(Sri Lanka/29 July 2025) 2019 නොවැම්බර් 30 වන දින වව්නතිව්හි පොලිස් භටයින් දෙදෙනා ඝාතනය කිරීම සහරාන් හෂීම් කණ්ඩායම විසින් කළ බව එවකට යුද හමුදා බුද්ධී අධ්‍යක්ෂක මණඩලයේ ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු දෙතියක් තුළ දැන සිටියේ ද යන ප්‍රශ්නය දැන් මතු වී තිබේ.
මෙම සැකය ඇති වී තිබෙන්නේ එම ප්‍රහාරයෙන් දෙසතියකට පසු මඩකළපුවේ යුද හමුදා බුද්ධී අධ්‍යක්ෂක මණ්ඩලය වෙත එහි ඔත්තුකරුවකු විසින් ලබා දෙන ලද තොරතුරක් නිසාය
වවුනතිව් පොලිස් මුරපොළේ (2018 නොවැම්බර් 30) රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සිදුකළ එකක් බවට දෙසතියක් තුළ යුද හමුදා බුද්ධි අංශයට තොරතුරක් ලෙස ලැබී ඇතත් එය ද ඔවුන් වසන් කර ඇති බව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද එම වාර්තාවක සඳහන් වෙයි.
2018 දෙසැම්බරය වන තුරු බ්‍රිගේඩියර් සුරේශ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධව සිටියේය.
2015 සිට සහරාන් කණ්ඩායම පිළිබඳ තොරතුරු එහි මඩකලපු ඒකකයට ලැබී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය වෙත එම තොරතුරු ලබා දී ඇත්තේ තොරතුරුකරුවකු වන මොහොමඩ් කලිල් මොහොම්මදු මස්ෆි නොහොත් නසීර් නම් අයකු විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු වාර්තා කරමින් දක්වා ඇත්තේ, තොරතුරුකරු සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙර 2015 සිට විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය වෙත තොරතුරු ලබා දී ඇති බවය. එම ඒකකය යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩළය යටතේ පැවැති එකකි. එවකට එහි ප්‍රධානියා වූයේ බ්‍රිගෝඩියර් සුරේශ් සලේය.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩළයේ සියළුම ඒකකයන්ට ලැබෙන තොරතුරු ලබා දුන්නේ එහි ප්‍රධානියාට පමණය. ඒ දිනවල එම තොරතුර සුරේශ් සලේ වෙත නොලැබෙන්නට හේතුවක් නැතැයි ආරක්ෂක අංශ දක්වති.
2016 දී යාපනයේ ආවා නම් පාර හමුදා කණ්ඩායම මෙහය වූ බවටත් සලේට චෝදනා එල්ල විය.
වවුනතිව් පොලිස් මුරපොළේ (2018 නොවැම්බර් 30) රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සිදුකළ එකක් බවට යුද හමුදා බුද්ධි අංශයට තොරතුරක් ලෙස ලැබී ඇතත් එය ද ඔවුන් වසන් කර ඇති බව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් වෙයි.
ඒ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු යටතේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය වෙත එම තොරතුරු ලබා දී ඇත්තේ තොරතුරුකරුවකු වන මොහොමඩ් කලිල් මොහොම්මදු මස්ෆි නොහොත් නසීර් නම් අයකු විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු වාර්තා කරමින් දක්වා ඇත්තේ, තොරතුරුකරු සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට පෙර විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහය වෙත තොරතුරු ලබා දී ඇති බවය.
මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහයේ අණදෙන නිලධාරි ඇතුළු බුද්ධි නිලධාරීන් හා බුද්ධි සාමාජිකයන් එම තොරතුරු සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැති බවද , 2014 වර්ෂයේ සිට ලබා දී ඇති බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා වූ සමූහය පවත්වාගෙන ගිය ගොනුවෙන් මේ වන විට ඉවත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
එම වාර්තාව දක්වන්නේ වසර 2014 සිට ලබා දී ඇති බුද්ධි තොරතුරු වාර්තා මත යුද හමුදා බුද්ධි අංශ ක්‍රියා කළේ නම්, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවත්ය.
තොරතුරුකරුගේ ප්‍රකාශය මත පදනම්ව ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකායේ එවකට අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ කර්නල් කැලුම් සිරිපති මද්දුමගේ, මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහයේ සමූහ නායක ලෙස කටයුතු කර ඇති කොහිල මුල්ල ආරච්චිගේ චාමර ප්‍රසාද් කමලවර්ණ, බුද්ධි නිලධාරී කපිතාන් පොල්වත්තේ ලේකම්ලාගේ සුමිත් නිශාන්ත දිසානායක, හමුදා බුද්ධි අංශ සැරයන් සිරිවර්ධනගේ ගයාන් ප්‍රසාද් සිරිවර්ධන හා කෝප්‍රල් මුහන්දිරම් මුදියන්සේලාගේ ගුණසේකර යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම යුද හමුදා සාමාජිකයන් මොහොමඩ් කලීල් මොහොම්මදු මස්ෆි නොහොත් නසීර් තොරතුරුකරුවකු ලෙස බඳවා ගත්තේ වර්ෂ 2019යේ සිට බව ප්‍රකාශ කර ඇති අතර ඔහු සහරාන් හෂීම් පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකළේ 2019 අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට බවත් ප්‍රකාශ කර ඇත. එහෙත් විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත්තේ වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ දිනයේ වාචිකවත් එයින් දින තුනක් ඇතුළත ලිඛිතවත් නසීර් විසින් තොරතුරු ලබාදී ඇති බවය.
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කළ බව ඇඟවීමට හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ යතුරුපැදි ජැකට්ටුවක් ඒ අසල දමා ගොස් තිබුණ බව සඳහන් කර ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට ද පියවර ගෙන තිබිණි. මඩකලපුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම එල්ටීටීඊ සංවිධානය කළ එකක් බවට යුද හමුදා බුද්ධි අංශ පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලබා දී තිබූ බවට ද කරුණු අනාවරණය වී ඇත.
