( Sri Lanka Brief/21.02.2025) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 දී ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා රුපියල් මිලියන 50 ක් ලක්ෂ 500) වියදම් කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.
“හිටපු ජනාධිපති සිරිසේන මහතා මෙම සංචාරය සඳහා පුද්ගලයින් 77 දෙනෙකු රැගෙන ගොස් ඇති අතර, එයට එවකට ජනාධිපති ආර්යාව ඇතුළු අමාත්‍යවරුන් නව දෙනෙකු ඇතුළත් විය. නිල දූත පිරිසට සාමාජිකයින් 28 දෙනෙකු, ප්‍රොටෝකෝල් නිලධාරීන් දෙදෙනෙකු, ආරක්ෂක නිලධාරීන් 13 දෙනෙකු සහ මාධ්‍ය සේවකයින් 28 දෙනෙකු ඇතුළත් විය. මෙම සංචාරයේ මුළු වියදම රුපියල් මිලියන 50.4 කි” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“පෙබරවාරි 8 සහ 9 යන දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දින දෙකක නිල සංචාරයක් සඳහා සාමාජිකයින් 72 දෙනෙකු රැගෙන ගොස් ඇති අතර එහි මුළු වියදම රුපියල් මිලියන 9.5 කි. ( ලක්ෂ 95යි) නිල දූත පිරිස 12 දෙනෙකු වූ අතර තවත් 11 දෙනෙකු නිල දූත පිරිසෙන් වෙන්ව ගොස් තිබුණි. “එම සංචාරයේදී ජනාධිපතිවරයාට සහ ජනාධිපති ආර්යාවට ආරක්ෂාව සැපයීම සඳහා පැමිණ සිටි කාන්තාවන් පස් දෙනෙකු සහ මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ වෙනම ආරක්ෂක කණ්ඩායම් දෙකක් ද ගොස් තිබෙනවා,” ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
“මෙය විදේශ සංචාර ගණනාවකින් කිහිපයක් පමණයි,” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පාහේ විකිනිය කළ හැකි වාහන බලපත්‍ර ලබා දී ඇති බව ද ඔහු පැවසීය. ඉන් අදහස් වන්නේ අමතර ලක්ෂ 300ක් තරම් උපයා ගැනීමට මංත්‍රීවරුන්ට අවස්ථාව දී තිබූ බවයි.
මේ සියල්ල මහාජනයාගෙන් වක්‍ර ලෙස හ ඍජුව ලබා ගන්නා බදු මුදල්ය.
( තොරතුරු ඩේලි මිරර් අඩවියෙනි)