක් අලුත්වැඩියා කර ඇත. තක්සේරු වටිනාකම් රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 40 දක්වා වූ වාහන 189 ක් සඳහා අලුත්වැඩියා වියදම් එක් වාහනයකට රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 28 දක්වා පරාසයක පැවති බව විගණනය තවදුරටත් සඳහන් කරයි.

ඊට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා ප්‍රකාශ ඇත්තේ    ජනාධිපති ලේකම් කාර්යාලය සතු බොහෝ වාහන 2016 ට පෙර නිෂ්පාදනය කරන ලද අතර දැන් භාවිතයේ වසර 10 ඉක්මවා ඇති බවයි.

මෙම වාහන නිල රාජකාරි සඳහා දිගටම භාවිතා කරන බවත් නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිතර අලුත්වැඩියා කිරීම් අවශ්‍ය බවත් ඔහු කියා තිබේ. සියලුම නඩත්තු කටයුතු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ තාක්ෂණික නිර්දේශයන්ට අනුකූලව සිදු කරන බවත්, වාහනවල වයස සහ නිරන්තර භාවිතය හේතුවෙන් ඉහළ යන පිරිවැය හේතු වන බවත් ඔහු සමාවට කරුණක් ලෙස පවසා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රශස්ත වාහන ඇණියක් පවත්වා ගෙන යන ලෙසත් අනාගතයේදී නඩත්තු වියදම් අවම කිරීමට පියවර ගන්නා ලෙසත් විගණන වාර්තාව නිර්දේශ කරයි.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නමින් ලියාපදිංචි කර ඇති වාහන 29 ක් 2025 ජුනි 9 වන දින වන විට භෞතිකව සත්‍යාපනය කළ නොහැකි බව විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ.

විගණන නිරීක්ෂණයට අනුව, මෙම වාහන නැතිවී ගොස්, මාරු කර හෝ කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාර දී තිබේද යන්න තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර නොමැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වාහන 29 හි භෞතික පැවැත්ම තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි. කෙසේ වෙතත්, පරීක්ෂණ තවමත් අවසන් වී නොමැත.

( With the inputs form Daily Mirror)

Archive

Latest news

Related news