ඡායාරූපය: රෝහිතට අඬන්න වෙයිද?
පසුගිය මහා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කළ අපේක්ෂකයන් විසින් ලබා ගන්නා ලද මනාප ඡන්ද යලි ගණන් කර අළුතෙන් ප්‍රතිඵළ නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසකම් පෙත්සමක් සළකා බැලීම සඳහා සැප්තැම්බර් 30 වන දින කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ බවත් මනාප ඡන්ද ගණන් කිරීමේදී තමන්ට අසාධාරණයක් වූ බවත් මෙහිදී පෙත්සම්කාර රාජිත සේනාරත්න පවසා සිටී. වැඩිදුරටත් පෙත්සම්කාර රාජිත සේනාරත්න සඳහන් කර ඇත්තේ එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයා අතරත් පවතින මනාප ඡන්ද වල වෙනස 119ක් බවත් එහිදී ඡන්ද ගණන් කිරීමේදී සිඳුවූ අවිධිමත් බව නිසාම තමාට අවාසියක් වූ බවත්ය.
මෙමගින් රාජිත සේනාරත්න කියා සිටින්නේ අවිධිමත් ගණනය කිරීම් නිසා රත්තරන් නොහොත් රොහික අබේගුණවර්ධන පත් වී ඇති බවයි. මෙම පෙත්සමසාර්ථක වුවහොත් රත්තරන්ට ගෙදර යෑමට සිදු වනවා ඇත.
මෙම පෙත්සම (06) දින ප්‍රීති පද්මන් සූරසේන ,ජනක්ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂෟඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී විභාගයට ගැණිනි.