අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර පත් කර ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ බලවට පත් වී එවකටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා වූ ශානි අබේසේකර පළිගැනීමක් ලෙස එම තනතුරෙන් ඉයත් කර පසුව වැඩ තහනම් කරන ලදී.
අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වූ ශානි අබේසේකරට ඉහළින් දූෂිත පොලිස් නිලධාරියකු වූ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොශාන් ඩයස් පත් කිරීමට විරුද්ධව සමාජ මාධ්‍ය වාර්තා සහ වීඩියෝ පල වූයේ මීට දින දෙක තුනකටපෙර සිටය.
මෙම පත්කීරීම එම වරද සදා ගැනීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස සැළකේ.
වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිඳු කළ නිර්දේශයකට අනුව පොලිස් කොමිසම මගින් මේ පත් කිරීම සිදු කර තිබේ.
පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ශානි අබේසේකර ජාජබ ආණ්ඩුව බලයට පත් වීමත් සමගම කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට බඳවා ගෙන අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම ගොස් සිටි නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යලි කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට බඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද පත් කර තිබේ.
ලොකු විසිනි.