මේ දිනවල සමාජ මාධ්‍යවල රඟ දක්වන චිත්‍රපටය තුසිත හල්ඔළුවට වෙඩි තැබීමයි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සොයා පොලීසිය මේ වන විට ලුහුබඳිමින් සිටී. ඒ ලුහුබැඳීමට පෙර තුසිත හල්ඔළුවගේ ආරක්ෂාව ආණ්ඩුව තහවුරු කරන්නේ නම් ඉතා හොඳය. එසේ නැතිනම් හදිසියේවත් නාඳුනන තුවක්කු කරුවකු ඔහුගේ ජීවිතය උදුරාගන්නටද බැරි නැත. එය එසේ වුව හොත් සිද්ධිය බරපතල වන්නේ ජනපති අනුර සහෝදරයාට විදේශ රටක තිබෙන බිලියන 400 ක වත්කම සැබෑ බවට සමාජ මතයක් ගොඩ නගන්නට විපක්ෂයට හැකි වන බැවිනි. තුසිත හල්ඔළුව පොලීසියට ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහුගේ කාරයට වෙඩි තබා පැහැර ගෙන ගොස් ඇත්තේ ජනපති අනුර සහෝදරයාගේ එම මුදල් ගණුදෙනුව සම්බන්ධ ලිපි ගොණුවයි.
තුසිත හල්ලොලුව ජීවිතය ආරක්ෂා කර ගත යුතු වන්නේ ඔහුවත් නොදන්නා ගේම් කාරයන් ආණ්ඩුව අමාරුවේ දමන්නට දත මිටි කමින් සිටින බැවිනි.
දාමට ඉත්තා සගයෙක් නොවේ යැයි කියමනක් තිබේ.ඒ මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතේය. හල්ලොලුව ගේ ඔළුවේ මෝඩකම කෙළවර විය හැක්කේ ඔහුගේම ජීවිතය උකසට තබමින් විය හැකි යැයි අප සැක කරන්නේ ඒ නිසාය.
බඩ ලොකු වුනාට වලව්වේ හාමු වෙන්නේ වත් ඔළුව හල් කෙරුවාට උපන්ගෙයි මෝඩකම් නැති වන්නේත් නැතිය.තුසිත ඔළුව හල් කර ගත්තේ ප්‍රධාන පෙලේ ජාවාරම්කාර දේශපාලඥයන් සමග බඩ බැඳගෙන ගැවසීමෙනි.
ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දා සිට තුසිත හල්ලොලුව සිටියේ දැඩි මානසික ආතතියකිනි. එදා සිට ඔහුගේ ෆේස් බුක් ගිණුම කියවන ඕනෑම අයෙකුට ඒ ගැන කිසිම කැතක් නැතුව තීරණය කරන්නට පුළුවන.ඔහු ජාජබ ආණ්ඩුවට හා ජනපති අනුර සහෝදරයාට අපහාස කරමින් එෆ් බී පෝස්ට් දැම්මේ අධි වේගයකිනි.
ඔහුගේ ඒ ලියවිල්ල සාධාරණය. මෙපමන කාලයක් මෙරට පැවැති ආණ්ඩුවල ඉහල තනතුරක් අරගෙන ජාවාරම් කරගෙන ගිය ඕනෑම අයෙකුට ජාජබ ආණ්ඩුව බලයට ඒම න්‍යෂ්‍ඨික බෝම්බයක් ගැහැව්වා වාගේ වන්නට පුළුවන. ඒ බෝම්බයේ කම්පනය එසේ මෙසේ නොවේ. පිපිරුණ බෝම්බයෙන් ආත භුත විකාර වූ අය තව බොහෝ දෙනෙකි.
වරප්‍රසාද නැති වූ සොවින්
තුසිත හල්ලොලුව වැනි වූ ඒ අයවළුන් හඳුනා ගැනීමට අවශ්‍ය නම් ෆේස් බුක්හි කිමිදිය යුතුය. සිය ආතතිය දරා ගත නොහැකිව තත්පරයෙන් තත්පරය ආණ්ඩුවට අවලාද නගමින් සාහසික පෝස්ට් දමන්නේත් කමන්ටු ලියන්නේත් මේ අයවළුන්ය. සැබෑවටම මින් වැඩි පිරිසක් පැවැති ආණ්ඩුවල මැති ඇමතිවරුන්ට සට්ටැඹිකම් කරමින් ජීවිතය ගොඩ දාගත් වුන්ය. බලය අහිමි වූ මැති ඇමතිවරුන්ට වඩා වේදනාවක් මේ සියල්ලන්ට පවතී.
මච්ජරිය කෝසිය සිටුවරයාද?
තුසිත හල්ලොලුව මෑතකදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසුවේ ජනපති අනුර සහෝදරයා සන්තකයේ බිලියන 400ක වත්කමක් විදේශයක පවතින බවය. මෙය සත්‍ය ප්‍රකාශයක් නම් ජනපති අනුර සහෝදරයා සමාන වන්නේ බුදුන් දවස රජගහ නුවර සක්කාර නම් ගමේ ජීවත් වූ මච්ඡරිය කෝසිය නම් සිටුවරයාටය. මේ සිටුවරයාට අසූ කෝටියක ධන සම්පත් තිබුන නමුත් මොහු ඒ ධනයෙන් කිසිවෙකුට තණ කොළයක අග තැවරුණ තෙල් බිංදුවක් තරමේ ප්‍රමාණයක්වත් නුදුන් බව සඳහන්ය. අඩුම තරමේ මේ සිටුවරයා කෑවේවත් බීවේවත් නැති අතරම දරුවන්ට වියදම් කෙරුවේත් නැත. ජනපති අනුර සහෝදරයාද මච්ඡරී කෝසිය සිටුවරයා විදියටම විශාල වත්කමක් සඟවා ගෙන සිටීම නම් මාරම මාරය. අඩුම තරමේ ඉඳහිටවත් අනුර සහෝදරයා සැපක් අරගන්නේ නැත්තේ උපන්ගෙයි කරුමය නිසා වෙන්නට පුළුවන. මේ මනුස්සයා සන්තකයේ විශාල වත්කමක් සඟවාගෙන තිබියදී මේ තරම් බැණුම් අපහාස අහන්නේත් විඳවන්නේත් පෙර පින් නැති වීම නිසාය.
එහෙත් තුසිත හල්ලොලුව ජනපති අනුර සහෝදරයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කළ එම ප්‍රකාශය ආපස්සට පත්තු විය. ලෝයර් මහත්මයකු එම ප්‍රකාශයට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක් කෙරුවේය. ඒ ලෝයර් මහත්තයා එම පැමිණිල්ල කෙරුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරවය.
ඒ වගන්තිය මෙසේය .
“කතාකරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥා වලින් හෝ දැකිය හැකි නිරූපණ වලින් පිහිටවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කර තොත් හෝ නීතිය ක්‍රියාව යෙදවීමෙහිදී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කර තොත් හෝ නිත්‍යනුකූල මාර්ග වලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූද,අසමගි වූද,හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කර තොත් ඔහුට අවුරුදු දෙකක කාලයක් දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ හැකිය..”
ලෝයර් මහත්තයාගේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීමට තුසිත හල්ලොලුව සීඅයිඩීයට කැඳවූ අතර එදින ඔහු කට උත්තර දී හීන් සීරුවේ ඔළුව පාත් කරගෙන මාරු වී ගියේය.ජනපති අනුර සහෝදරයා වෙත කළ ඔහු විසින් කළ චෝදනාව තහවුරු කළ හැකි ලිය කියවිලි රැගෙන නැවත දිනයක එන ලෙසට සීඅයිඩීය දැනුම් දී තිබුණි.
ඒ ලිපි ගොනුව!
එහෙත් දැන් අනාවරණය වන්නේ ඒ නැවත දිනයට සීඅයිඩීයට යාමට පෙර තුසිත හල්ඔළුව ගමන් ගත් වාහනයට වෙඩි තබා ඒ තොරතුරු ගොනුව පැහැර ගෙන ගිය බවය. ජනපති අනුර සහෝදරයා විසින් සඟවාගෙන තිබෙන වත්කම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි ඔහු සතුව පැවැති එකම සාක්ෂිය ඒ ලිපි ගොනුව පමණක් පමණක් බවද දැන් පැවසේ.
චන්ද්‍රිකාගේ කාර්යාලය
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක එක් අවස්ථාවකදී තුසිත හල්ලොලුව හැඳින්වූයේ මගේ ඔෆිස් එකේ ෆොටෝ කොපි ගැසූ එකා නේ යැයි කියමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ කාර්යාලයේ ෆොටෝ කොපි ගැසූ මේ හාදයා ටික කාලයකදී සුපිරි ධනවතකු ලෙස රූපාන්තරණය වීම විශ්මයජනකය.
මේ රූපාන්තරණය වීමේදී ඒ ඒ ආණ්ඩුවල ප්‍රබල ඇමතිවරුන් සමීපයේ තුසිත හල්ඔළුව දැරූ පදවි තනතුරු තානාන්තර බොහෝය. එලෙස වගකිව යුතු තනතුරු උසුලන ලද මේ උන්නැහේ මෙතරම් වැදගත් ලිපි ගොනුවක් පයිල් කවරයක් අස්සේ පමණක් සඟවා ගෙන තිබීම ගැන අපට ලිවීමට ඇත්තේ 1958 වන මෝහිනී චිත්‍රපටයේ එච්.ආර්.ජෝතිපාල ගායනා කරන ලද සින්දුවකි.
කොල කඩ කඩ බොරුවට දෙනවා
මම ගහ හොඳ හැටි අඳුනනවා
අපට බොරු චාටු එපා
අපට බොරු චාටු එපා
මේ සින්දුවේ ඔය පද හතරේ අවසානයේ අපට බොරු චාටු එපා පිරිමින්ගේ යනුවෙන් දැක්වේ.එහෙත් දැන් එය වෙනස් කර ගත යුත්තේ “අපට බොරු චාටු එපා හල්ලොලුව” කියාය.
මේ සිද්ධිය ගැන මුහුණු පොතේ බෙදා හදා ගනිම්න් තිබූ අපූරු කමන්ටුවක් මෙසේය.
මේ කමන්ටුව ඉතා සරලය. එහෙත් ඉන් ඇඟවෙන්නේ තුසිත හල්ඔළුවගේ චිත්‍රපටය ගැන දැනුම් තේරුම් ඇත්තන්ගේ සමච්චලයයි.
ජාජබ ආණ්ඩුව ගැන තුසිත හල්ලොලුව තුළ පැවැති දරා ගන්නට බැරි මානසික ආතතියට අවසානයේදී විරාමය ලකුණ තැබුණේ හත් පොළේ ගාගෙනය. ඒ හත් පොළේ ගා ගැනීම ද මේ වගන්තිය හා පටලවා ගත හොත් තුසිත හල්ඔළුවට සිද්ධ වෙන්නේ තව අමාරුවක වැටෙන්ටය.ඒ දනිස 208 වගන්තියයි.ඒ මෙසේය.
“යම් තැනැත්තකුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරීමට හෝ වරදක් සිඳු කළයි යන චෝදනාවක් නැගීමට සාධාරණ වූ හෝ නිත්‍යනුකූල වූ කරුණු නොමැති බව දැන දැනම එකී තැනැත්තාට පාඩු කිරීමේ අදහසින් ඔහුට විරුද්ධව එබඳු අපරාධ නඩුවක් පවරන හෝ වරදක් සිඳු කළැයි යන බොරු චෝදනාවක් නගන තැනැත්තෙකුට අවුරුදු දෙකක දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය”
අපේ සීඅයිඩීය ඉන්නේ දක්ෂයන්ය. මෙරට සිඳුවූ බොහෝ බිහිසුණු අපරාධ සීඅයිඩිය අනාවරණය කර ගෙන ඇත්තේ විශේෂඥ කුසලතාවකිනි.ඒ සීඅයිඩීය තැම්බීමට තුසිත හල්ලොලුව සතුව තියෙන ලුණු ගොරකා මදි බව අපට සිතේ. එහෙත් ඒ ගැන අවසන් විනිශ්චයක් අපට ලියන්නට නොහැකිය.අප මේ ගැන සිතන්නේ අපට වැටහෙන හා දැනෙන සීමාවේ සිටය.
ඒ සීමාවේ සිට වුවද තුසිත හල්ඔළුව ගේ කෙරුවාව ගැන මේ ළමා කවිය අපට සිහිපත් වේ.
දත් කැකුළු පාලා
සුරතල් සිනාසීලා
බොළඳ බස් දීලා
කෙළී සියොළඟ දූලි ගාලා