Saturday, December 21, 2024

ජාජබ කෙරෙහි බලාපොරොත්තු තැබූ  පරිසරවේදීන් කණගාටුවෙන්!දේශපාලනඥයින් සහ නිලධාරීන් අනිසි ලෙස බලය අතට ගෙන වනසනවා!

අනුර කුමාර දිසානායන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට පත්වූ පසු මෙවැනි අසංවිධානාත්මක හැසිරීමක් පරිසරය සම්බන්ධයෙන් ඇති නොවන බවට පරිසර ප්‍රතිපත්තිය එළි දක්වන ලද දිනයේ දී ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන ලද බවත්  එවකට පැවැති රජයන්වලින් නොතිබූ දේශපාලනික සහයෝගය සහ උවමනාව පරිසර කටයුතුවලට ලබා දෙන බවට  පැහැදිලිව ප්‍රකාශ කරන ලද බවත් පෙන්වා දෙන පරිසර යුක්ති කේන්ද්‍රය ඒ පිළිබඳව විශ්වාසය තැබූ පරිසරවේදීන් හට මේ වටර්තමානයේ ඔබගේ පාලන තන්ත්‍රය යටතේ සිදු කරමින් පවතින අවිද්‍යාත්මක වනජීවී කලමනාකරණය පිලිබදව පවතින්නේ දැඩි කණගාටුවක් බව ප්‍රකාශ කරයි..

ජනාධිපතිවරයා වෙත යවන ලද එම ලිපිය පහත දැක්වේ.

2024.12.17

ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ – 01
ගරු ජනාධිපතිතුමනි,
අවිධිමත් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල සිදු කරන වනසතුන්ට හානි කරන ක්රියා වහාම නතර කර විද්යාත්මක ක්රමවේදයක් අනුගමනය කරන ලෙස කරන ඉල්ලීමයි
මේ දිනවල රට පුරා වනජීවීන් හා ගොවි ජනතාව අතර මතුව තිබෙන ගැටළුව පිළිබඳව ඔබගේ අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරමු. එම ගැටලුව හදිසියේ උද්ගත වූවක් නොව කාලයක් තිස්සේ මිනිසා විසින් පරිසරය අසමතුලිතතාවයට පත් කිරීම නිසා ඇතිකර ගත්තාවූ ගැටළුවක් බවට ඔබ හොඳාකාරවම වටහාගෙන ඇති බවත් අපි විශ්වාස කරමු.
එසේ වුවද, වර්තමාන රජයේ ඇතැම් පුද්ගලයින්ගේ හා වර්තමාන රජයට සම්බන්ධ අයගේ අනුදැනුම ඇතිව බිහිව ඇතැයි සිතෙන ඇතැම් සංවිධානවල මෙහෙයවීම යටතේ නොයෙකුත් ස්ථානවල උද්ඝෝෂණය පැවැත්වෙන බවත්, එම උද්ඝෝෂණය දඩමීමා කරගෙන දිස්ත්රික් ලේකම්වරු හා ප්රාදේශීය ලේකම්වරු මූලික කරගෙන ඒ ඒ ප්රදේශවල සිටින වර්තමාන රජයේ දේශපාලකයන් හා ආධාරකරුවන් අලින් පලවා හැරීම, රිලවුන් ඇල්ලීම ඇතුළු නොයෙකුත් අසංවිධානාත්මක හා අවිද්යාත්මක ක්රියාකාරකම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුමක් නොමැතිව සිදුකිරීමට කටයුතු කරන බව අපට මේ වන විට ඉතාමත් පැහැදිලිව දකින්නට ලැබේ.
මේ හරහා මෙම සතුන් හා මිනිසුන්ද මරණයට පත්වීමට බොහෝ ඉඩකඩක් ලැබේ. තවද, එලෙස අලි පලවාහරින ඉඩම් වානිජ අරමුණු සදහා ජනතාවට ලබාදීමට ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති බවද අසන්නට ලැබින.
මෙම තත්ත්වයන් ඔබ ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්කල ජාතික පරිසර ප්රතිපත්තියට එරෙහිව කටයුතු කිරීමක් බවට සක්සුදක්සේ පැහැදිලිය. එබැවින් මෙම තත්ත්වය පිළිබඳව ඔබගේ අවධානය වහාම යොමුකර මෙම සතුන්ට ජීවත්වීමට ඇති අයිතිය ස්ථාපිත කර, සතුන් නිසා ගොවි ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති ගැටළුව පිළිබඳව විද්යාත්මක සහ අදාල බලයලත් ආයතන සහ විද්වතුන්ගේ උපදෙස් මෙන්ම පරිසර ක්රියාකාරිකයන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කටයුතු කරන මෙන් ඔබ ඇතුලු වර්තමාන රජයේ සියලුම වගකිවයුත්තන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

දේශපාලනඥයින් බලය අතට අරං

වර්තමානයේ සිදුවන මෙම වනජීවීන් ඇල්ලීමේ කටයුතුවලට සුදුසුකම් නොලත් පශූ වෛද්යවරුන් ඇතුළු කණ්ඩායම් වල සම්බන්ධයක් ඇති බව අපට තොරතුරු ලැබී ඇත. ලැබී ඇත. තවද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ අනුදැනුමක් නොමැතිව ප්රාදේශීය වශයෙන් සිටින වනජීවී නිලධාරීන් එලෙස අලි පැන්නීමේ කටයුතු වලට සහයෝගය ලබා දීමටකටයුතු කරන බවත් අපට දැනගන්නට ලැබී ඇත.මෙලෙස නීතිවිරෝධී ලෙස වනජීවීන් කළමනාකරණය දිරිමත් කිරීම ඉතා අනුවන ක්රියාවක් බව අප විශ්වාස කරමු.
තවද, ඔබ ප්රමුඛ රජය බලයට පත්වූ පසු මෙවැනි අසංවිධානාත්මක හැසිරීමක් පරිසරය සම්බන්ධයෙන් ඇති නොවන බවට ඔබ විසින් පරිසර ප්රතිපත්තිය එළි දක්වන ලද දිනයේ දී ඉතා පැහැදිලිව ප්රකාශ කරන ලදී. තවද, එවකට පැවැති රජයන්වලින් නොතිබූ දේශපාලනික සහයෝගය සහ උවමනාව පරිසර කටයුතුවලට ලබා දෙන බවට ඔබ විසින් පැහැදිලිව ප්රකාශ කරන ලදී. එබැවින් ඒ පිළිබඳව විශ්වාසය තැබූ පරිසරවේදීන් වන අපට මේ වටර්තමානයේ ඔබගේ පාලන තන්ත්රය යටතේ සිදු කරමින් පවතින අවිද්යාත්මක වනජීවී කලමනාකරණය පිලිබදව පවතින්නේ දැඩි කණගාටුවකි.
මෙම කටයුතු වලදී කෘෂිකර්ම හා පරිසර අමාත්යාංශ අතර සම්බන්ධීකරණයක් සිදුවන බවක් හෝ වනජීවී සම්බන්ධ බලයලත් ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණයක් සිදුවන බවක් පෙනෙන්නට නැත. එබැවින්, ඒ කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපති කාර්යාලයට අනුබද්ධ කමිටුවක් ස්ථාපිත කොට මේ සියල්ලම නිවැරදි ආකාරයට හා විද්යාත්මක ආකාරයට සිදුකරන්නට ඔබගෙන් අප නැවත වතාවක් කාරුණිකව ඉල්ලා සිටින අතර, මේ වන විට සිදුකරන්නට යන යම් අලි එලවීම් කීපයක් ඔබගේ අවධානය සඳහා පහතින් සඳහන් කරමු.

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයෙන් අලි පන්නනවා

ඔබ හොඳාකාරවම දන්නා පරිදි වල්සපුගල අවට ඇති හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය අලින් වෙනුවෙන් වෙන් කරන ලද භූමියකි. එය ගොවීන්ගේ ඉල්ලීමකි. එය හෙක්ටයාර තිස් දහසක් (හෙ. 30,000) පමණ වියයුතු වූවත්, එවකට පැවැති රජයේ දේශපාලකයන්ට විවිධ කටයුතුවලට ඉඩම් ලබාදීම නිසා ගැසට් පත්රයේ පළ කරනු ලැබුවේ හෙක්ටයාර විසි තුන් දහස් හත්සිය හතළිස් හයකට (හෙ.23,746) ආසන්න භූමියක් පමණි. මෙය නිවැරදි කර ගැනීම සඳහා සහ එයට කළමනාකරණ සැලැස්මක් ඉල්ලා අප ආයතනය එනම් පරිසරය යුක්ති කේන්ද්රය ප්රදේශවාසීන්ගේ නමින් මේ වන විට ශ්රේෂ්ඨාධිකරණයට අංක SCFR 301/24 සහිතව නඩුවක් ගොනුකොට ඇත.
තත්ත්වය එසේ තිබියදී හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ අලින් උඩවලවට වනෝද්යානයට පන්නා දැමීම සඳහා ප්රදේශයේ රාජ්ය නිලධාරීන්ට බලකරමින් ප්රදේශයේ දේශපාලන බලවතුන් හා හිතවතුන් ජනතාව උසිගන්වමින් කටයුතු කරන බව දැනගන්නට ලැබී ඇත. අලින්ට ලබා දී ඇති රක්ෂිතයෙන් අලි පන්නා දැමීම ඔබ ප්රමුඛ රජය විසින් සිදු කරන්නේ නම් එය වැරදි සහ ඔබගේ පරිසර ප්රතිපත්තියට එරෙහි වීමක් බව ඔබගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.
තවද,අලින් අධික ලෙස ගැවසෙන පොළොන්නරුව ත්රිකෝණමඩු වනාන්තරය ආශ්රිත ප්රේරණ කලාපය විවිධ ව්යාපාරික කටයුතු උදෙසා හෙලි පෙහෙලි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්රය විසින් CA WRIT 186/23 නඩු අංක යටතේ නඩුවක් ගොනු කර තහනම් නියෝගයක් දී ඇතත්, අධිකරණ නියෝග නොතකමින් වන විනාශය දිගින් දිගටම සිදුකරමින් පවතී.

කැකිරාවේත් අනිසි ක්‍රියා

මීට අමතරව පසුගියදා කැකිරාව ප්රදේශයේ අලින් පන්නා දැමීමට කටයුතු කර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව බව අප වෙත දැනගන්නට ලැබී ඇත. මෙලෙස අලිපන්නා දැමීම අවිද්යාත්මක සහ නිසි බලධාරියාගේ අනුදැනුමකින් තොරව සිදුකිරීම නීති විරෝධී කටයුත්තක් බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
තවද මේ වනවිට පුත්තලම ප්රදේශයේ එවැනි අලි එලවා දැමීමක් යෝජනා කොට ඇති අතර, ගල්ගමුව සිටින අලින් විල්පත්තුව වෙත පන්නා දැමීමට කටයුතු කරන බව දැන ගන්නට ලැබී ඇත. එම අලින් සිටින භූමිය විශාල වශයෙන් ගල්ගමුවෙහි පිහිටි නාකොලගනේ රජමහා විහාරය විසින් නින්දගමක් ලෙස පවත්වාගෙන යන්නේ යැයි කියමින් අඹ වැවීම හා සූර්ය පැනල සවිකිරීම සඳහා අක්කර හාරදහසකට (අක්. 4,000) වැඩි භූමියක් එම පන්සල විසින් ව්යාපාරිකයන්ට ලබාදීමට එරෙහිව හා විවිධ ස්ථානවලින් අනවසර විදුලි වැටවල් එළි කිරීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ මේ වන විට SCFR 351/22 නඩු අංකය යටතේ නඩුවක් ගොනුකොට උසාවියෙන් තහනම් නියෝගයක් ලබා දී ඇත. එම වනාන්තර ඉඩම් වනජිවින්ගේ නිජභූමි ලෙස පැවති භූමි වන හෙයින් එම භූමින්ගෙන් අලි ඇතුන් පන්නා දැමීම සුදුසු ක්රියාවක් ලෙස අප විශ්වාස නොකරමු.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියූ දේ කරන්න

ඔබ රජය විසින් ඉදිරිපත් කොට ඇති පරිසර ප්රතිපත්තියේ, මිනිසුන් විසින් අනවසරයෙන් අල්ලා ගෙන ඇති අලි කොරිඩෝ නැවත වතාවක් මිනිසුන් ඉවත් කොට, වනසතුන්ගේ පරිහරණය සඳහා යොදවා දෙන බවට ඔබ විසින් දක්වා ඇත. එවන් පසුබිමක් යටතේ රජය විසින් සිදුකළ යුතු වන්නේ අසංවිධානාත්මක, අවිද්යාත්මක, ආවේගශීලී එමෙන්ම ප්රාදේශීය දේශපාලකයන්ගේ සහ ආධාරකරුවන්ගේ අනුදැනුමෙන් හතු පිපෙන්නා සේ මතුවෙන විවිධ සංවිධානවලින් කෙරෙන ඝෝෂාවන්ට නොරැවටී ඔබගේ ප්රතිපත්තිය පිළිබඳව දැනුම ඇති රාජ්ය නිලධාරීන්ගේ අනුදැනුම ද සහිතව සමාජයේ සිටින අනෙකුත් විද්වතුන්, පිලිගතහැකි සංවිධාන හා වෙනත් පුද්ගලයන්ගේ එකඟතා සහිතව සැකසෙන සැලසුමක් ඔස්සේ ක්රියාත්මක කරවීම බව අපගේ විශ්වාසයයි. කෙටිකාලීනව දේශපාලන අවශ්යතා වෙනුවෙන් මෙම ගැටලුව විසඳීමට උත්සාහ කිරීමේ දී ඔබ රජය මෙම ප්රශ්නය තවදුරටත් විසඳිය නොහැකි තත්ත්වයකට පත් කිරීමට දායක වනවා නොඅනුමානය.
තවදුරටත් වර්තමාන කෘෂිකර්මාන්තය අකාර්යක්ෂම සහ නවීන තාක්ෂණය මත ගොඩ නොනැගුණු ගොවියන්ගේ පාරම්පරික දැනුම මත පමණක් පිහිටා ඇති කෘෂිකර්මාන්තයකිි. ඒ සඳහා විශාල ඉඩම් ප්රමාණයක් භාවිතා කරන අතර ගොවීන්, විශේෂයෙන් ඉඩම් අක්කර විශාල ප්රමාණයක අයිතිය පවත්වාගෙන යන දේශපාලනයට සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විසින් අකාර්යක්ෂම ගොවිතැන සඳහා විශාල වනාන්තර ප්රමාණයක් හෙලිකොට ඇත. එවැනි අකාර්යක්ෂම ගොවිතැනක් වෙනුවට නවීන කෘෂිකර්මාන්තයෙහි සහ තිරසාරි ඝනත්ව ගොවිතැනක් නිර්මාණය කර ගැනීම හරහා කටයුතු කලහොත් අනවසරයෙන් හෙළි කළ වනාන්තර විශාල ප්රමාණයක් අලින්ගේ සහ වෙනත් වනසතුන්ගේ පරිහරණයට සැපයීම හරහා වනජීවී – මිනිස් ගැටුමට බොහෝ දුරටත් විසඳුමක් සොයාගත හැකිවනු ඇත.

රිලා ප්‍රශ්නයට විසදුම් වාර්තාවක්

තවද, 2022 වසරේදී සිටි කෘෂිකර්ම / පරිසර ඇමතිවරයා විසින් රිලවුන් චීනයට පැටවීමට උත්සාහ කරන ලද අවස්ථාවේ දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ (HARTI) පැවැති වැඩමුළුවකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරුන් විශාල පිරිසක්, විද්වතුන් සහ පරිසරවේදීන් එක්ව වනසතුන් හා මිනිස් ගැටුම අඩුකිරීමට යෝජනා මාලාවක් සකස් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් වන ලියවිල්ලක් මේ සමග ඔබගේ සලකා බැලීම සඳහා ලබා දෙමි. ඔබ රජයට මෙම යෝජනා හොඳ ආරම්භයක් වනු ඇත.

අලි-මිනිස් ගැටුම අවසන් කිරීමට විද්වත් යෝජනා

තවද, 2018 වසරේ දී හබරණ ප්රදේශයේ අලින් හත් දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් පැවති CA WRIT 26/20 දරණ නඩුවේදී අභියාචනාධිකරණය විසින් විසින් පරිසර යුක්ති කේන්ද්රයෙන් කළ ඉල්ලීමකට අනුව, තුන්දාස් පන්සියයකට ආසන්නයේ විද්වතුන්, ගම්වාසීන්, රජයේ නිලධාරීන් හා වෙනත් පුද්ගලයන්ගේ අදහස් සහිතව අලි මිනිස් ගැටුම අවම කිරීමට පරිසර යුක්ති කේන්ද්රය විසින් සිදු කරන ලද යෝජනා පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව කළ යෝජනා ද එකතු කොට ගරු අධිකරණයට ඉදිරිපත් කල අලි – මිනිස් ගැටුම අවම කිරීමට කළ යෝජනා ද මේ සමඟ ඔබගේ අවධානයට යොමු කරමු.
එබැවින් මේ සම්බන්ධව ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා ලෙස ඔබ විසින් ඉහළ පෙලේ සාකච්ඡාවක් කැඳවන ලෙසද, පරිසරවේදීන් හා විද්වතුන් ඇතුළු වෙනත් කණ්ඩායම් සමග සාකච්ඡා කොට සියලුම අදාල රජයේ ආයතන සම්බන්ධ කරගෙන, මේ සඳහා එකඟත්වයකට පත්කොට සැකසෙන වැඩපිළිවෙළකට අඩිතාලම යොදන ලෙසත්, එතෙක් අසංවිධානාත්මක ලෙස දිවයිනේ විවිධ ස්ථානවල අවිධිමත් ලෙස සිදු කරමින් පවතින කරන අලි එලවීම්, රිලවුන් ඇල්ලීම් සහ අලි ඇතුන් ඇතුලු අනෙකුත් වනසතුන්ට හානි කරන ක්රියා සියල්ල වහාම නතර කරන ලෙසත්, පරිසර යුක්තිය වෙනුවෙන් හා මහජන සුභසාධනය වෙනුවෙන් වසර විස්සකට වැඩි කාලයක් කටයුතු කළ ආයතනයක් ලෙස පරිසර යුක්ති කේන්ද්රය ඔබතුමාගෙන් ඉතා කාරුණික ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසී,
හේමන්ත විතානගේ
සභාපති, පරිසර යුක්ති කේන්ද්රය
පිටපත් :

ගරු අග්රාමාත්ය සහ අධ්යාපන , උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය

ගරු කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත

ගරු පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි

ගරු වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න

ගරු විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක

පරිසර අමාත්යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල

Archive

Latest news

Related news