කාටූනය කෝ-පයිලට් නම් කෘතිම බුද්ධියෙනි.
(Sri Lanka Brief/21.02.2025) දෝශාභියෝගයක් ගෙන ඒමට පෙර ඉල්ලා අස්වන ලෙස ඇති වූ බලපෑම් හමුවේ ඉවත් වූ අභියාචනා විනිසුරු බන්දුල කරුනාරත්න වෙනුවට ජාතික ජන බලවේගයේ ප්‍රධානියකුගේ ඥාතිවරියක පත් කර ගැනීමට දැඩි තෙරපුමක් රජයේ ඉහළම තැන්වලට යොමු වෙමින් තිබේන බව වාර්තා වේ.
බන්දුල කරුණාරත්න විනිසුරුට ඉල්ලා අස්වීමට සිදු වූයේ ඩයනා ගමගේ නඩුව සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කල අනිසි අන්දම නිසාය.
දැන් එවැනි තවත් අනිසි බලපැමක් යෙදවමින් ඇත්තේ නියෝජය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානායක එම හිස් වූ අසුනට පත් කරවා ගැනීමටය.
මෙම තනතුර සඳහා ඇයට වඩා සුදුසු පුද්ගලයින් සිටින බව කණස්සල්ලට පත් නීති අංශ ප්‍රකාශ කරති.
මෙම බලපෑම ගෙන එනු ලබන්නේ නියේජ්‍ය ඇමතිවරයකු සහ මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත්වීම දිස්ත්‍රික් නායකයා විසින් වළක්වන ලද ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු විසින් යැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
එසේ වුව හොත් රාජපක්ෂ සමයේ මෙන් දැන හැදුනුම්කම් මත නඩු තීන්දුවීමට ඉඩ ඇතයි නීති අංශ බිය පළ කරති.
ජාතික ජන බලවේගයට උර දුන් යම්යම් පුද්ගලයින්ට දැනටමත් ප්‍රාදේශීය වශයෙන් නිසි ක්‍රියාපරිපාටියකින් තොරව දෙන ලද පත්වීම් ගැන වාර්තා වී තිබේ.
මෙම තත්වය උත්සන්න වුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායකට සිදුවනු ඇත්තේ ” අලි මදිවට හරක්’ වැනි කලබගෑනියක් යැයි තතුදත් පිරිස් සැක පළ කරති.
මේ අතර ගොසිප් ලංතා නිව්ස් වාර්තා කරන්නේ අග්‍රවිනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු මහත්මිය අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු හතර පිරවීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව, මහනුවර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර, කොළඹ මහාධිකරණ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු ප්‍රේම ශංකර් සහ කොළඹ සිවිල් මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
ඊට අමතරව, නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන ලක්මාලි කරුණානායක මහත්මීන්ගේ නම් ද මෙම පුරප්පාඩු පිරවීම සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.