ටයර් ගෙන්වීම සීමා කිරීම, ගෝටා ටයිල් ගෙන්වීම තහනම් කිරීමේ දෙවැනි එක!
( Sri Lanak Brief/03.01.24) මේ අපේ වෙළද කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ නිල ෆේස් බුක් ගිනුමේ පලකරන ලද සටහනක් . එහි දැක්වෙන්නේ දේශිය ටයර් කර්මාන්තය රැක ගන්න ආනයන සීමා පැනවීමක් කළයුතුයි කියලා .
පලමු කාරණය මෙලෙස මෙවැනි කරුණු මාධ්‍යට නිරාවර්ණය වීමෙන් අනවශ්‍ය ඉල්ලුමක් ඇතිවෙලා ටයර් මිල අනවශ්‍ය ලෙස ඉහල යන්න පුළුවන්. මේක ඒකපාර්ශිකව ගන්න තීරණ විද්යාත්ම දත්ත විශ්ලේශනක් නොකොට වෙළදපල දත්ත දිහා බලන්නෙ නැතුව එක පාර්ශවයක් විසින් ඉදිරිපත් කරන කරුණු සලකලා බලලා තමා මෙවැනි තීන්දු තීරණ ගැනෙන්නේ .
පාරිභෝගිකයන් වෙනුවෙන් මොන පාර්ශවයන්ස කතා කලේ කරුණු ඉදිරිපත් කලේ. මතකද ටයිල් වලට වෙච්ච වැඩේ ගිය රජයත් දේශිය කර්මාන්තය නගා සිටුවනවා , ඩොලර් ආරක්ශාකරගන්න ඔනේ කියන ලේබල් එක ගහලා ආනයන තහනම් කරා එමගින් අතිවිශාල ඒකාධිකාරියක් හැදුවා .
මිනිස්සුන්ට රු 200 යට ගන්න තිබ්බ ටයිල් කැටේ 2000 කට ගන්න සිද්ද උනා . හැබැයි ටයිල් නිශ්පාදනයට අවශ්‍ය තාපය ලබාගන්නේ LP gas වලින් ඒක තනිකරම ආනයනික භාන්ඩයක . හැබැයි කවුරුත් ඒවලට යන ඩොලර් ගැන කතා කලේ නෑ අවසානයේදි ටයිල් මාෆියාවක් හදලා පාර්බෝගිකයා ගසෑකැමට ඉඩ හැරියා . ඒ ටයිල් සමාගම් ඒ කාලවකවානුවේදී දැවැන්ත ලාබ ලැබුවා ඒකෙන් ගොඩගියෙ සුලුතර පිරිසක් පමනයි .
දැනුත් සිද්ද වන්න යන්නෙ ඒකද?. මෙම් තීරණ වලින් ඇතිවෙන වෙළදපල ඒකාදීකාරිය විසින් කෘතිම හිගයක් ඇතිකිරීමට හැකි එමගින් මිල ඉතා ඉහල අගයකට ඔවුන්ට ගෙනයාමට හැකි මොකද මිනිස්සුන්ට තෝරාගැනීමක් නැති නීසා. මේය ඉතා නරක තීන්දුවක් වෙවි.
වෙළදපල තුළ ටයර් හිගයක් මතු වීමටත් නිශ්පාදනවල ප්‍රමිතිය බාල වීමටත් මෙය බලපානවා මොකද තරගයක් නැති තැනක ඔවුන් ප්‍රමිතිය ගැන තකන්නැති නිසා .
රජයක් විදියට තීන්දු තීරණ ගැනීමේදී මීටවඩා ක්‍රමවත් හා විද්‍යාත්මක දත්ත මත පදනම් වී කරනවනම් ඇතිවන අනවශ්‍ය ප්‍රතිවිපාක අවම කරගන්න පුළුවන් . හැම විටම පාරිභෝගිකයා ආරක්ශා කරගැනීමේ දෘෂ්ඨියෙන් ප්‍රශ්න දිහා බලන්න ඔනේ.
පරණ පාරවල් වල පරණ බස් එකේම අලුත් බොඩ් ලෑල්ලක් ගහගෙන ගියාට ඒ ගම අලුත් නව ගමනක් වෙන්නෑ . අපිට නැවත නැවතත් කියන්නෙ වෙළඳපලට අනවශ්‍ය අතපෙවීම් නතර කරන්න .
මිල අඩුකරන්න නම් සැපයුම හා තරගය වැඩිකරන්න නීති හදන්න දේශිය කර්මාන්ත නගා සිටුවන්න නම් ඔවුන් ලෝකයට විවෘත වෙන්න දෙන්න තරග කරන්න ඉඩ දෙන්න ඩොලර් හොයන්න නම් ටයර් අපනයනය සදහා වෙළඳපලවල් සොයා දෙන්න (G to G trade agreement ) අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීම පසෙකලා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරන්න.
Advocat plus X post. වචන Janath perera