ඡායාරූපය: අරගලයට පහර දීමට මහින්ද රාජපක්ෂ ලිහා එවූ දඩබල්ලන් සමඟ දේශබන්දු සතුටින්!
වැඩ තහනම් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයනේ ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකු විසින් අත්සන් කරන ලද කරුණු 27කින් යුත් යෝජනාවක් අද (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදෙන ලදී.
මෙම කරුණූ 27 අතර 2022 මැයි 09 දා ගාලු මුවදොර පිටියේ පැවැති සාමකාමී ගෝටා ගෝ හෝම් අරගලයට පහර දීමට පැමිණි මැරවර පිරිස් නතර නොකිරීම ද එක් චෝදනාවකි. එලෙස පැමිණි මැරයන්ගේ නාම ලේඛනයක් ද එහි අඩංඟුය.
2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති සමයේ මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේ වනවිට සිටින්නේ අඟුනකොළ පැලැස්ස බන්ධනාගාරයේය.
අද කථානායක වෙත බාර දුන් යෝජනාව සම්පූර්ණයෙන්ම පහතින් දැක් වේ: