බරපතල මූල්‍ය වංචා, මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමු වී ජනමාධ්‍ය වාර්තා කරයි.
එහි සඳහන් කර තිබුණේ, හිටපු රජය සමයේදී ඉල්ලා අස් කරගැනීමට කටයුතු කළ අල්ලස් නඩු නැවත කැඳවීමට මෙලෙස තීන්දු කර ඇති බවය.
එය අනුර කුමාර දිසානායක විසින් යළි යළි දෙන ලද පොරොන්දුවකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රියංකර ජයරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව පැනවූ අල්ලස් නඩු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස් කරගෙන ඇත.
ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි නඩුත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුත් ඉල්ලා අස් කරගෙන තිබුණි. ඊට අමතරව නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන ඇමතිවරුන්ට එරෙහි නඩුත් ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණේ, තාක්ෂණික හේතු සඳහන් කරමිනි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු 13ක් ඒ අතර පවතී.
මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීමට පසුගිය රජය සමයේ කටයුතු කළේ, ඉතාම සූක්ෂම උපක්‍රමයක් අනුගමනය කරමිනි. යහපාලන ආණ්ඩුව සමයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සිටි කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැතිව, නඩු ගොනු කිරීමට කටයුතු කර තිබුණු අතර පසුව එසේ තිදෙනාම අත්සන් නොකළ බව කියමින් නඩු ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව, නඩු නිදහස් කරගැනීමට නිලධාරී කණ්ඩායම් සූක්ෂම ලෙස කටයුතු කර තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා, ඔවුන්ගේ වංචා දූෂණවලට දඬුවම් කරන බව පොරොන්දු වෙමින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව සමයේදී මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම තුළින් ආණ්ඩු මාරු වුණත් පාලන කටයුතු සිදු කරන්නේ එකම දූෂිත, චෞර පාලක පැලැන්තියක් විසින් බව මැනවින් පෙනී ගොස් තිබුණි. මේ තත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස දැඩිව විවේචනය කර තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සති දෙකකට ඉහතදී ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම මොහොතේ මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම පිළිබඳ දැඩිව ප්‍රශ්න කිරීමට ලක් කර තිබුණි. එම පසුබිමේ නඩු නැවත කැඳවීමට කටයුතු කර ඇත.
මෙලෙස ඉල්ලා අස් කරගත් නඩු අංක පහත දැක්වේ.
රාජපක්ෂ පවුල
ගෝඨාභය රාජපක්ෂ
නඩු අංකය: BC/902/15A – වත්කම් නඩුව
මහින්ද රාජපක්ෂ
නඩු අංකය: BC/2992/15 – වත්කම් නඩුව
බැසිල් රාජපක්ෂ
නඩු අංකය: BC/902/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/837/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/637/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/1769/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/289/15 – පොදු දේපළ අනිසි ලෙස භාවිතා කිරීම
නාමල් රාජපක්ෂ
නඩු අංකය: BC/1253/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/3130/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/1614/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/462/16 – වත්කම් නඩුව
යෝෂිත රාජපක්ෂ
නඩු අංකය: BC/1811/16 – වත්කම් නඩුව
නඩු අංකය: BC/C/2160/16 – අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳීම
වෙනත් දේශපාලනඥයින් සහ නිලධාරීන්
ප්‍රියංකර ජයරත්න (හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය)
නඩු අංකය: BC/438/16 – දූෂණ නඩුව
නඩු අංකය: BC/1586/15 – ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට එරෙහි දූෂණ නඩුව
දම්මික පෙරේරා (හිටපු ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය)
නඩු අංකය: BC/2591/15 – දූෂණ නඩුව
කෙහෙළිය රඹුක්වැල්ල
නඩු අංකය: BC/41/15D – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාළ දූෂණ නඩුව
නඩු අංකය: BC/1456/12 – මුද්‍රණ සංස්ථාවට අදාළ නඩු දොළහ
නඩු අංකය: BC/41/15 – දූෂණ නඩුව (වැදගත් ලියකියවිලි අස්ථානගත වී ඇත)
රෝහිත අබේගුණවර්ධන
නඩු අංකය: BC/144/05 – වත්කම් නඩුව
මහින්දානන්ද අලුත්ගමගේ
නඩු අංකය: BC/2399/15 – කැරම් මණ්ඩල දූෂණ නඩුව
නිසංක සේනාධිපති
නඩු අංකය: BC/2051/16 – අල්ලස් හා දූෂණ නඩුව
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රුපියල් මිලියන 35 ක අල්ලසක් ලබා දීම සම්බන්ධ නඩුව
මේජර් ජෙනරාල් විජේගුණවර්ධන
නඩු අංකය: BC/0290/17 – තක්සේරු නිලධාරීන් සම්බන්ධ දූෂණ නඩුව
භාෂ්වර සේනාංක සහ රූමි ජවුෆර්
නඩු අංකය: BC/11/15 – ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට අදාළ දූෂණ නඩුව
අතිරේක නඩු ඉල්ලා අස්කර ගන්නා ලදී
ජොන්ස්ටන් ප්‍රනාන්දු
නඩු අංකය: BC/716/15 – දූෂණ නඩුව