ඇමති විජේපාලගේ මාධ්‍ය ලේකම් දීඝායු, පුත ළඟ නොබලන්න දුර බලන්න – ලොකු කුමා
අප විසින් මීට ඉහතදී පළ කරන ලද පුවතක් හා සබැඳිව නැවත පල කිරීමට සිඳු වී තිබේ.ඒ cyber news.lk නම් සයිබර් ප්‍රකාශනය පිළිබඳවය.මේ සයිබර් ප්‍රකාශනය දිගින් දිගටම අප විසින් පල කරන ලද ප්‍රවෘත්ති වංචා සහගතව සොරා ගනිමින් පල කරන ලදී.අපි ඒ සම්බන්ධයෙන් අනාවරණය කෙරුවෙමු.
මෙම සයිබර් ප්‍රකාශනයේ හිමිකරු හට මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.ඒ විනිසුරු තිලිණ ගමගේට අපහාස කිරීමක් සම්බන්ධයෙනි.මොහු එම චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර තිබේ.එහෙත් මොහුගේ හිමිකාරිත්වය යටතේ ලියා පදිංචි වී ඇති cyber news.lk සයිබර් ප්‍රකාශනය මගින් දිගින් දිගටම අධිකරණ විනිසුරුවරුන් විවේචනය කරමින් ඔවුන් අපහාසයට හා අවමානයට පත් කරමින් ප්‍රවෘත්ති සහ එම විනිසුරුවරුන්ගේ ඡයාරූප පල කරන ලදී.
මේ වන විට ඇප කොන්දේසි මත මුදා හැර තිබෙන සැකකරු තමාගේ හිමිකාරිත්වය යටතේ පැවතුන සයිබර් ප්‍රකාශනය තමන්ගේ බාරයේ නොමැති බවට රහස් පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල විභාග නොකිරීම සම්බන්ධව පොලිස්පති වරයා වෙතද පැමිණිල්ලක් කර තිබේ.ඒ කිසිදු පැමිණිල්ලක් විභාග කිරීමට රහස් පොලීසිය උනන්දුවක් නොදක්වන බවද පැමිණිලිකරු පවසා ඇතැයි වාර්තා වේ.

එය එසේ වන්නේ නම් මේ සයිබර් ප්‍රකාශනය වර්තමානයේදී යාවත් කාලීන කරමින් පවත්වාගෙන යන්නේ රහස් පොලීසියේම යම් ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු බවට සැකයක් පවතී.එය ඇතැම් විට ජාතික බුද්ධි සේවාව මගින් තොරතුරු ලබා ගැනීම සඳහා කෙමනක් ලෙස භාවිතා කරන්නේදැයි පවා සැක කළ හැකිය.එහෙත් මේ සයිබර් ප්‍රකාශනය වර්තමානයේදීද තෝරා ගත් විනිසුරුවරුන් කිහිප දෙනෙකු එල්ල කර ගනිමින් ඔවුන් අපහාසයට හා අවමානයට ලක් වන ආකාරයෙන් ප්‍රවෘත්ති හා පරිගණක ඡායාරූප පල කරමින් සිටීම ඉතා බරපතල කාරණයකි.
කෙසේ වෙතත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අපහාසයට හා අවමානයට පත් කරවන ආකාරයෙන් ප්‍රවෘත්තියක් පල කරන ලදැයි පැවසෙන සිදුවීමකට ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්
එම්.ඒ.බී. දීඝායු විසින් cyber news.lk සයිබර් ප්‍රකාශනයට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.
එම සයිබර ප්‍රකාශනයේ හිමිකාරිත්වය පැවැති පුද්ගලයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබියදීත් තව දුරටත් අධිකරණ විනිසුරුවරුන්ට අපහාසයට ලක් කරමින් ප්‍රවෘත්ති පල කරමින් තිබීම ගැන මෙතෙක් පොලීසියේ සයිබර් අපරාධ ඒකකයේ අවධානයට ලක් නොවීම පවා පුදුම සහගත කාරණයකි.මහජන ආරක්ෂක ඇමතිවරයා අපහාසයට පත් කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇති පැමිණිල්ලට වත් දැන් පොලීසියේ ඇස් ඇරෙනු ඇතැයි අපි සිතමු.
මහජන ආරක්ෂක ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් වරයා මේ සයිබර් ප්‍රකාශනය පිළිබඳව අවධානය යොමු කරන්නට ඇති බවට කිසිම සැකයක් නැත.එසේ නම් එහි මීට පෙර විනිසුරු තිලිණ ගමගේ හා විනිසුරු තොටවත්ත හා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන අයවළුන් ඉතා අශීලාචාර ආකාරයෙන් අපහාසයට ලක් කර ඇති පුවත් නොදැක ඉන්නට ඉඩක් නැත.එහිදී මාධ්‍ය ලේකම් වරයා ඇමතිවරයාගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් සිය රාජකාරිමය වගකීම භාවිතා කිරීම නුසුදුසු බව අපේ විශ්වාසය.එහිදී ඔහුට තිබුණේ මෙම විද්යුත් සයිබර් ප්‍රකාශනය මගින් මෙරට අධිකරණයේ විනිසුරුවරුන්ට පවා අපහාස කරමින් තිබෙන බවට පොලිස් පැමිණිල්ල කිරීමටය.තවදුරටත් මෙම සයිබර් ප්‍රකාශනයට එරෙහිව මේ වන විටත් අධිකරණයට එරෙහිව නඩුවක් පවතින බවද එම පැමිණිල්ලේ සදහන් කළ යුතුව තිබුණි.මේ මාධ්‍ය ලේකම්වරයා මහජන ආරක්ෂ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයාද වන හෙයින් මෙම සිද්ධියට මීට වඩා බර තබා ක්‍රියා කළ යුතුව තිබුණි.
මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ අධිකරණයට අපහාස කරන ලදැයි නඩුවක් විභාග වෙමින් පවතින විත්තිකරුවකු තවදුරටත් මෙලෙස අගතිගාමී ආකාරයෙන් හැසිරේද යන්න ගැනය.මේ විත්තිකරුම එම සයිබර් ප්‍රකාශනය යාවත්කාලීන කරමින් පවත්වා ගෙන යන්නේ නම් ඔහු මානසික ආබාධිතයකු විය යුතුය.
එහෙත් එම විත්තිකරු මෙම සයිබර් ප්‍රකාශනය තමන්ගේ හිමිකාරිත්වය යටතේ නොපවතින බවට පොලිස් පැමිණිල්ලක් කර ඇති බව පැවසේ.ඔහු එහිදී පවසා ඇති ආකාරයට එම සයිබර් ප්‍රකාශනයට ඇතුළු වීම සඳහාවූ රහස් වචනය හා විද්‍යුත් තැපැල් ලිපිනය රහස් පොලීසිය වෙත ලබා දී තිබේ.තමන්ට නඩු පැවරුන දින සිට එම සයිබර් ප්‍රකාශනයේ හිමිකාරිත්වය තමන් සතුව නැති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත .පාර රාජ්‍යයේ තවත් නසරානී ක්‍රියාවක් මෙහි සැඟවී ඇතැයි ඒ නිසාම අපට සිතේ.මේ නිසාම “දීඝායු පුත ලඟ නොබලන්න.දුර බලන්න” යැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයාට සිහිපත් කරමු.