Monday, May 19, 2025

රනිල්ගේ භුමිකාව වෙනුවට එජාප- සජබ එක්විම සජිත්ගේ නායකත්වයෙන්!

Image from the NewsWire.

2025 පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා විපක්ෂ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) අද සාකච්ඡා පවත්වා තිබේ.

සජබ සහ එජාපය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව, මේ කාරණයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂවල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා පොදු එකඟතාවයකට පැමිණි බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වා තිබේ.

මෙහි දි කැපි පෙනන ලක්ෂනය නම් මෙම සාකච්ජා සජිත් ප්‍රේමදාස නායකතවය යටතේ පැවැත්වීමත් රනිල් වික්‍රමසිංහ ඊට සහභාගි නොවීමත්ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව රනිල් වික්‍රමසිංහගේ නායකතවයෙන් යුතු එජාපයේ ජන්ද අඩු ව අතර සජිත් ප්‍රේමදාස නායකත්වය දුන් සජබ ජන්ද සියයට 2කින් පමණ වැඩි විය.

මේ අනුව පක්ෂ දෙකෙහි එක්විමක් සිදු වන්නේ නම් එය සිදුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකතවයෙනි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් විපක්ෂය එක් කිරිමට දරන ලද ප්‍රයත්නය අසාර්ථක වූ අතර මෙම නව මූලිකත්වය ඇතිව තිබෙන්නේ ඒ අනුවය.

 

Archive

Latest news

Related news