බලා හෙල්ල-හෙළුව හෙල්ල- මුලම බෙල්ල- මරු තැනේ නැතහොත් ඩෑන් ඩාං ඩෝං වීම – ලොකු කුමා
ඩෑන් ප්‍රසාද් වෙඩි තබා ඝාතනය කෙරිණි.
ඔහූ ඝාතනය කිරීම ශිෂ්ඨාචාර සමාජයක සතුටින් වර නැගිය යුතු සිදුවීමක් නොවේ.
එහෙත් ඩෑන් ප්‍රියසාද්ගේ සිය දේශපාලන මතය හැසිරවූයේ ප්‍රතිවාදියා කෙරෙහි පිළිකුළ දනවන ආකාරයටය.එහිදී ඔහුගේ
එම හැසිරීම අනුමත කළ දායක සභාවක්ද සිටි බව අමතක කරන්නට නොහැකිය.
එම දායක සභාවේ නායකත්වය පැවතුනේ රාජපක්ෂ වරුන් අතය.රාජපක්ෂවරුන් තෘප්තිමත් කිරීම සදහා කොන්දේසි විරහිතව ඩෑන් ප්‍රියසාද් පිළිකුල් සහගත ක්‍රියාකාරකම් වල නිරත විය.එහිදී සමාජය තුළ ජාතිවාදය හා ආගම් භේදය අවුළුවාලීම මොහුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් වූ බව රහසක්ද නොවේ.
දාමරික රාජපක්ෂවාදය
දීර්ඝ කාලීන යුද්ධයෙන් මෙරට ගලවා ගත් නායකයා ලෙස සමාජ මානසිකත්වයේ කිරුළු පැළඳ ගත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල බලයෙන් වියරු වැටීම තුළ මෙරට ව්‍යවස්ථාව පවා තඹ දොයිතුවකට නොසළකන ජාවාරම්කාර වටපිටාවක් රට තුළ නිර්මාණය විය.
මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා ලෙස පත්ව පාලනය ගෙන ගිය ඒ අවදියේ ලුම්පන් සමාජය නියෝජනය කළ ඩෑන් ප්‍රියසාද් වැන්නන්ට රාජපක්ෂ වරුන් සමීපයට යන්නට තබා ඒ ගැන හිතන්නටවත් නොහැකි වටපිටාවක් පැවතුනි.ඒ අවදියේ මේ ලුම්පන් සමාජය හැසිරවූයේ මර්වින් සිල්වා දුමින්ද සිල්වා වැනි අයවළුන්ය.මදාවියන් හා පාදඩයන් ඒක රාශී වෙමින් සිටියේ රාජපක්ෂවරුන් හා සෘජු ගණුදෙනු කළ ඒ චරිත සමීපයේය.
එම යුගයේදී රාජපක්ෂ වරුන් තම යටි බිම් ගත මංකොල්ලකාරී හා අපරාධකාරී ක්‍රියාකාරකම් සදහා යොදවා ගත්තේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් ආවරණය සපයා ගත් මිල්ටෙරි කණ්ඩායම්ය.එහිදී රාජපක්ෂවරුන් ගේ ඕනෑ එපාකමි හා රුචිකත්වය අනුව හැසිරුණ සන්නද්ධ මිල්ටෙරි කණ්ඩායම් ගණනාවක්ම ක්‍රියාත්මක වූයේ මෙරට නීතියේ භාවිතයටත් ඉහළිනි.ඒ මිල්ටෙරි කණ්ඩායම් වල භාවිතය වූයේ රාජපක්ෂවරුන්ගේ පැවැත්ම සදහා ඕනෑම අවස්ථාවක සාහසිකත්වය හා මෙලේච්ඡත්වය මුදා හැරීමත් එය සාපරාධී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමත්ය.බොහෝ අබිරහස් මිනිස් ඝාතනයන් සිදු වූයේ මේ කාල පරිච්ඡේදයේදීය.
සිංහල බෞද්ධ මුද්‍රාව
ඒ සෑම මිනිස් ඝාතනයක් පිටුපසම ක්‍රියාත්මක වූයේ අධිපතිවාදී රාජපක්ෂවරුන්ගේ නියෝගයන්ය. කිසිවෙකුට ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමට ඉඩක් නොවීය. එම ඝාතනයන් නිසා වින්දිතයන් වූ පාර්ශවයන්ගේ විලාපය සිංහල බෞද්ධ මුද්‍රාවෙන් යටපත් කෙරිණි.රණවිරු උන්මාදයට මනුෂ්‍යයෙකුගේ ජීවිතයට වඩා වැඩි වටිනාකමක් හිමි විය.
මේ වටිනාකම තුළ පැවතියේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලය තවදුරටත් ඉහළට එසවෙන පරදිය. මිල්ටෙරි යාන්ත්‍රණය ඉතිහාසයේ නොවූ ආකාරයට දේශපාලනීකරණය කරමින් මිල්ටෙරි ජනරාල් වරුන්ගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා වූ බොහෝ පිරිස් තමන්ගේ මානසික වහළුන් ගේ බවට පත් කිරීමට රාජපක්ෂවරුන්ට හැකි විය.
අග විනිසුරු හා අධිකරණ පද්ධතියද පොලිස් දෙපාර්තමේන්තුවද රාජපක්ෂ වරුන්ගේ හැඩයට නිර්මාණය කෙරිණි.රාජ්‍ය පරිපාලන ඡ්‍යෙෂ්ඨයන් ගේ කොදු නාරටි බිඳ දමන ලදී.රාජපක්ෂ වරුන්ගේ අවශ්‍යතාව වූයේ නිවට සමාජයකි. සමාජයකි.රාජපක්ෂවරුන්ට එරෙහිවන්නන් රට පාවා දෙන්නන්ගේ කුලකය තුළ රැඳවිනි.
සැබැවින්ම රාජපක්ෂ වරුන් ගොඩ නගන ලද එම දේශපාලන ආධිපත්‍යය තුළ ඩෑන් ප්‍රියාසාද් වැනි ලුම්පන් සිල්ලර කෑලි වලට ඉඩක් නොවීය.නාමල් යෝෂිත හා චිචී බබාලා රාජකුමාරයින් ලෙස වැජඹෙද්දී ඔවුන් සමීපයේ වූයේ ජාවාරම්කාර ප්‍රභූ පන්තියේ සෙල්ලක්කාර දරුවන්ය.වෙන කිසිම අයෙකුට ඔවුන් සමීපයට යා හැකි වූයේද නැත.
මරනයේ ලියා පදිංචිය නොමිලේ
මේ රාජකුමාරයන් ගේ සෙල්ලක්කාර ක්‍රියා කාරකම් සදහා රාජ්‍යයේ අනුමැතිය හා මිල්ටෙරි හා පොලීසියේ ආරක්ෂාව හිමි වූයේ ප්‍රශ්ණ කිරීමකින් තොරවමය. මේ ක්‍රමයට එරෙහිවූවන්ට මරණයේ ලියාපදිංචිය නොමිලයේම ලබා ගන්නට හැකි විය.රාජපක්ෂවරුන් ගේ පෝරිසාද මෙහෙයුම් වලදී ඒ වටා සංවිධානය වූ තක්කඩි චීවරධාරීන් පිරිසක්ද උඩගෙඩි දුන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යකාරයන් පිරිසක්ද නිරන්තරයෙන් දැක ගන්නට පුළුවන් විය.සිංහල බෞද්ධ ජනතාව හසුරවා ගත හැකි මනෝ මූලික මෙහෙයුම් දියත් කරන ලද්දේ මේ කණ්ඩායමයි. ඒ මෙලේච්ඡ ක්‍රියාකාරකම් වලට එරෙහිවන්නන් දඩයම් කිරීම සඳහා පැරා මිල්ටෙරි දඩ බල්ලන් පිරිසක්ද රාජපක්ෂවරුන් සමීපයේ විය. මේ පැරා මිල්ටෙරි දඩ බල්ලන් සිඳු කරන ලද අපරාධමය වැරදි වලින් නිදහස් කෙරුණේ රණවිරු උන්මාදය අධිකරණමය විනිශ්චය තීන්දු වලටද එක් කරමිනි.
“මාව මිනීපෙට්ටයේ යවන්ද හදන්නේ”
මේ ලියුම්කරු ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පිළිබඳව දැඩි කළකිරීමකින් සිටි එම ආණ්ඩුවේ ප්‍රබලයකු අමතා එස්එම්එස් මගින් ඉල්ලීමක් කෙරුවේ පවතින ආන්ඩුවෙන් ඉල්ලා අස් වුව හොත් දේශපාලන අනාගතයක් ඔහු වෙත ඉදිරියටත් පැවතිය හැකි බවට ප්‍රකාශ කරමිනි.ඒ මෙරට අරගලයට මාස ගණනකට පෙරය.එහිදී ඔහු මා වෙත එවන ලද පිළිතුරු එස්එම්එස් පණිවුඩය රාජපක්ෂවරුන්ගේ ඇතුලාන්තය තහවුරු කරන්නක් විය.එහි වූයේ “උඹ මම මිනී පෙට්ටියක යනවා දකින්න කැමතිද” යන්නය.
රාජපක්ෂවරුන් ගේ දේශපාලනික ආධිපත්‍යය කම්පනයට පත්වී කඩා වැටුනේ මෙරට ව්‍යාප්ත වූ ආර්ථික අර්බුදය නිසාය.මින් රාජපක්ෂ පවුලට සිදු වූ හානිය සුළු පටු නොවේ. එහිදී රාජපක්ෂවරුන්ට වඩාත් බරපතල හානිය වූයේ මිල්ටෙරි හා පොලිස් යාන්ත්‍රණය හැසිරවීමේ බලය බිඳ වැටීම නිසාය.නාමල් යෝෂිත චීචී බබා වැන්නන් මහ පොළොවේ ඇවිදින්ට පටන් ගත්තේ එතැන් සිටය.
තමන්ට සිදු වූ බරපතල හානිය අවම වශයෙන් පාලනය කර ගැනීමට තමන් ගේ මහන්තත්ත දේශපාලනයේ ස්වරූපයේද වෙනස් කර ගැනීමට මෙන්ම ගිලිහෙමින් පැවැති බලය තවදුරටත් රඳවා ගැනීමට ඔවුන්ට විකල්ප සොයා යන්නටද සිදු විය. මිල්ටෙරි හා පොලිස් යාන්ත්‍රණය හැසිරවීමේ බලය අත් හැරුණ විට රාජපක්ෂ දේශපාලනයේ බරපතල රික්තයක් පැතිරී ගියේය.
රාජපක්ෂ බලයේ රික්තකය පිරවූ ඩෑන් ලා
රාජපක්ෂවරුන් තමන්ගේ නව ස්වරූපය සමාජගත කිරීමට උපකාර කර ගත්තේ ඩෑන් ප්‍රිය සාද් වැනි ලුම්පන් පෝරිසාදයන් ගෙනි.මෙවැනි ලුම්පන් පෝරිසාදයන්ට නාමල් යෝෂිත හා චීචී වැන්නන්ගේ උදය කෑම මේසයට වාඩි වීමට තරමට එම රික්තය තුළ අවස්ථාව හිමි විය. බලයෙන් උන්මාදව සිටි අවදියේ මෙවැනි පාදඩයන්ට ඔවුන් හා සමීප වීම සිහිනයක්ම වූ අතර යම් හමුවීමක් වූයේ නම් ඒ දේශපාලන රැස්වීමකදී ඉතා කෙටි කතාබහකට සීමාවීමක් පමණකි.
සැබැවින්ම එම වටපිටාව තුළ රාජපක්ෂ දේශපාලනයේ නිරත වූ ඇතැම් ඡ්‍යෙෂ්ඨ දේශපාලඥයන් හටද කුඩම්මාගේ සැළකිලි ලැබෙමින් පැවතුන බව රහසක් නොවේ.මහින්ද රාජපක්ෂගේ කුණු හරුප තර්ජනය කිරීම් නිවටව අසා සිටින්නට පවා ඔවුන් පුරුදුව සිටියහ.ඇතමුන් මහින්ද රාජපක්ෂගේ පහරකෑමි වලටද ලක් වුවන් වේ.එහෙත් ඒ කිසිවකු රාජපක්ෂවරුන් අත් හැර යාම ගැන සිහිනෙකින්වත් නොසිතූහ.එසේ යන්නේ නම් වැලිකඩ ජම්පරය ඇඳීමට හෝ මරණ වරෙන්තුව ලියා ගැනීමට සිත හදාගෙනම යා යුතු විය.
කෙසේ වෙතත් සිය දේශපාලන ආධිපත්‍යය බිඳ වැටුනද ජාතිවාදී හා ආගම්වාදී මෙහෙයුම් අත හරින්නට රාජපක්ෂවරුන් සූදානම් නොවීය. සිය දේශපාලනික බලය නැවත සමාජගත කිරීමට මේ වන විටත් ඔවුන් යොදා ගනිමින් සිටින්නේ අශීලාචාර හා අවලස්සන ආගමික හා ජාතිවාදී සූදුවයි.ඒ සඳහා ඔවුන් යොදා ගන්නා ලද තුරුම්බුවක් වූයේ ඩෑන් ප්‍රියසාද් නම් උම්මත්තකයාය. ඒ අතරේ අරාබි වසන්ත නාමල් කුමාර චීවරධාරී නානසාර හා ඉත්තෑකන්දේ වැනි පාදඩයන්ද සිටී.
මේ පාදඩයන් යොදවා ගනිමින් රාජපක්ෂ වරුන් විසින් මුදා හරින ලද ඉතා අශීලාචාර මෙහෙයුම් දේශපාලනිකව අනිකාගේ සිත රිදවීම් වලට හේතු වන සිද්ධීන් වේ. එම මෙහෙයුම්වලදී දෘෂ්‍ය මාධ්‍යයන් වන හිරු හා දෙරණ නාලිකා වෙතින් හිමි වූ ප්‍රචාරණ දායකත්වයද ඉතා අප්‍රසන්නය.
අරාබි වසන්තගේ වැරදුණ කුරුමානම
ඩෑන් ප්‍රියසාද් ඝාතනය වූ අවස්ථාවේ අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරින ලද අරාබි වසන්ත නම් රාජපක්ෂවාදී ලුම්පනයා සිය හිතවතුන්ට මහ රෝහලේ හදිසි අනතුරු අංශය අසලට එන ලෙසට ඉල්ලීමක් කෙරුවේය.ඔහු එහිදී අපේක්ෂා කළ හිතවතුන් යනු පොදුජන පෙරමුණේ සමීපතමයන් ලෙස ගත හැකිය.එහෙත් ඩෑන් මිය යන අවස්ථාවේ රෝහල අසල සිටියේ නිල මැස්සන් කිහිප දෙනෙක් පමණි.ජීවත්ව සිටියදී කරට අත දාගෙන සිටි රාජපක්ෂ වරුන් ගේ ඉහළ ඇවරියේ දේශපාලන නියෝජනයක් එහි නොවීය.
රාජපක්ෂවරුන් ඩෑන් ගේ හදිසි ඝාතනය ගැන ලත නොවෙන බව මෙහිදී අමුතුවෙන් ලිවිය යුතු නැත.මේ පැයේදී ඩේසි ආච්චි වල කජ්ජ ගැසුවද රාජපක්ෂවරුන් ගේ සිතීම එහෙමය.
නාමල් රාජපක්ෂ ඇඟිලි ගනිමින් සිටිනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මරණයට පත් වෙන තුරුය.මේ එහෙව් පුත්තුය. තාත්තාගේ මරණය දේශපාලනිකව තමන්ට වන වාසියක් බවට මේ නසරානි පුත්‍රයා නොසිතන්නේ නම් පුදුමයකි.
ජාජබ ආණ්ඩුව අප්‍රසන්නතාවයට පත් කරවන ආකාරයට නින්දා අවලාද නැගීම සඳහා රාජපක්ෂවරුන් යොදා ගනිමින් සිටියේ ඩෑන් ප්‍රිය සාද් වැන්නන් ගේ ලුම්පන් සමූහයයි. ඩෑන් ප්‍රිය සාද් ගේ කෙරුවාව අවසන් වූයේ පුද්ගලික කෝන්තරයක් නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.එහෙත් රාජපක්ෂ වරුන්ගේ දේශපාලනය තවමත් වර නගමින් සිටින්නේ ඔහුගේ ඝාතනයේ වගකීම ආණ්ඩුව බාර ගත යුතු බවටය.
මෙහිදී රාජපක්ෂවරුන්ට ඩෑන් ගේ ඝාතනයද හොඳ ඉල්ලමකි.දැන් රාජපක්ෂවරුන් තලු මරමින් සිටින්නේ ඩෑන් ගේ ඝාතනයේ වාසි තමන්ගේ ගොඩට දා ගැනීමටය.මහ පොලවේ දේශපාලනික ආරක්ෂක වලල්ල ලෙස තමන් වටා මේ වන විට ක්‍රියාත්මක වෙන මේ ලුම්පන් සමූහයේ එකෙකුගේ ඝාතනය රාජපක්ෂවරුන්ට අඬා දොඩා කම්පා වෙන තරමේ සිද්ධියක්ද නොවේ.දාමට ඉත්තා සගයක් නොවේය කියමන එහිදී වලංගුය.

අප්‍රේල් මස පලමුවෙනිදා ඩෑන් ප්‍රියසාද් ජාබවරුන්ගේ සිත රිද වූයේ ජනපති අනුර කුමාර සහෝදරයාගේ උපන්දිනය එදින බව පවසමින් එය සැමරීම සඳහා කේක් කැපීමේ දර්ශනයක් අන්තර්ජාලයට මුදා හරිමිනි. මෙය රාජපක්ෂවරුන් ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද්දක් විය හැකිය. ඒ මන්ද යත් ඩෑන් ප්‍රිය සාද් යනු වල් එඬුරු ගහක් මිස යමක් සිතා බලා නිර්මාණශීලීව මැදිහත්වීමක් නොකරන රූකඩ ලුම්පනයකු නිසාය.
කවුරුන් බණ දේශනා කෙරුවද ජාජබ වරුන් මේ ලුම්පනයාගේ ඝාතනය ගැන සතුටු වන බව සඳහන් කළ යුතුමය.ඒ ඩෑන් වැපිරූ අස්වැන්නය. එසේත් නැති නම් කැත දේශපාලනයේ හැටිය. ප්‍රතිවිරුද්ධ දේශපාලනය තුළ පවා මිය යාමෙන් පසුව ගරු බුහුමනට ලක් වන දේශපාලඥයන් නැත්තේ නොවේ.ඒ සඳහා ආසන්නම උදාහරණය වන්නේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමතිවරයකු වූ පාලිත තෙවරප්පෙරුමය.
ඩෑන් ගේ ඝාතනය හා ජාජබවරුන්ගේ හෘද සාක්ෂියේ සතුට ගැන කියවන අපට සිහිපත් වන්නේ රැයිපියෙල් තෙන්නකෝන්ගේ ගේ කුකුළු හැවිල්ලේ කවි පේලියයි.
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා
බලා හෙල්ල
හෙළුව හෙල්ල
මුලම බෙල්ල
මරු තැනේ
සිංහලයන් සාප කිරීමෙහි ලා දක්ෂයන්ය.
දින හතකින් සාපය වදින්නට දෙස් දොවොල් තියන්නන් ඒ දින ගණනේදී සිය සිතැගි ඉටු නොවූහොත් ඊළඟට ගනන් හදන්නේ දින විසි එකටය.සිය නායකයා අපහාසයට පත් කළ ලුම්පනයාට ජාජබයන් ශාප කරමින් සිටි බව අන්තර්ජාලයේ ඇමිනුම් කියවන විට පැහැදිලි කර ගත හැකිය.අප්‍රේල් පළමුවනදා සිට දින විසි එකක් ගෙවී ගිය ආසන්නයේ ඩෑන් ප්‍රිය සාද් ගේ අපහාසය ඔහුටම කොඩිවිනයක්ම වූ බවට සිතා ඇතමුන්ට ඕනෑ නම් හිත හදාගන්නටත් පුළුවන.