ඡායාරූපය: අධ්‍යාපනයට 6% ඉල්ලා පා ගමන් ගිය හරින් අමරසූරිය දැන් එයට පිටුපස හරවයිද?
රජය අය-වැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 271ක් වෙන් කරද්දී ආරක්ෂාවට බිලියන 614ක් වෙන්කර ඇතැයි ද එය ජාතික ජන බලවේගය පොරොන්දු වූ අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි යැයිද ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන ලෙස පැවැති ආණ්ඩුවලට බල කළ ජාතික ජන බලවේගය යුද්ධයක් නැති අවස්ථාවක ආරක්ෂක වියදම් වැඩි කළේ ඇයි දැයි එම සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් ප්‍රශ්න කරයි.
ජවිපේ-ජාජබ ආණ්ඩුවේ පළමු අයවැය ද පෙර පරිදිම ආරක්ෂක අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යාංශයට වඩා අරමුදල්් වෙන් කර තිබේ. ආරක්ෂන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 76කි. අධ්‍යාපන ප්‍රාග්ධන වියදම බිලියන 65කි.
වර්ථමාන අගමැතිනිය වන මරිනි අමරසූරිය ද අධ්‍යාපකය සඳහා සියයට 6ක් වෙන් කළ යුතු බවට මහ පාරේ උද්ඝෝෂනය කල අයෙකි.
අධ්‍යාපනයට 6%ක් වෙන්කරනු, 2025 අය-වැයෙන් 3%ක් කරනු මැයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද පසුගිය දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත් වූ අතර පොලිසිය ඊට එරෙහිව උසාවි නොයෝගයක් ලබා ගත්තේය.
ලංකා ගුරු සංගමය පවසන්නේ වැට් බදු ඉවත් කර පාසල් උපකරණ, නිල ඇඳුම්, පොත්පත් මිල අඩු කිරීම ද කළ යුතු බවයි.
( සටහන් වෙබ් අඩවියේ ලිපියක් ද ඇසුරිණි)