කථානායකවරයාගේ ආචාර්ය උපාධිය ගිනි ගැනීමෙන් අකුදි ආණ්ඩුව රත්වෙයි!
කථානායක රංවල මහතාට “ආචාර්ය” යන මාතෘකාව ව්‍යාජ ලෙස භාවිත කළ බවට විපක්ෂයේ පක්ෂ චෝදනා කිරීමත් සමඟ ඔහුගේ සුදුසුකම් පිළිබඳ මතභේදය ගිනි ගත්තේය. පාර්ලිමේන්තු වෙබ් අඩවිය මුලදී ඔහුව “ආචාර්‍ය අශෝක සපුමල් රන්වල” ලෙස ලැයිස්තුගත කර තිබුණද, මෙම සතියේ එම තනතුර රහසේම ඉවත් කර තිබේ.
දූෂණ විරෝධී ප්‍රතිඥාවන් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කිරීමත් සමඟ විනිවිදභාවය සහ සදාචාරාත්මක පාලනය සඳහා රජයේ කැපවීම පිළිබඳ විවාදය තීව්‍ර වී තිබේ.
මෙම විවාදය පෙන්නුම් කරන්නේ ජවිපෙ ප්‍රබල වෘත්තීය සමිති නායකයකු වන රංවල ජනතාව පමණක් නොව ජවිපෙ නායකත්වයද කඩේ යවා ඇති බවයි. යහපත් මිනිසුන් මගින් රට ගොඩ නඟන බවට ජනාධිපති අනුර කුමාර දිගින් දිගටම කළ ප්‍රකාශය මෙම ව්‍යාජ ආචාර්‍ය උපාධිය මගින් ප්‍රශණයට ලත් කරයි.
යහපත් මිනිසුන්ට වඩා වටින්නේ සහ තාරසාර වන්නේ යහපත් ක්‍රම විධි බව ලෝකය පුරාම මෙවැනි අත්දැකීම් මගින් පෙන්වා දි තිබේ.
තම අධ්‍යයන සුදුසුකම් සනාථ කරන ලෙස හෝ තනතුරෙන් ඉවත් වන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙන්ම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ද කථානායක අශෝක සපුමල් රන්වලගෙන් ප්‍රසිද්ධීයේ ඉල්ලා සිට තිබේ.
රන්වලගේ අක්තපත්‍ර පිළිබඳ මතභේදය ඔහුගේ LinkedIn පිටුව සහ විකිපීඩියා පිටුවෙහි මෑත වෙනස්කම් වලින් පසුව උග්‍ර විය. ඔහු ජපානයේ Waseda විශ්ව විද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති බව මුලින් ප්‍රකාශ කළේය. ආචාර්ය උපාධිය පිළිබඳ මෙම යොමු කිරීම් එතැන් සිට ඉවත් කර ඇත. LinkedIn පිටුව මීට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධියක් සහ BioGenic Green Technology Research Institute හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද දක්වා තිබුණි.
රංවල කථානායක ධූරයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුව විසින් පහත අක්තපත්‍ර සහිතව ඔහුව හඳුන්වා දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එහි දක්වා තිබෙන්නේ ඔහු ආචාර්‍යවරයකු ලෙසය.