Saturday, June 28, 2025

විලංගු වැටුණු ශ්‍රී ලන්කන් උලා කෑ මහින්ද රාජපක්⁣ෂගේ මස්සිනාගේ පැටිකිරියෙන් බිඳක් – ලොකු කුමා

රාජපක්ෂ චෞර කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පෝරිසාදයකු අල්ලස් හෝ දූෂණ කොමිස⁣ම මගින් අත් අඩංගුවට  ගන්නා ලදී.මේ පෝරිසාදයා එසේ මෙසේ පුද්ගලයකු නොවේ. ශිරන්ති වික්‍රමසිංගේ සහෝදරයාවූ නිශාන්ත වික්‍රමසිංහය.

එවකට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද ඔහු එම ධුරය දරණ කාලයේදී සිදු කර ඇතැයි පැවසෙන බරපතල දුෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණය⁣ට ඉදිරිපත් කිරීමෙන් පසුව ජුලි 01 දා දක්වා⁣ බන්ධනාගාර ගත කෙරිණි.

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා තුනකි.

2014 ජනවාරි 01දින මැලේසියාවේ ක්වලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරණ ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් ලංකාණ්ඩුවට ඇමරිකානු ඩොලර් 4512 ක පාඩුවක් කිරීම

2014 ජනවාරි 26 වන දින මාලදිවයින් සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ලංකාණ්ඩුවට ඇමරිකානු ඩොලර් 19,160ක් පාඩු කිරීම

2014 දෙසැම්බර් 19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාගනයේ පැවති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ⁣ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රාජ්‍ය මුදල් රුපියල් 1,250,000ක් වියදම් කිරීම

ඔහු වෙත එල්ල වී ඇති චෝදනා වේ.

2006 වර්ෂයේ ජනවාරි 31 වන දින සිය 2018 ජනවාරි 31 වන දින දක්වා ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් වල සිඳුවූ අක්‍රමිකතාවන් ගැන විමර්ශනය කිරීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනපති කොමිසමක් පත් කරන ලද අතර ඊට අමතරව ඔහු විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිඳු වුන මුල්‍ය  හා විවිධ අක්‍රමිතා ගැන සොයා බැලීමට ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ⁣ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පවා පත් කරන ලදී. එම කමිටුවේ වාර්තාව 2015 වර්ෂයේ මාර්තු මාසයේදී යහ පාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත බාර දුන් බව වාර්තා වී තිබේ.

එම වාර්තාවේ සඳහන් වූ පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ වංචා දූෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට හෙළි කර තිබුණි. මෙහිදී ගුවන් සේවයේ බඳවා ගැනීම් සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සමාගමේ සභාපතිවරයා ලෙස නිශාන්ත වික්‍රමසිංහ අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවද තරුණ  ගුවන් සේවිකාවන් සමාගමට බඳවා ගැනීමේදී ඔහු විශේෂත්වයක් දක්වා ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.

ප්‍රධාන විධායක නිලධාරී වරයා වශයෙන් බඳවා ගත්   විධායක නිලධාරියා ගුවන් සමාගමේ එම ධුරය දරමින් සිටියදීම වෙනත් පුද්ගලික සමාගම් දෙකකින්  වැටුප් ලබා ගෙන ඇති බවද ජේ.සී.වැලිඅමුණ කමිටු වාර්තාවේ දැක්වේ. මෙහි සඳහන් වූ විධායක නිලධාරියා මනෝජ් වාස් ගුණවර්දනය. ඔහු සජින් වාස් ගුණවර්දනගේ ⁣සහෝදරයාය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ගුවන් සමාගම හරහා සුඛෝපභෝගී මෝටර් රථ හා ජිප් රථ මොහු විසින් පරිහරණය කර ඇති බවත්  එසේම ජනපති ලේකම් කාර්යාලයේ මෙන්ම වෙනත් දේශපාලන කටයුතු වල නිරත වූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් වැටුප් ගෙවා ඇති බවත් එම වාර්තා වේ දැක්වේ.එසේම රුපියල් ලක්ෂ 15 ක වැටුපක් ගෙවා නිශාන්ත වික්‍රමසිංහ විසින් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී වරයා වශයෙන් බඳවා ගත් විධායක නිලධාරීවරයා සමාගමේ ඵළදායීතාවය වෙනුවෙන් කටයුතු කර නැති බව හා එම විධායක නිලධාරියා ගුවන් සමාගමේ එම ධුරය දරමින් සිටියදීම වෙනත් පුද්ගලික සමාගම් දෙකකින්  වැටුප් ලබා ගෙන ඇති බවද ජේ.සී.වැලිඅමුණ කමිටු වාර්තාවේ දැක්වේ. මෙහි සඳහන් වූ විධායක නිලධාරියා මනෝජ් වාස් ගුණවර්දනය. ඔහු සජින් වාස් ගුණවර්දනගේ ⁣සහෝදරයාය.

ජේ.සී .වැලිඅමුණ කමිටු වාර්තාවෙන් රජයට නිර්දේශ තිබු⁣ණේ ⁣වාර්තා ගත කරන ලද කරුණු පිළිබඳව කඩිනම් අපරාධ පරීක්ෂණයක් කර අධිකරණය⁣ හමුවේ දඬුවම් ලබා දිය යුතු බවටය.

මේ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ආයතන වල දූෂන සෙවීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවෙන්ද නිශාන්ත වික්‍රමසිංහ විසින් සිදු කරන බරපතල විෂමාචාරයන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැණිනි.එම ජනපති පරීක්ෂණ කොමිසන් සභාවේ සභාපතිවරයා වූයේ විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගූණරත්නය. එවකට අභියචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ගාමිණි අමරසේකර,විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ හා විශ්‍රාමික විගණකාධිපති ඇන්තනී හැරල්ඩ් හා ගිනුම් හා ප්‍රමිති සමීක්ෂණ ආයතනයේ එවකට අධ්‍යක්ෂ ජනරාල් වරිය වූ, කපුගම ගීගණගේ එම කොමිසමේ අනිකුත් සාමාජිකයන් විය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පාලනය පැවැති කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේ⁣ට්ස් ගුවන් සමාගමේ කළමනාකරණය යටතේ ලාබ ලබන ආයතනයක් විය. ජනපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්දන විසින් සිදු කරන ලද උද්දච්ච හා අමනෝඥ මැදිහත් වීමක් හේතුවෙන්  ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තුළ නිර්මාණය වූයේ බරපතල අර්බුදයකි.

විදේශ සංචාරයකට ලක්ඩනයට ගොස් සිටි ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ලංකාව⁣ට ගෙන්වා ගැනීම සදහා ලන්ඩන් සිට ලංකාවට පැමිණීමට නියමිතව පැවැති ශ්‍රී ලන්කන් ගුවන් යානයක අසුන් වෙන් කර ගැනීමට සජින් වාස් ගුණවර්දනට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා අදාල ගුවන් යානයේ අසුන් වෙන් කරන ලෙසට ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලා සිටින ලදී. එහෙත් ඒ වන විටත් මගීන් විසින් එම ගුවන් යානයේ සියලු අසුන් වෙන් කරවා ගෙන තිබූ බැවින් සජින් වාස් ගුණවර්දනගේ එම ඉල්ලීම ගුවන් සමාගම මගින් ප්‍රතික්ෂේප කෙරිණි. එම තීරණය ගත්තේ එවකට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වූ පීටර් හිල්ය.

මේ තීරණය ගැන කෝපයට පත් ජනපති මහින්ද රාජපක්ෂ ඕස්ට්‍රේලියානු ජාතිකයකු වූ පීටර් හිල් ගේ වීසා අවලංගු කර ඔහු මෙරටින් නෙරපා හැරිණි.

මස්සිනා නිශාන්ත වික්‍රමසිංහට දුන් තෑග්ග

ඉන් අනතුරුව ජනපති මහින්ද රාජපක්ෂ විසින්  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති වරයා ලෙස සිය මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ පත් කෙරුවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට කණ කොකා හැඬුවේ මේ පත් කිරීමේ සිටය.එතැන් සිට රාජපක්ෂ චෞර කල්ලිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම භාවිතා කෙරු⁣වේ ඔවුන් හට අම්මා අප්පගෙන් හිමි වුන බූදලයක් ලෙසය.

නෙරපා හරින ලද විධායක නිලධාරියා වූ පීටර් හිල් ගේ පාලනය යටතේ  2007 මාර්තු 31 න් අවසන් වූ මුල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලන්කන් ලබා තිබූ  ලාභය මිලියන 568 කි. එමිරේට්ස් ගුවන් සමාගම යටතේ පැවැති ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කෙරුවේ හැරී ජයවර්ධනය. 2008 මාර්තු 31න් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා සමගමට හිමි කරගෙන තිබූ ලාභය බිලියන 4.4කි.

මස්සිනාගෙන් පාඩු පාඩු

එහෙත් රාජපක්ෂ චෞර කල්ලිය නියෝජනය කරමින් ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති කමට නිශාන්ත වික්‍රමසිංහ⁣ පත් වීමෙන් පසුව 2009 මාර්තු අවසානය වන විට සමාගම ලද පාඩුව රුපියල් බිලියන 9.3කි.2010 මාර්තු මස අවසානය වන විට පාඩුව බිලියන 2.696ක් වූ අතර 2011 මාර්තු මුදල් වර්ෂය අවසාන විට පාඩුව මිලියන 381කි.දිගින් දිගටම ගුවන් සමාගම ලද පාඩුව 2012 වර්ෂයේදී බිලියන 19.67 ක් ලෙසද ,2013 වර්ෂයේදී පාඩුව බිලියන 21.7ක් වශයෙන්ද ,2014 දී පාඩුව බිලියන 32.4 ක්ද ,2015 වර්ෂයේදී පාඩුව බිලියන 14.69 ක්ද ,2016 වර්ෂයේදී පාඩුව බිලියන 12.6 ක් ලෙසද වාර්තා ගත වී ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස නිශාන්ත වික්‍රමසිංහ සමාගමෙු මුදල් භාවිතා කරමින් අමුතුම ජාතියේ සැපක් වින්දේය.ඔහුට එරෙහිව වචනයක් කතා කරන්නට බලු බල්ලෙක් නොවීය.සියල්ලන්ම ජනපතිවරයාගේ මස්සිනා කමට බියෙන් සිටියහ.ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් මුදල් ගෙවා ජාඇල ,ආඬිඅම්බලම හා සීදුවෙන්  කුලිය⁣ට ගත් අධි සුඛෝප⁣බෝගී නිවාස තුනක් නිශාන්ත වික්‍රමසිංහ කාම සුඛල්ලිඛානු ජීවිතය සදහා වෙන් කර තිබුණි. ඔහු ගමන් බිමන් සදහා යොද ගත් වාහන අතර මර්සිඩිස් බෙන්ස් රථයක් මො⁣න්ටේරෝ රථයක්ද ප්‍රාඩෝ රථයක්ද විය.ඊට අමතරව සමාගම ණය ගිවිසුමක් මගින් පවරා ගන්නා ලද තවත් සුඛෝපභෝගී වාහන දෙකක්ද නිශාන්ත වික්‍රමසිංහ තම භාවිතයට ගෙන තිබුණි.

ඔහු සුරූපී ළඳුන් කිහිප දෙනෙක් සිටි අන්තක්පුරයක් නඩත්තු කෙරුවේය.ඒ අතරේ සිටි සුරූපී තරුණියක සමග ලෝකය වටා රවුම් ගැසුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වියදමිනි.ඔහු සමග ලෝකය වටා ගුවන්ගමන් ගිය සුරූපී තරුණියන් ගේ ප්‍රවේශ පත්‍ර සදහා වැය බර දරා ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමගමය.මේ සියළු තොරතුරු ජේ.සී. වැලිඅමුණ පරික්ෂණ කමිටු වාර්තාවේ සඳහන් වේ.

මෑතකදී සමාජ මාධ්‍ය මගින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී ජනපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටි ගුවන් සේවිකාවක් යැයි පැවසෙන තරුණියක ගෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රශ්ණ කරන ලද  බවට වාර්තා කෙරිණි. ඇය ඒ දිනවල එසේ අනුයුක්ත කර තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු වලට බව පැවසේ. මේ තරුණියගේ වැටුප හා දීමනා ගෙවා ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙනි. ඇය ගුවන් සේවිකාවක ලෙස ගුවන් යානාවක සේවය කරනසේ සළකා එම වැටුප හා දීමනා ගෙවා තිබුණි.ඒ අනුව ඇය ලද මාසික වැටුප රුපියල් 75000 කි. මාසික ඉන්ධන දීමනාව රුපියල් 22,680කි. ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් 87,500ක දීමනාවක්ද රුපියල් 3000 ක ගමන් දීමනාවක්ද ඇයට ගෙවන ලද බව අනාවරණය වී ඇති අතර ඇය 2010 ජනවාරි 01 දින සිට එවකට ජනපති ලේකම් ලලිත් වීරතුංග විසින් ජනපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණයකට බව බඳවා ⁣ගෙන ඇත. මේ තරුණිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ජනපති ලේකම් කාර්යාලයේ සේවයට මුදා හැර ඇත්තේ 2010 ජුනි 10 දිනය.

ශ්‍රී ලන්කන් සභාපති වරයා ලෙස සමාගමේ මුදල් වියදම් කරමින් කම් සැප විඳි නිශාන්ත වික්‍රමසිංහ සිය බෑණා වූ නාමල් රාජපක්ෂටද නඩලම් නටන්නට රූමත් ළමිස්සියෙක් පංගාර්තු කර තිබුණේ එසේය. මාමාගේ කෙරුවාවට ගැලපෙන හැඩයටම ජීවිතය හැඩ ගස්වගෙන තිබණ බෑණාද  පෙම් කෙළියේ මහජන මුදල් කාබාසිනියා කරමිනි.

සිය බෑණාගේ රගර් කෙළියටද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් මුදල් වියදම් කිරීමට නිශාන්ත වික්‍රමසිංහ මාමා කටයුතු කර ඇත්තේ කිසිම ලෝබ කමක් නැතුවමය. මෙහිදී 2009 වසරේ සිට 2014 වසර දක්වා කාල්ටන් රග්බි තරඟාවලියට ලක්ෂ 741 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වැය කර තිබේ. ඒ සදහා නොමිලයේ ගුවන් ටිකට් පත් 600ක්ද නිකුත් කර ඇත.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් වීරයා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඒ සඳහා මෙරට පුරවැසියන් ගෙන් අය කර ගත් වන්දිය අති විශාලය. ඉතා පෝරිසාද ආකාරයෙන් අය කර ගත් ඒ වන්දිය අතර සිය මස්සිනාගේ  සින්නකර අයිතියට ලියා දුන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමද වේ. කෙසේ වෙතත් රාජපක්ෂ චෞරයන් විසින් සිදු කරන ලද ඒ සාහසික මංකොල්ලකෑම් හා ආර්ථික අපරාධ  වර්තමාන දේශපාලනික කියවීම තුළ  විනිශ්චයකට බඳුන් වීම පුරවැසියන් ලද ජයග්‍රහණයකි.

Archive

Latest news

Related news