(Sri Lanka Brief/08 October 2025)
2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් හිටපු CID නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.
2021 අගෝස්තු මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශානි අබේසේකර, හිටපු CID නිලධාරීන් දෙදෙනෙකු වන සුගත් මෙන්ඩිස් සහ නවරත්න ප්‍රේමරත්න සමඟ මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කළහ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි ගොතන ලද බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
ආයුධ ගබඩාවක් මුලින් සොයා ගැනීමෙන් වසර හතකට පසු, නඩුව ගොතන ලද සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය කරන ලද නඩුවක් බව පෙත්සමෙහි සඳහන් වේ.
2013 මැයි 22 වන දින මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී එවකට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ සහායකයින් විසින් කරන ලද ප්‍රකාශවලින් පසුව මෙම අවි ගබඩාව සොයා ගන්නා ලදී.
අත්අඩංඟුවට ගැනීමෙන් පසු පැවැති නඩු විභාගයෙන් ශානි අබේසේකර නිදහස් විය. එළෙස සොයා ගන්නා ලද අවි අතර වාස් ගුනවර්ධන විසින් පාවිච්චි කරන ලද බවට නිල වාර්තා තිබූ තුවක්කු දෙකක් සොයා ගැනීම මගින් පැමිණීල්ලේ චෝදනා බිඳ වැටුනි.
ගෝඨාභය රාජපක්ෂ සමයෙහි දී මෙම නඩු පවරන ලද්දේ, පාස්කු ඉරිදා ප්‍රහාර ගවේශණ කඩාකප්පල් කිරීම පිණිස ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර පසුව පොලිස් සේවයෙන්ද ඉවත කිරීමෙන් පසුවය.