(Sri Lanka Brief /04 June 2025)පසුගිය ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ 2024 ජූලි 26 වෙනි දින සිට එම වසරේ සැප්තැම්බර් 21 දින දක්වා මැතිවරණ කාල සීමාව තුළ නීති විරෝධී ආකාරයෙන් මත්පැන් හල් බලපත්‍ර ලබා දීමට එරෙහිව රනිල් වික්‍රමසිංහ පළමු වගඋත්තරකරු කර මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම් විභාගයෙන් රනිල් වික්‍රමසිංහට සිරදඩුවම් නියම කළ නොහැකි අතර උපරිම වශයෙන් සිදු වියහැක්කේ සුලු වන්දි මුදලක් ගෙවීමට නියෝග කිරීමත් පැමිණිලිකරුවන්ගේ මානව හිමිකම් කෙළෙසා ඇති බවට තීරණය කිරීමත්ය.
පලාත් පාලන මැතිවරණ කල්දැමීම සම්බන්දයෙන් පවරණ ලද මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි තීන්දුව මගින් ද රනිල් වික්‍රමසිංහ මූගික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීරණය විය.
මෙරට මානව හිමිකම් කඩකිරීම හුදෙක් ලියැවිල්ලකට සීමා වන අපරාධයකි. එවැනි අපරාධකාර පොලිස් නිලධාරීන් පොලිස්පති දක්වා ඉහල ගිය උදාහරණය කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන්ය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ 2024 ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් 24 වැනිදා තෙක් මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.
යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම ඊයේ (03දා) කැඳවනු ලැබීය.
මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ. එම්. පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී. ජේ. ඒ. වීරක්කොඩි, යූ. ඩී. එන්. ජයවීර සහ මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනකු නම් කර ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණ පැවැති සැප්තැම්බර් 21 වැනිදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ බලපත්‍ර අහෝසි කරන්නැයි ඉල්ලා සිටිති.
එහෙත් පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම හමුවේ එම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මේ අනුව රනිල් වික්‍රමසිංහ අත්තනෝමතික ලෙස බලය යෙදවූ අවස්ථා ගණනාවක් පිළිබඳව මේ වනවිටත් ඔහුට එරෙහිව නඩු කිහිපයක් විභාග කෙරෙමින් පවතී.
ලංකා ට්රුත් සහ දිවයින ද ඇසුරිනි.