පැලවත්තෙන් තවත් පිපිරුම් ශබ්දයක් – රටේ රාල
මාලිමාවේ අභයන්තර අර්බුදය ගැන රටේ රාළ කියන කොට එදා රටේ රාළව දැඩි ලෙස විවේචනය කරපු සහෝදරයෙක් ඊයේ කතා කළා. එයා කිව්වේ රටේ රාළ කියපු සියල්ල දැන් ජවිපෙ ඇතුලේ සිද්ධ වෙමින් තියනවා කියලයි.කොහොම උනත් එදා එයා රටේ රාළට බනිද්දී ඒ බැනුම් ඉවසගෙන හිටිය නිසා එයාට අපිත් එක්ක කතා කරන්න අවස්ථාව විවෘතව තිබුණා. දැන් මාලිමාවේ අර්බුදය ඛේදවාචකයක් බවට පත්වෙන්න කිට්ටුයි.
රටේ රාළ පහුගිය ලිපිවලින් කිව්වා වගේම ජවිපෙ පාර්ශවයෙන් මාලිමා පාර්ශව සම්බන්ධ ඔත්තු බලන්න චරපුරුෂයෝ යොදවලා තියනවා. මේ ඇතිවෙලා තියන තත්වය සම්බන්ධව හරිනි පාර්ශවයේ කණ්ඩායම් අතරත් රහසිගත සංවාදයක් ආරම්භවෙලා තියනවා. ඒකයි රටේ රාළ කියන්නේ මාලිමාවේ මහ ලේකම් නිහාල් අබේසිංහ ගොඩක් පරිස්සම් වෙන්න ඕනි කියලා. රටේ රාළ කියන මේ කතාව පහුගිය දවසක රූපවාහිනි සංවාදයකට ආපු බිමල් තහවුරු කළා.
බිමල් හිතාගෙන ඉන්නේ එයලා කියන කතා තවදුරටත් පිලිගන්න තරම් මේ රටේ ජනතාව මෝඩයි කියලයි. ඇත්තටම එහෙම හිතෙන්න තරමටම බිමල් මෝඩවෙලා.බිමල් සහ ටිල්වින් හදන්නේ මාලිමාව ඇතුලේ තියන අවුල එලියට පෙන්නන්නේ නැතිව ඇතුලේ තඟදාලා බේරගන්න. පැලවත්ත ඉතිහාසය පුරාම අභයන්තර අර්බුද බේරුවේ මැර බලය පාවිච්චි කරලා. ඒක පටන් ගත්තේ 2008දී රටේ රාළලාගෙන්.
ජවිපෙ අභ්‍යන්තර මැර බලයට බයවුන අය එදත් හිටියා. බයවෙලා තමන්ගේ ආත්මය පාවලා දීලා ජවිපෙට යටත් උන අය අදත් ජවිපෙ ඇතුලේ ඉන්නවා. එයාලට ජවිපෙ ඇතුලේ ඉන්න ඉඩදුන්නා හැර කවදාවත් එයාලට අවස්ථාවක් දුන්නේ නෑ. එහෙම යටත් වෙච්චි අය ජවිපෙ ඇතුලේ සූපින් ගානට වැටිලා අදත් ඉන්නවා. ඒක නිසා බිමල් හිතනවා අභයන්තරික තඟෙන් මේ ප්‍රශ්නය බේරගන්න පුළුවන් කියලා.ජවිපෙ න්‍යායාචාර්ය ටිල්වින්ට සහ එයාගේ සුවච කීකරු ගෝලයා උන බිමල් දෙන්නටම වැරදිලා.
ඒකට හේතුවක් තියනවා.ජවිපෙ හිතනවාට වැඩිය දැන් ප්‍රශ්නය මාලිමාව ඇතුලේ උඩුදුවලා ඉවරයි. මාලිමාව ඇතුලේ විතරක් නෙවෙයි මාලිමාවෙන් පිටතට ඇවිත් මාලිමාවට සමීප කවයන් අතරත් දැන් මේ සාකච්ජාව තියනවා.සමහරු දැන් කියන්නේ කරන දෙයක් ඉක්මනින් කරගනිල්ලා වැඩේ වැඩිකල් දුවන්නේ නෑ කියලා. බිමල් කියන්නේ මේ බලය ගත්තේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා කියලයි.
අපි කියන්නේ නෑ බිමල් ජවිපෙ වෙනුවෙන් වැඩක් කලේ නෑ කියලා.හැබැයි බිමල් ඔය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයට අනුව හිතුවොත් නං බිමල් කියන්නේ අබ ඇටයකටත් වැඩිය ගොඩක් පොඩි සූපින් කෑල්ලක් විතරයි.බිමල් හදන්නේ කොහොම හරි හරනිට හිතවත් කණ්ඩායමේ තටු කපලා ඉක්මනින් අගමැති වෙන්න.ටිල්වින්ගේ ජවිපෙ කණ්ඩායම අතට කැබිනට් බලය සහ පාර්ලිමේන්තු බලය මධ්‍යගත කරගන්න.ඒක එයාලා හිතන තරම් පහසුවෙන් කරන්න බෑ,හැබැයි බිමල්ට සහ ටිල්වින්ට තියෙන හදිස්සිය නිසා අඩු මාසෙන් බබා හම්බවෙන්න ඉඩකුත් මෙතන තියනවා.
බිමල්ට අගමැති වෙන්න හදිස්සි වුනාට ඒ තත්වයට අවශ්‍ය බාහිර සහ අභයන්තර තත්වයන් තවම මෝරලා නෑ.බලහත්කාරය යොදවලා අගමැතිකම ගත්තොත් බිමල් වැඩි දවසක් අගමැති පුටුවේ ඉන්නේ නෑ.දැන් රටේ රාළලා ගැන හොයන්න යොදවලා හිටිය පැලවත්තේ බුද්ධී අංශය මාලිමාව ගැන හොයන්න යොදවලා.අනුරට මේ මොහොතේ රීෂපල් එකකට යන්න අවශ්‍ය නූනත් ටිල්වින්ට ඒ උවමනාව තඳටම තියනවා.අනුරට තවමත් හරිනිව හරියටම කොටු කරගන්න බැරිවෙලා තියනවා.
දැන් එයාලා හදන්නේ නිශ්චිත කාලරාමුවක් නම් කරගෙන මේ සුද්ධ කිරීම කරන්න.සමහරවිට මාස තුනක් ඇතුලත වැඩේ වෙයි. ටිල්වින්ගේ හදිස්සිය නිසා මාස තුන මාසෙකට බහින්නත් පුළුවන්. ඒ කියන්නේ ජූනි,ජුලි මාස දෙක තීරණාත්මකයි.මේ කාලය ඇතුලේ හරිනිව දුර්වල කරන සහ බිමල්ව උස්සන project එකක් එයි.බිමල් උස්සන project එක දැනටමත් පටන් අරන්.දැනටමත් මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් මැති ඇමතිවරුන්ට ප්‍රකාශ නිකුත් කිරීමේ වාරණයක් ක්‍රියාත්මක වෙනවා.
හැබැයි බිමල්ට නිදහසේ ඕනි තැනක බැට් කරන්න අවස්ථාව දීලා තියනවා.ඒ අවස්ථාව පාවිචිචි කරගෙන බිමල් ඒ කාලේ ඉඳන්ම තිබුණ එයාගේ ගල්ටික් මෝඩ කතා ටික කියනවා.ජවිපෙ ඔය සුද්ධ කරගැනීම ඉතා ඉක්මනින් කරගත්තත් ඒක ළඟ එන අර්බුදයට උත්තරයක් නෙවෙයි. ජවිපෙ හිතන්නේ චලනය සිද්ධ වෙන්නේ සරල රේඛීයව විතරයි කියලා.හැබැයි සමාජ චලිතයක් සිද්ධ වෙන්නේ සර්පිලාකාරීවයි. අර්බුදයත් එහෙමයි පිමි විදිහට එනවා.
ඒ මොහොත වෙනකොට තියෙන්නේ මේ තියන තත්වය නෙවෙයි.ඒ මොහොත වෙනකොට ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙලා රට පුරාම විදි සටන් මතුවෙලා තියෙන්නත් පූළුවන්. එතකොට අනුරලාට,ටිල්වින්ලාට,බිමල්ලාට තමන්ගේ මූලික හතුරා හරිනි නොවී හතුරා ජනතාව වෙලා තියෙන්න පුලුවන්.මේ ආණ්ඩුව මේ යන අවධානම් ගමන තව ගොඩක් දුර නං යන්නේ නෑ.දැනටමත් මාලීමාව ඇතුලෙන් පුපුරලා ඉවරයි..
ඒයින් එක කෑල්ලක් ජවිපෙට එරෙහි බලවේගත් එක්ක එකතු වෙන එක නවත්තන්න බෑ.ඒකයි රටේ රාළ කියන්නේ නිහාල් අබේසිංහට ජවිපෙන් ප්‍රවේශම් වෙන්න ඕනි කියලා.හරිනි හා සමාන හෝ ඊටත් වැඩි අවධානමක් නිහාල්ට තියනවා.ඒ විතරක් නෙවෙයි හරිනිගේ කවයේ ඉන්න කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරුටත් ඒ අවධානම තියනවා.
අන්තිමට පැලවත්ත දැන් මරාගෙන මැරෙන දේශපාලන බෝම්බ හදන ෆැක්ටරියක් බවට පත්වෙලා තියනවා.අන්තිමට තමන් විසින්ම නිෂ්පාදනය කරපු දේශපාලන බෝම්බයක් පිපිරීමෙන් පැලවත්තත් විනාශයකට පත්වෙන එක නවත්තන්න බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
මුහුණු පොතෙනි.