(Sri Lanka Brief/ 22.02. 2025) අපරාධ වැළැක්වීමට විසඳුම පොලිසිය විසින් සිදු කරන ගැටුම් ඝාතන නොවේ. අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම අපරාධ සැලසුම් කරන අයට එරෙහි සාක්ෂි විනාශ කරයි. මෙම ඝාතනවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් අපරාධකරුවන් බවට පත් කරයි.
මෙම සිදුවීම් වසර ගණනාවකට පසු නැවත පැමිණෙන්නේ එම පොලිස් නිලධාරීන්වම හොල්මන් කිරීමටයි.
මෙවැනි සිදුවීම් සිදුවී වසර ගණනාවකට පසු පොලිස් නිලධාරීන්ට එරෙහිව උසාවිවලදී චෝදනා ගොනු කරනු ලබන අතර එමඟින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත විනාශ වන බව මා දැක ඇත.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍යය විසින් සිදු කරන ගැටුම් ඝාතන සහ අත්අඩංගුවේ පසුවන ගැටුම් ඝාතන හෙළා දැක තිබේ. කුමන රජයක් යටතේ වුවද අධිකරණමය නොවන ගැටුම් ඝාතනවලට අවසර නොදිය යුතුය. අපරාධවලට එරෙහිව සටන් කිරීම සාර්ථක වන්නේ නීතියේ ආධිපත්‍යය පිළිපැදීමෙන් පමණි.
මුහුණු පොතිනි.
මේ අතර අභිනවයෙන් නීතිඥ සංගමයේ ලේකම් වශයෙන් තේරී පත් වූ නීතිඥ රජීව් අමරසූරිය පවසන්නේ මෙවැනි අනීතික මරණ නීතියේ ආධිපත්‍යට අපහාසයක් බවයි. ඔහු සිය මුහුණු පොතෙහි ඉංග්‍රිසි බසින් තබන ලද සටහනක දළ සිංහල පරිවර්තනය පහත දැක්වේ.
“පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ඝාතනය කිරීම සිදු විය නොහැකි අතර සිදු නොවිය යුතුය. එවැනි මරණ නීතියේ ආධිපත්‍යයට අපහාසයක් වන අතර එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් ඇති කරයි.
2021/11/26 දින මගේ අත්සනින් BASL විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක මගින් මෙවැන ඝාතන හෙළා දකින ලදී. එම ඝාතනය සිදුවූයේ මගින් පූර්ව අනතුරු ඇඟවීමක් ද කර තිබියදිය.
අද (22) නීතිඥ මණ්ඩලයේදී මේ කාරණය විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර අවශ්‍ය පියවර ගනු ලැබේ.
රජීව් අමරසූරිය