වෙන්ඩ ජනාධිපතිගේ ප්‍රශ්ණය නීතිමය කැමැත්තේ වයස ද? ලිංගික අධ්‍යාපනය නැතිමද?
ආදරය සහ ලිංගිකත්වය තරුණ ප්‍රශ්ණයක්
(Sri Lanka Brief/12 October 2025) වසය 16 දී කැමැත්තෙන් ලිංගික එක්වීමට කැමැත්ත දීම අපරාධයක් බවත් තමන්ට ඉන්නේ දියණියක් බැවින් ඒ ගැන ප්‍රශ්ණයක් නැති බවත් කීවේ අන්කවරකුවතත් නොව වෙන්ඩ ජනාධිපති නාමල් රාජපක්ෂය.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව, ලිංගික ක්‍රියාකාරකම් සඳහා කැමැත්ත ප්‍රකාශ කළ හැකි අවම වයස අවුරුදු 16 ක් බවට නීතිගත කරන ලද්දේ 1995 දී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමෙනි. ජාති ජන බලවේගයේ ආණ්ඩුව විසින් නොවේ. එයට පෙර එම වසය අව්රුදු 12ක් විය.
වයස අවුරුදු 15 හෝ ඊට අඩු පුද්ගලයෙකුට ලිංගික ක්‍රියාකාරකම් සඳහා කැමැත්ත ප්‍රකාශ කළ නොහැක. එවැනි ක්‍රියා නීතිවිරෝධී වන අතර එවැනි ක්‍රියවක යෙදෙන පුද්ගලයකු එය ස්ත්‍රී දූෂණකයකු ලෙස සලකා නඩු පැවරිය හැක.
නමුත්, ප්‍රශ්නය වන්නේ – වයස අවුරුදු 16ක් වන මෙරට තරුණ තරුණියන්ට එවැනි තීරණ ගැනීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය තිබේද?
ලිංගික අධ්‍යාපනයේ හිඩැස
ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය දිගු කාලයක් තිස්සේ විවාද සහ විරෝධයට ලක්වූ මාතෘකාවකි. අපේ හතේ පොත පාසල්වලින් පිටතට විසි කරන ලද්දේ අඥාන බෙෘද්ධ ශික්ෂුන්ගේ කෑ ගැසීම නිසාය.
එනමුත් අප දන්නා කාරණයක් නම් පන්සල්හි සාමනේර ශික්ෂුන් නිතිපතා ලිංගික අපයෝජනයන්ට ලක් වන බවයි. එකී භික්ෂුන් ආමන්ත්‍රණය කළ යුත්ව තිබුණේ එවැනි ප්‍රශ්ණය.
ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය පසුගිය දශකයේ සිට මෙය පාසල් පද්ධතියට ඇතුළත් කිරීමට උත්සාහ කළද, සමාජික සහ ආගමික විරෝධතා හේතුවෙන් බොහෝ උත්සාහ අසාර්ථක විය.
2012 දී සෞඛ්‍ය අමාත්‍යාංශය, UNFPA සහ UNICEF එක්ව සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වූයේ, පාසල් සිසුන්ගෙන් 59%ක් පමණක් ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව අධ්‍යාපනයක් ලබාගෙන ඇති බවයි. පාසල් නොයන තරුණයින්ට තොරතුරු ලබාගැනීම තවත් අපහසුය.
2016 දී සිදු කළ ජනවිකාස සහ සෞඛ්‍ය සමීක්ෂණයකින් පෙන්වා දුන්නේ විවාහක කාන්තාවන්ගෙන් 35%ක් කිසිදු නවීන උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකරන බවයි. තවද, 2000 දී දිනකට 650කට වඩා අනාරක්ෂිත ගබ්සා කිරීම් සිදුවූ බවටද ඇස්තමේන්තු ඇත.
සම්පූර්ණ ලිංගික අධ්‍යාපනය (CSE) යනු කුමක්ද?
CSE යනු ලිංගිකත්වය පිළිබඳ පමණක් නොව, සෞඛ්‍යය, මානව හිමිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, සහ ආරක්ෂාව පිළිබඳව දැනුම ලබාදෙන සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයකි. මෙය ළමයින්ට සහ තරුණයින්ට:
-
තීරණ ගැනීමේ හැකියාව
-
සංවාදය සහ විවේචනාත්මක සිතීම
-
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම
-
සමාජ සහ සංස්කෘතික සීමා ප්‍රශ්න කිරීම
වැනි ජීවන කුසලතා ලබාදෙයි.
නිගමනයක්
අවුරුදු 16ක් වයසැති තරුණයින්ට නීතිමය කැමැත්ත පිළිබඳව තීරණ ගැනීමට අවශ්‍ය දැනුම සහ ආරක්ෂාව ලබාදීම සඳහා, පාසල් තුළ සහ පිටත සම්පූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍යය. මෙය ඔවුන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ අනාගතය සඳහා මූලික පදනමක් වේ.
නීතිය වෙනස් කොට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන්නේ නම් ඉන් ප්‍රතිපලයක් නැතිවිය හැකිය.
වෙන්ඩ ජනාධිපති නාමල් රාජපක්ෂ සම්පූර්ණ ලිංගික අධ්‍යාපනය පාසල්හි ඉගැන්වීමට පක්ෂ නැත.