(Sri Lanka Brief/22.02.2025) පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ගනේමුල්ලේ සංජීවට අධිකරණය තුලදී වෙඩි තබව බවට බුද්ධි තොරතුරක් ලැබී තිබුණ බව පවසයි.
ඒ ගම්පහ අධිකරණයට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවෙහි දීය.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවරක් ලෙස ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර අන්තර් ජාලය හරහා ඔහු ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට දන්වා පියවර ගත් බවද ඔහු කියයි.
එවැනි තොරතුරක් ලැබී තිබියදී ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම ආරක්ෂා සහිත නොවන බව මේ පොලිස්පතිවරයාගේ ටිකිරි මොළයට වැටහී නැත.
එවැනි කාරණයක් තර්කානුකූලව තේරුම් ගැනීමට බැරි නම් පොලිස්පතිවරයා සිටිය යුත්තේ මොන්ටසෝරියකය.
එසේ නොවේ නම් ප්‍රශ්නය වන්නේ ඔහු ඝාතනය කිරීමට ඉඩ හැරීමට මෙම පියවර ගත්තේද යන්නයි.
මෙැවැනි අනතුරක් තිබූ බව දැන දැන කිසිදු ආරක්ෂක පියවරක් නොගත් මෙම පොලිස්පතිවරයා සමාන වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැන දැනත් ආරක්ෂක පියවර නොගත් පූජිත් ජයසුන්දර වැනි පොලිස්පති වර්ගයටය.
ජාජබ ආණ්ඩුව පත්කර ගෙන සිටින නිලධාරීන් පිළිබඳ සංකේතයක් ප්‍රියන්ත වීරසූරිය සපයයි.
ලංකාදීප පුවත්පතෙහි මේ කතාව වාර්තා කළ අන්දම පහත රෑපයෙන් දැක්වේ.
අසෝක ජයවර්ධන විසිනි.