නාමල්ගේ බොඩි ගාඩ් ජූලම්පිටිය අමරේගේ ඇපෑල ඉවතට: ශ්‍රේෂ්ඨාධිකරණයත් මරණ දඬුවම තහවුරු කරයි
මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්: 07) තහවුරු කළේ ය.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිවේදීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
2012 වසරේදී සිදුකළ ද්විත්ව ඝාතනය
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කෙරුණු ජූලම්පිටියේ අමරේ නමැත්තාට 2019 වසරේ තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.
එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය ඉකුත් වසරේ (2024) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේට පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කරමින් ඔහුගේ ඇපෑල නිෂ්ප්‍රභ කළේ ය.
ඔහු ඉදිරිපත් කළ ඇපෑල අද සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේ ය.
( බීබීසී සිංහල සේවයෙනි)
කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම
ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ලක්ෂ්මන් හුළුගල්ලේ මාධ්‍යයට පැවසුවේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් බවයි. ඒ වෙඩි තැබීමෙන් පැය දෙකකට පසුව ය. අධිකරණයේදී සියලු කරුණු තහවුරු වූ අතර, ජූලම්පිටියෙ අමරේට මරණ දඬුවම නියම කෙරිණි.
2012 ජුනි 15 වැනිදා මාතර, කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා, පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර, තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු වරදකරු කෙරුණු ජූලම්පිටියෙ අමරේ නමැත්තාට 2019 නොවැම්බර් 07 වැනිදා තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළේය.
මේ නියෝගයට එරෙහිව ජූලම්පිටියෙ අමරේ විසින් අභියාචනාධිකරණයට ගිය අතර, අභියාචනාධිකරණයෙන් ද එම දඬුවම තහවුරු කෙරිණි. ඉන්පසු ජූලම්පිටියෙ අමරේ තමන්ට ලබාදුන් දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (07) එම දඬුවම තහවුරු කළේය.
ජූලම්පිටිය අමරේට අවශ්‍ය සියලු රැකවරණය දුන් බවට චෝදනා එල්ල වන්නේ මහින්ද රාජපක්ෂට ය. වලස්මුල්ල, මිද්දෙනිය, වීරකැටිය සහ තණමල්විල පොලිස් ස්ථානවල, ඔහු විසින් කරන ලද මිනීමැරුම් විසි දෙකකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු තිබේ. මේ ප්‍රදේශවල සිදු වූ ස්ත්‍රී දූෂණ එකොළහක, ළමා අපචාර හතරක සහ මංකොල්ලකෑම් රැසක ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ ද මේ ජූලම්පිටියේ අමරේ නමැත්තා ය. ප්‍රභූ ආරක්ෂක අංශ භාවිත කරන මිනිඌෂි වර්ගයේ ගිනි අවි ඇතුළු ආයුධ රැසකින් ඔහු සන්නද්ධව සිටියේය. ඝාතන දෙකකට පමණක් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.
වරක්-දෙවරක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණද, 1998 වසරේ සිට 2019 වසර දක්වා ඔහු යහතින් සිටියේය. ගෝලයා බලන්නට බන්ධනාගාරයට ගිය මහින්ද රාජපක්ෂ කිව්වේ, ‘අමරෙ, මම මහින්ද, බය නැතුව එළියට එන්න‘ යනුවෙන් ය.
කෙසේ වෙතත් විශේෂයෙන් කිව යුතුය. කුමන තත්ත්වයක් යටතේ හෝ මරණ දඬුවම පිළිගැනීමට හැකියාවක් නැත. සැලසුමකට අනුව ජීවිතයක් නැති කිරීම යනු අපරාධයකි. එසේම ජූලම්පිටියෙ අමරේ වැන්නවුන්ගෙන් මේ අපරාධවලට යුක්තිය ඉටුකිරීම අවසන් කිරීමට ද නොහැකිය. කටුවන සිදුවීමෙන් පැය දෙකකට පසු එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේගෙන් අණදෙන්නන්ගේ හඬ ය.
theTime.lk