(Sri Lanka Brief/06.12.2024)
⭕ 2024 දී, රනිල් වික්‍රමසිංහගේ රජය යටතේ, දේශපාලන සහයෝගය ලබා ගැනීම සඳහා මැතිවරණයට දින කිහිපයකට පෙර මත්පැන් බලපත්‍ර 80 ක් දක්වා නිකුත් කරන ලදී. එම වසරේ මුළු බලපත්‍ර 172ක් ලබා දී ඇත.
⭕ එවකට මුදල් අමාත්‍යවරයා, ජනාධිපති අපේක්ෂකයෙකු ද, මෙම බලපත්‍ර නිකුත් කිරීමේදී අල්ලස් ගැනීම, සදාචාරය උල්ලංඝනය කිරීම් සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම යන චෝදනාවලට මුහුණ දෙයි.
⭕ බරපතල සදාචාරාත්මක ගැටළු මතු කරමින් 19 හැවිරිදි අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුට, ඥාතීන් සහ ප්රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු දේශපාලන හිතවතුන්ට බලපත්‍ර ලබා දෙන ලදී.
⭕ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඔවුන් ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වේදිකාවෙහි පෙනී සිටින කොන්දේසිය මත බලපත්‍ර පිරිනැමූ බව වාර්තා වේ. එම කොන්දේසි පිළිපැදීමට අපොහොසත් වූ විට ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලදී.
⭕ වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වූයේ අඹුසැමියන්ට, අමාත්‍යවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්ට සහ මත්පැන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකුට පවා බලපත්‍ර නිකුත් කර ඇති බවයි.
⭕ සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම බලපත්‍රවලින් ලැබෙන කොමිස් ගාස්තු දේශපාලන දූෂණ චෝදනා වන්ට ඉඩ දෙමින් බලගතු ඇමැතිවරුන්ට ලබා දී ඇති බවයි.
⭕ දේශපාලනඥයන් මෙම බලපත්‍ර හරහා කළු සල්ලි සුදු කළ බවට වාර්තා වී ඇති අතර, එක් බලපත්‍රයක් කිහිප වතාවක් නැවත අලෙවි කර ඇත: රුපියල් බිලියන2 කට, පසුව රුපියල් මිලයන 600කට සහ අවසානයේ රුපියල් මිලියන 10කට.
⭕ තීරණාත්මක ලියකියවිලි රඳවා තබා ගැනීම, දැනට කරගෙන යන විමර්ශනවලට සහ යුක්තිය ඉටුවීමට බාධා කිරීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වෙයි.
⭕ වත්මන් රජය මහජන විශ්වාසය යළි ස්ථාපිත කිරීම සහ වගවීම සහතික කිරීම සඳහා විමර්ශනය කිරීමට, නීති විරෝධී බලපත්‍ර අවලංගු කිරීමට සහ දැඩි නීති රාමු ක්‍රියාත්මක කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුය.
Numbers.lk @numberslka වෙතින් පරිවර්ථනය කරන ලදී.