Saturday, July 12, 2025

පාස්කු ප්‍රහාරය පිටුපස මහමොළකරුවකු නැතැයි කියන, පිල්ලෙයාන් මිත්‍ර රොහන් ගුණරත්නගෙන් ආරක්ෂක අමත්‍යංශයට උපදෙස්! 

ආචාර්ය රොහාන් ගුණරත්න යනු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පොතක් ලියමින් එයට මහ මොළකරුවකු නැති බවට තර්ක කරන පුද්ගලයෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු ව වහාම ඔහු මඩකළපු බන්ධනාගාරයට ගොස් සිවනේසතුරෙයි වන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මුණ ගැසුණි.

පිල්ලෙයාන් විසින් ලියන ලදැයි කියන පාස්කු ප්‍රහාරය නම් පොත ලියන ලද්දේ ඔහු විසින් යැයි වියහැකි යැයි අයෙක් අදහස් දක්වා තිබුණි. එවැනි පොතක් ලිවීමට තරම් භෂා ඥාණයක් පිල්ලෙයාන්ට නැති බව කියනු ලැබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව රොහාන් ගුණරත්න ලියූ පො පිළිබඳව විවෘත විවාදයකට එන ලෙස නීතිඥ හෙජාස් හිස්බුල්ලා විසින් ඔහුට කරන ලද විවෘත අභියෝගය ඔහු බාර ගත්තේ නැත.

රොහාන් ගුණරත්න තර්ක කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදුකරන ලද්දක් බවයි. මෑත දී රනිල් වික්‍රමසිහ යනාදීන්ද කියමින් ගායානා කරමින් සිටින්නේ එම තනුවමය.

රොහාන් ගුණරක්නගේ මෙම තර්කයට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය පසු පස දේශපාලන බළල් අතක් නැත. එබැවින් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය නැත.

මෙම සමූහ ගායකයින් කියා සිටින්නේ ආමරිකානු පෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් මගින් සැකකරුවකුගෙන් ලබා ගෙන ඇති දිව්රුම් පෙත්සමක් මගින් ප්‍රහාරය අයිඑස්අයිඑස් ක්‍රියාවක් බව තහවුරු වන බවයි.

එසේ නමුත්  ජාජබ නියෝජ්‍ය ආක්ෂක ඇමතිවරයා පවා එම මතය පිළිගන්නේ නැත. ඔහු කියා සිටින්නේ පිල්ලෙයොන් පිස්කු ඉරිදා ප්‍රහාර ගැන තල් තබා දැන සිටි බවයි.

රොහාන් ගුණරත්න ගෝඨාභය සමයේ ආක්ෂක උපදේශකයකු ලෙස සේවය කළේය.

මෙවැනි තත්වයක් තිඉියදී පසුගිය ජූනි 30 දා ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ජාතික ආරක්ෂක තර්ජන පිළිබඳව  විස්තරාත්මකව කතා කර අතර හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමට රොහාන් ගුණරත්නට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරාධනා කර තිබුණි. මෙම සැසිය පැවැත්වන ලද්දේ කොළඹ ජාතික ආරක්ෂක විද්‍යාලයේ හමුදා සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහාය.

එම ආරාධනය ගැන රොහාන් ගුණරත්න මෙසේ කියයි:

වසර 30 ක් පුරා පැවති ගැටුම සහ පාස්කු ඉරිදා සංහාරය යන දෙකෙහිම හිටපු ත්‍රස්තවාදීන් සහ රැඳවියන් සිය ගණනක් මම සම්මුඛ සාකච්ඡා කර ඇත්තෙමි. මම ප්‍රජා නායකයින්, ආගමික දේශකයින් සහ පූජක පක්ෂයේ සාමාජිකයින් සිය ගණනක් සමඟ ද වැඩ කර ඇත්තෙමි. මම හමුදා නායකත්වය, නීතිය ක්‍රියාත්මක කරන සහ ආරක්ෂක සහ බුද්ධි නිලධාරීන් සමඟ පුළුල් සංවාද පවත්වා ඇත්තෙමි. තවද මෙම තර්ජන බැරෑරුම් ලෙස නොසලකන්නේ නම්, ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව අපගේ වත්මන් ජාතික ආරක්ෂක වෘත්තිකයින්ට මට සහතික විය හැකිය! ඉගෙන ගන්න, ඔබේ අණදෙන නිලධාරීන්ට ලියන්න, සහ පියවර ගන්න!”

ශ්‍රී ලංකාව මුහුණ දෙන ජාතික ආරක්ෂක තර්ජන දෙස බැලුවහොත්, ඔබට බෙදුම්වාදය පළමු තර්ජනය ලෙස තැබිය හැකි අතර බෙදුම්වාදය ත්‍රස්තවාදයට මඟ පාදයි. දෙවන තර්ජනය අන්තවාදයයි ආගමිකයි. එය නැවතත් ත්‍රස්තවාදයට මඟ පාදයි” යනුවෙන් ඔහු එහිදී කියා තිබේ

ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන තර්ජනය (දෙමළ) බෙදුම්වාදය යැයි කීමෙහි තේරුම වන්නේ  තවදුරටත් උතුරු නැගෙනහිර යුද කරණය එළෙසම පවත්වා ගෙන යා යුතු යැයි කීමය. තවද දෙමළ සහ මුස්ලිම් සමාජයන් හි සිවිල් ක්‍රියාකාරිත්වයන් යුදමය ඇසකින් බැලිය  යුතු යැයි කීමය. මෙය රාජපක්ෂවාදය මිස අන් යමක් නොවේ.

පාස්කු ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් තිබුූ බවට නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා අඟවන අතර ඔහුගේම අමාත්‍යාංශය ඉට ප්‍රතිවිරුද්ධ අදහස් දරන විවාදාත්මක පුද්ගලයකුගෙන් උපදෙස් ගැනීම තේරුම් ගැනීමට බැරි අවුලකි. 

ජාතික ජන බලවේගය ආණ්ඩුව ඔලු දෙකේ බූරුවකු යැයි මෙම පුවත අප වෙත එවූ ආරක්ෂක තත්ව විචාරකයකු සඳහන් කළේය.

සුනන්ද දේශප්‍රිය විසිනි.

Archive

Latest news

Related news